Wed11202019

Last updateWed, 20 Nov 2019 9am

නවතම පුවත්

2018 වසරේ ඇගලුම් කර්මාන්තයේ සියයට 4 ක වර්ධනයක්

2018 වසරේ ඇගලුම් කර්මාන්තය සියයට 4 ක වර්ධනයක් ලබා ගෙන ඇතැයි ඒකාබද්ධ ඇගලුම් සංසදය පවසයි.  එම වසරේ ඇගලුම් අපනයනයෙන් ලැබු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 කි.  මෙම වසර ඇගලුම් කර්මාන්තයට අභියෝගාත්මක වසරක් බව පෙන්වා දෙන එම සංසදය එම අභියෝග ජය ගනිමින් වර්ධන වේගය තවදුරටත් ඉහල නැංවීම අපේක්ෂාව බව සදහන් කරයි.  චීනය සහ ඉන්දියාව තුල ඇගලුම් වෙලෙදපොලේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබේ. මෙම තත්ත්වය ශ්‍රීී ලංකාවට හිතකර තත්ත්වයකි.  එම රටවල වෙලෙදපොල මෙරට ඇගලුම් කර්මාන්තයට විවෘත කර දෙන ලෙස රජයට යෝජනා ඉදිරිපත් කර ඇතැයි එම සංසදය සදහන් කරයි.

මෙරට විශාලතම දියර ගෑස් පර්යන්තය හම්බන්තොට වරාය ආශ්‍රිතව

මෙරට විශාලතම දියර ගෑස් පර්යන්තය හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකෙරේ.  ලාෆ් සමාගම වෙනුවෙන් චීන සමාගමක් එහි ඉදිකිරීම් සිදුකරයි.  මෙය ශ්‍රි ලංකා ආර්ථිකයට දැවැන්ත ආයෝජනයක් බව ලාෆ් ආයතනයේ සභාපති ආචාර්ය ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මහතා පවසයි.  ඉන්දිය සාගර කලාපයේ විශාලතම ගෑස් පර්යන්තය ද මෙය වනු ඇත.  එහි ගෑස් ඝන මිටර් හැටදහසක් ගබඩා කළ හැකිය.

ඉල් පුර පසළොස්වක පොහොය අදයි

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදුත පිරිස පිටත් කර යැවු ඉල්පුර පසලොස්වක පොහොය අදයි. තුන්බෑ ජටිලයින් දමනය කිරීම සදහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම හා ඔවුන්ට අදිත්තපර්යාය සුත්‍රය දේශනා කිරීම සිදු වුයේ අද වැනි පොහෝ දිනකයි. මෛත්‍රි බෝධිසත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ ද ඉල් පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ දැක්වේ. සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ ද අද වැනි පොහෝ දිනකයි. පසුවස් පවාරණය කිරීම සහ කඨින පුජාව සිදු කළ හැකි අවසන් දිනය වශයෙන් ද ඉල් පොහොය වැදගත් වේ. කඨින චීවර මාසය අදින් අවසන් වේ. දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අද දිනයේ විවිධ පිංකම් පැවැත්වේ. ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය විසුරුවා හරින පෝදා ආගමික වැඩසටහන් බෙලිඅත්ත අරංවෙල පුරාණ විහාරස්ථානයේ සිට විසුරුවා හැරේ. ුපුජ්‍ය අරංවෙල ඉන්ද්‍රසාර ස්වාමි්න් වහන්සේගේ උපදෙස් පරිදි වැඩසටහන සංවිධාන කර තිබෙ.්
කතරගම ඉල්පෙරහර අද වීදි සංචාරය කරය.ි කැලනිය හිඹුටුවැල්ගොඩ චිත්ත අභ්‍යාස හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත් ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවයෙන් සජීවිව විසුරුවා හැරේ.

