Thu09202018

Last updateMon, 30 Jul 2018 10am

නවතම පුවත්

උතුරු කොරියාවේ ආර්ථිකයට අමෙරිකාවෙන් සහය

ලොවටම අනතුරක් වන න්‍යෂ්ටික කටයුතු මුළුමනින්ම නවත්තන්නේ නම් උතුරු කොරියාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීමට අමෙරිකාවේ සහය ලබා දෙන බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසයි.

ජනාධිපති ට‍්‍රම්ප් මේ බව උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට පවසා ඇති අතර කිම් ජෝන් උන් ඒ ගැන සතුට පළ කර ඇතැයි වාර්තා වේ. අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම් පේම් පසුගිය දා උතුරු කොරියාවේ සංචාරයක නියැලිණි. එහිදී ඔහු උතුරු කොරියා නායකයා හමුවී ට‍්‍රම්ප්ගේ මෙම යෝජනාව ඉදිරිපත් කළේ යැයි පැවසේ. න්‍යෂ්ටික වැඩසටහන නවතා දැමීමට උතුරු කොරියාවේ නායක කිම් ජෝන් උන් මේ වනවිට පියවර ගෙන තිබේ. ඒ දකුණු කොරියා ජනාධිපති මුන් ජේ. ඉන් හමුවී, යහපත් සබඳතා ඇති කර ගැනීමත් සමඟය. කිම් ජෝන් උන් පවසා ඇත්තේ උතුරු සහ දකුණු කොරියාව අයත් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි. තම න්‍යෂ්ටික අවි නිෂ්පාදන බලාගාරය වසා දමන බව පවසමින්, එය නිරීක්ෂණයට පැමිණෙන්නැයි උතුරු කොරියානු නායකයා අමෙරිකා නිරීක්ෂකයන්ට ඇරයුම් කර තිබේ. අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජෝන් උන් අතර හමුව ලබන ජුනි 12 වැනිදා සිදුවීමට නියමිතයි.