Tue04072020

Last updateSat, 22 Feb 2020 6pm

නවතම පුවත්

ඉල් පුර පසළොස්වක පොහොය අදයි

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදුත පිරිස පිටත් කර යැවු ඉල්පුර පසලොස්වක පොහොය අදයි. තුන්බෑ ජටිලයින් දමනය කිරීම සදහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම හා ඔවුන්ට අදිත්තපර්යාය සුත්‍රය දේශනා කිරීම සිදු වුයේ අද වැනි පොහෝ දිනකයි. මෛත්‍රි බෝධිසත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ ද ඉල් පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ දැක්වේ. සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ ද අද වැනි පොහෝ දිනකයි. පසුවස් පවාරණය කිරීම සහ කඨින පුජාව සිදු කළ හැකි අවසන් දිනය වශයෙන් ද ඉල් පොහොය වැදගත් වේ. කඨින චීවර මාසය අදින් අවසන් වේ. දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අද දිනයේ විවිධ පිංකම් පැවැත්වේ. ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය විසුරුවා හරින පෝදා ආගමික වැඩසටහන් බෙලිඅත්ත අරංවෙල පුරාණ විහාරස්ථානයේ සිට විසුරුවා හැරේ. ුපුජ්‍ය අරංවෙල ඉන්ද්‍රසාර ස්වාමි්න් වහන්සේගේ උපදෙස් පරිදි වැඩසටහන සංවිධාන කර තිබෙ.්
කතරගම ඉල්පෙරහර අද වීදි සංචාරය කරය.ි කැලනිය හිඹුටුවැල්ගොඩ චිත්ත අභ්‍යාස හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත් ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවයෙන් සජීවිව විසුරුවා හැරේ.