සාමාන්‍ය පෙළ සිසුන්ගේ ප්‍රවේශ පත්‍රවල ගැටඵවක් ඇතොත් දැනුම් දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශපත්‍රවල යම් ගැටඵවක් වෙතෙත් කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සදහන් කළේ පසුගිය සිකුරාදා සිට විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමුකළ බවයි. ඒ සම්බන්ධව ඇති ගැටඵ 1911 ක්‍ෂණික දුරකථන අංකය ඇමතීමෙන් දැනුම්දිය හැකිය.
මේ අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අවශ්‍ය ජාතික හැදුනුම්පත් නිකුත් ිකිරීම මේ වනවිට අවසන් කර ඇති බවයි. මෙවර අලුතින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සදහා අයදුම්පත් තුන්ලක්ෂ අනුපන් දහසක් දෙපාර්තමේන්තුවට ලැබි තිබිණ. ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ වයස් සීමාව අවුරුදු 15 දක්වා අඩු කිරිම හේතුවෙන් ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. මේ දක්වා ජාතික හැඳුනුම්පත නොලද හෝ එහි කිසියම් වෙනසක් සිදු කළ යුතු අපේක්ෂකයෙකු සිටින්නේ නම් කඩිනමින් දෙපාර්තමේන්තුවට පැමිණ එය සකස් කර ගන්නැයි ගුණතිලක මහතා දැනුම් දෙයි. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ දින මෙවර ප්‍රකාශයට පත් නොකරන බවද ඔහු සදහන් කරයි.

අපොස උසස් පෙළ විභාග අපේක්ෂකයන්ට ප්‍රවේශ පත්‍ර ලබන සතියේ

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ට විභාග ප්‍රවේශපත්‍ර  ලබන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් බි සනත් පුජිත මහතා කියයි.   ලබන මස 06 වැනිදා ආරම්භ වන විභාගය අවසන් වන්නේ  සැප්තැම්බර්  01 වැනිදායි .විභාගයේ කාල සටහන දැන්  විභාග දෙපාර්තමේන්තුවේ  වෙබ් අඩවියේ පළවෙයි. මෙවර උසස් පෙළ විභාගයට අපේක්ෂකයෝ තුන්ලක්ෂ විසිඑක්දහස් හාරසිය  හැටනවදෙනෙක් පෙනි සිටිති. 

Read more...

පොසොන් සමයේ අනුරාධපුරය බලා යන සැදැහැවතුන් වෙනුවෙන් අමතර දුම්රිය සේවා

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර පුදබිමට යන සැදැහැවතුන්ගේ පහසුව උදෙසා අමතර දුම්රිය ධාවනයට එක්කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. ඒ අනුව හෙට අලුයම 3.30 ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය බලා විශේෂ දුම්රියක් ගමන් අරඹයි. හෙට අලුයම 5.00 ට මාතරින් ගමන් ආරම්භ කරන සාගරිකා දුම්රියද අනුරාධපුරය බලා ධාවනය වෙයි. එම දුම්රිය පෙරවරු 8.20 ට කොලඹ කොටුව දුම්රිය ස්ථානයට ලගාවීමට නියමිතයි. හෙට දහවල් 12.45 ට තවත් විශේෂ දුම්රියක් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය බලා ධාවනයට එක්කර තිබේ.
පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර පුදබිමට පැමිණෙන සැදැහැවතුන්ට පහසුකම් සැලසීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇතැයි අනුරාධපුර දිසාලේකම්වරයා කියයි. පොසොන් පොහොය දිනයේ ජයශ්‍රී මහ බෝසමිදුන් රුවන්මහසෑය. ප්‍රමුඛ අටමස්ථානයේ සැදැහැවතුන් විශාල වශයෙන් පෙහෙවස් සමාදන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මිහින්තලය. තන්තිරිමලේ. ඇතුඵ පුදබිම්වලටද සැදැහැවතුන් විශාල වශයෙන් පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ. දැනටමත් එම පුදබිම්වලට ජනතාව පැමිණෙමින් සිටිති.

ජාතික නාමල් උයන සංරක්ෂණ වැඩසටහන ඇරඹෙයි

ජාතික නාමල් උයන හා රෝස තිරුවානා කන්ද සංරක්ෂණ වැඩසටහනක් ඇරඹේ. මධ්‍යම සංස්කෘතික අරමුදල දායකත්වය සපයයි. එහි නිර්මාතෘ වනවාසි රාහුල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ සංචාරක කර්මාන්තයක්. දැව කෞතුකාගාරයක් හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කෙරෙන බවයි. සුවිශේෂි පාරසරික වැදගත්කමකින් යුතු ජාතික නාමල් උයන හා රෝස තිරුවානා කන්ද අනාගත පරපුරට ආරක්ෂා කර දිම අරමුණයි.

Read more...

උසස් වින්දනයක් සහිත සංගීත කලාවක් ශ්‍රාවකයන් වෙත ගෙන යාමට ගුවන් විදුලි සංස්ථාව සමත් වු බව ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසයි

 

රාජ්‍ය සංගීත සම්මාන උලෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙඵම් පොකුණ රගහලේ දී ඊයේ පැවැත්විණ.  උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව එය සංවිධාන කර තිබුණි.  එහිදී සංගීතවේදියෙකු සදහා ජීවිතයට එක් වරක් පිරිනමන යාවජීව සංගීතාභිමානි සම්මානයෙන් ප්‍රවීණ සංගීතවේදී දයාරත්න රණතුංග මහතා ජනාධිපතිතුමා වෙතින් සම්මාන ලබා ගත්තේය.  ඊට අමතරව ප්‍රශස්තම ගායනය සිංහල අංශයෙන් දුමාල් ජේ වර්ණකුලසුරිය හා දෙමළ අංශයේ විජකුමාර් නිරෝෂන් සම්මාන ලැබුහ.  ප්‍රශස්තම ගායනය සිංහල අංශයේ ගායිකාව ලෙස ඩබ්ලිව් ප්‍රියංගනී සහ දෙමළ අංශයේ ගායිකාව ලෙස වී රෝෂනිී ජනාධිපතිතුමා අතින් සම්මාන ලැබුහ.  සංගීත ක්‍ෂේත්‍රයේ විවිධ ඉසව් සදහා එහිදී සම්මාන පිරිනැමුනු අතර ඇමති විජයදාස රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක් විය.  සම්මාන උලෙල ඇමතු ඇමති විජයදාස රාජපක්ෂ මහතා සංගීතය ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් වන අතර අනිකුත් කලා ක්‍ෂේත්‍ර පෝෂණය සදහා සංගීතය අත්‍යවශ්‍ය බව පැවසීය.  උසස් වින්දනයක් සහිත සංගීත කලාවක් ශ්‍රාවකයන් වෙත ගෙන යාමට ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් තුලින් සිදු විය.  ගුවන් විදුලි මාධ්‍ය තුලින් එදා ඉගෙන ගත් කලාව වර්තමානයේ එෆ් එම් නාලිකා ව්‍යාප්තිය සමග විකෘති වී ඇති බවට සමාජය තුල සංවාදයක් පවතින බව ඇමතිවරයා කීවේය.  කලාවේ මෙම පරිහානිය නිවැරදි කිරීම සදහා රජයක් ලෙස අවශ්‍ය පියවර ගන්නා බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ලොව දැවැන්තම කාන්තා වික්‍රමාන්විත වැඩසටහනක් වන රේඩ් ඇමර්සන් වැඩසටහන මෙවර ශ්‍රි ලංකාවේදී

 

ලොව දැවැන්තම කාන්තා වික්‍රමාන්විත වැඩසටහනක් වන රේඩ් ඇමර්සන් වැඩසටහන මෙවර ශ්‍රි ලංකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිත පාසිකුඩා තොප්පිගල සහ කල්කුඩා යන ප්‍රදේශවලදි ඔක්තෝබර් මස 11 වැනි දින සිට 19 වැනිදා දක්වා පැවැත්වේ.  වසරක් පාසා විවිධ රටවල පැවැත්වෙන මෙම ජාත්‍යන්තර වැඩසටහනට කාන්තාවෝ් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් සහභාගි වෙති..  කුඩා කණ්ඩායම් වශයෙන් කණඩායම් රැසක් මෙහිදි දැවැන්ත ත්‍රාසජනක අත්දැකිම්වලට සහභාගිවෙති.  මෙරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමන සඳහා මෙම වැඩසටහනින් ශ්‍රි ලංකාවට විශාල වාසියක් ලැබෙනු ඇතැයි අමාත්‍ය ජොන් අමරතුංග මහතා අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. නේසන්ස් ඩී සෙලාන් ආයතනය සහ සංචාරක අමාත්‍යාංශය මෙම තරගාවලිය  සංවිධානය කරයි

චිත්‍රපට බෙදා හැරීම යළිත් සංස්ථාව යටතට

චිත්‍රපට බෙදාහැරීමේ බලතල සියල්ල ජාතික චිත්‍රපට සංස්ථාව යටතට ගැනේ. චිත්‍රපට බෙදාහැරීම වසර 18 ක් පැවතියේ සමාගම් 4 ක් යටතේය. කෙසේ වුවත් සිනමා කර්මාන්තයේ අර්බුද විසඳීම සඳහා ජනාධිපතිතුමා පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දි ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි කීවේය.
ඉකුත් කාලයේ පුද්ගලික ආයතන චිත්‍රපට බෙදාහැරීම තුලින් තමන්ට සාධාරණයක් ඉටු නොවු බව සිනමා ශාලා හිමියන් පැවසු බව සභාපතිවරයා තවදුරටත් කිවේය. මේ නිසා මෙරට තිබු 400 ක් පමණ වු සිනමා හල් සංඛ්‍යාව මේ වන විට 177 ක් දක්වා අඩුවි තිබේ. ප්‍රවීන චිත්‍රපට නඑ රවින්ද්‍ර රන්දෙණිය මහතා පැවසුවේ පුද්ගලික ආයතන චිත්‍රපට බෙදා හැරීම නිසා නිෂ්පාදකයා අසරණ වු බවයි. සංස්ථාවට සියයට 10 බැගින් ලබාගත හැකිව තිබු ආදායමක් ද අහිමිවි ගියේය.
සිනමාවට රටතුල වෙලඳපලක් සොයාගත යුතුව ඇතැයි ප්‍රවීන නිළි මාලනී ෆොන්සේකා මහත්මිය කීවාය.

කැළණි ගග ජල පාලන ව්‍යාපෘතිය

කැළණි ගග ජල පාලන ව්‍යාපෘතිය ලබන වසරෙ මැයි මාසයේදී ආරමභ කෙරෙ ඒ යටතේ ගං මෝය දක්වා කිලෝ මීටර් 47 ක ප‍්‍රමාණයක ගග දෙපස ආරක්ෂක බැමි ඉදිකිරීමට නියමිතයි’ ඊට සමගාමීව නව ජලාශ දෙකක්ද ඉදිවන බව වාරිමාර්ග දෙපාර්තමෙන්තුවෙ‘ ගග අද්දර කළමානාකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය පවසයි ව්‍යාපෘතියට වැය කෙරෙන සමපූරණ් මුදල ලෝක බැංකුව සපයයි ව්‍යපෘතිය 2025 වසරෙදී නිමාවට පත්කිරීමට අපේක්ෂිතයි මෙමගින් ගංවතුරින් සිදුවන හානි සමපූර්ණයෙන් පාලනය වන අතර ගග දෙපස පවුල් පන් ලක්ෂයකට සෙත සැලසේ’

ඉදිරි මාස 18 තුළ ග්‍රාමීය මට්ටමින් දැවැන්ත සංවර්ධනයක්

 

ඉදිරි මාස 18 තුළ ග්‍රාමීය මට්ටමින් දැවැන්ත සංවර්ධනයක් ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ඒ සදහා රජය රුපියල් කෝටි අටදහසක මුදලක් වෙන්කර තිබේ. අලුතින් බදවා ගත් ග්‍රාම නිලධාරීන් 1650 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් අගමැතිවරයා ඒ බව සදහන් කළේය. එම සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කරගැනීම සදහා කැපවී ක්‍රියාකරන්නැයි සියඵම ඇමතිවරුන්ට උපදෙස් දී ඇතැයිද අගමැතිවරයා පැවසීය.

ඇමති වජිර අබේවර්ධන මහතා පැවසුවේ තවත් ග්‍රාම නිලධාරීන් 500 දෙනෙක් ඉදිරියේදී බදවා ගන්නා බවයි. ග්‍රාම නිලධාරීන් සදහා සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම දැන් සිදුවෙයි.
රජයේ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට ග්‍රාම නිලධාරින්ගේ සහාය ලැබිය යුතු බව නියෝජ්‍ය ඇමති ජේ. සී. අලවතුවල මහතා එහිදී පැවසීය

ගැටුම්වලට තුඩු දෙන ගීත වීඩියෝ ඉවත් කිරිමට යූ ටියුබ් ක්‍රියා කරයි

ගැටුම්වලට තුඩු දෙන ගීත වීඩියෝ තම වෙබ් අඩවියෙන් ඉවත්කිරීමට යූ ටියුබ් ආයතනය ක්‍රියා කරයි.  ඒ අනුව කඩිනමින් එවැනි වීඩියෝ 30 ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.  බ්‍රිතාන්‍ය පොලිස් කොමසාරිස් ක්‍රසිඩා ඩික් සඳහන් කලේ මෙම ඇතැම් වීඩියෝ රටතුල ගැටුම්. අපරාධ හා ඝාතන ඇතිකිරීමට වේගවත් පිටුවහලක් වී ඇති බවයි.

ජනමාධ්‍යවේදි පුහුණු පාඨමාලා සදහා ප්‍රදානය කෙරෙන මුල්‍යාධාරය රුපියල් ලක්ෂ 2 දක්වා වැඩි කෙරේ

 

ජනමාධ්‍යවේදින්ගේ වෘත්තියභාවය ඉහල නැංවිමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය වාර්ෂිකව ක්‍රියාත්මක කරන මාධ්‍යවේදි පුහුණු පාඨමාලා සදහා ප්‍රදානය කෙරෙන මුල්‍යාධාරය වැඩි කෙරේ. ඒ අනුව මෙතෙක් රුපියල් ලක්ෂයක්ව පැවැති මුල්‍යාධාරය රුපියල් ලක්ෂ 2 දක්වා වැඩි කිරිමට ජනමාධ්‍ය අමාත්‍යංශය තිරණය කර ඇත. මෙවර පාඨමාලාව සදහා ආපසු නොගෙවනු ලබන ශිෂ්‍යත්ව මුදල උපාධි හා පශ්චාත් උපාධිය වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ 2 ක් හා දිගුකාලින හා කෙටි කාලින සහතික පත්‍ර පාඨමාල සදහා උපරිමය රුපියල් ලක්ෂයක් ලෙස ලබාදෙයි. මේ සදහා අයදුම්පත් කැදවිම මේ වන විට ආරම්භ කර ඇත. වසර 3 ක සේවා කාලයක් සම්පුර්ණ කර ඇති දිවයිනේ පිලිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පුර්ණ කාලින හෝ අර්ධ කාලින පදනම මත සේවයේ නියැලී සිටින වයස අවුරුදු 18 ත් 55 ත් අතර මාධ්‍යවේදින්. නිදහස් මාධ්‍යවේදින් . ප්‍රාදේශිය මාධ්‍යවේදින් හා වෙබ් මාධ්‍යවේදින්ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට ඉල්ලුම් කල හැකිය. මේ සදහා යොමු කරන සියලුම අයදුම්පත් ජුලි මස 16 වැනිදාට හෝ ඊට පෙර අධ්‍යක්ෂ මාධ්‍ය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය. අංක 163. කිරුළපන මාවත. පොල්හේන්ගොඩ . කොළඹ 5 යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් යොමු කල යුතුය. ආදර්ශ අයදුම්පත් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් මිඩියා ඩොට් ජිඕවි ඩොට් එල් කේ. යන වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකිය

පාර්ලිමේන්තුවට ඔප්පුවක්

පාර්ලිමේන්තු සංකීර්ණයත් ඊට නුදුරින් පිහිටි කථානායක නිල නිවස අයත් භූමිභාගය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි නිල නිවාස සංකිර්ණය අයත් භූමි භාගය සඳහා නිසි පරිදි මායිම් සටහන් කර නූතන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සින්නක්කර ඔප්පු පිරිනැමිමට ඉඩම් සහ පාර්ලිමෙන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කරයි.  මෙතෙක් පාර්ලිමේන්තුවට ඔප්පුවක් නොතිබු බව හුවා දක්වන ආකාරයේ ප්‍රවෘත්ති ඇතැම් මාධ්‍යවල පලවී තිබේ.   එහෙත් 1982 අප්‍රේල් මස 29 වන දින සන්නසක් මගින් පාර්මේන්තු සංකිර්ණයට අයත් භූමි භාගය පවරා දි ඇති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.  වර්තමාන නීතිමය තත්ත්වයන්ට සමපාත වන ආකාරයන් සකස් කරන ලද සින්නක්කර ඔප්පුව පිරිනැමීම ලබන මස 05 වන දින පස්වරු 03.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුකෙරේ.

රට වෙනුවෙන් දිවිපිදු රණවරුවන් සිහිපත් කරමින් කැළණිය පුදබිමේ පැවති විශේෂ පහන් පුජාවට ජනපති එක්වෙයි

 

ජාතික රණවිරු සැමරුමට සමගාමිව ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධාන කළ විශේෂ පහන් පුජාවක් ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී ඊයේ රාත්‍රියේ පැවැත්වින.  ඊට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ද සහභාගි විය.   වසර 30 ක යුදමය වාතාවරණය අවසන් කරමින් රටට සාමය උදාකරදීමට යුද බිමේදී අභිත රණවිරුවෙකු ලෙසින් තම ජිවිතය පුජා කළ හා අතුරුදන්වු ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන් 23 දහස් 962 ක් . ශ්‍රී ලංකා නාවික රණවිරුවන් 1160 ක් . ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් 443 ක් . ශ්‍රී ලංකා පොලිසියේ 3118 ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 459 දෙනෙකු අනුස්මරණය කරමින් එක් රණවිරුවෙකු වෙනුවෙන් පහනක් බැගින් දල්වා මෙම විශේෂ පහන් පුජාව පැවැත්වින.  ජනාධිපතිතුමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි . ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුඵ ආරක්ෂක අංශවල ජ්‍යෙස්ඨ නිලධාරිහු හා රණවිරු පවුල්වල ඥාතිහු පහන් දැල්වීමට එක්වුහ

දේශය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට උපහාර

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීමට වසර 9ක් සපිරීම නිමිත්තෙන් පවත්වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පස්වරුවේදී පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකය අභියස පැවැත්වීමට නියමිතය.

Read more...

නිවාස ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට උපදෙස්

නිවාස අහිමි පවුල් සඳහා නිවාස ලබා දීමේ රජයේ වැඩපිළිවෙල කඩිනමින් ක‍්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ප‍්‍රතිලාභීන් හඳුනා ගැනීම කඩිනමින් සිදු කරන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සියළුම දිසාපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

Read more...

ගුවන් මගීන්ට දැනුම් දීමක්

නියමිත ගුවන් ගමන් වේලාවට පැය තුනකට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සියලූ ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read more...

අහිතකර කාළගුණ තත්ත්වයට රජය සූදානම්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය මේ වන විට ලංකාව උඩ පැවතීම නිසා ඒ ආශ‍්‍රිතව වළාකුළු වර්ධනය සීඝ‍්‍රව සිදුවෙයි. තවද නිරිත දිග මෝසම් තත්ත්වයට මේ වන විට ආරම්භ වෙමින් පවතින අතර බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් අතිවීමේ අවදානමක් ද ඇත.

Read more...

විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය ඊයේ සැමරිණි

ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය මැයි 17 (ඊයේ) වෙනිදාට යෙදී තිබිණ. ඒ වෙනුවෙන් ඊයේ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේ දී දෙදින වැඩමුළුවක් ආරම්භ විය.

Read more...