Wed11142018

Last updateWed, 14 Nov 2018 2pm

නවතම පුවත්

රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරම් මහත්මිය එල්ටීටීඊය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට පාර්ළිමේන්තුවේදී විරෝධය

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පක්‍ෂයක් ලෙස ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අගමැතිතුමා සමග සාකච්චා කරන බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. විජයකලා මහේෂ්වරම් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇති වු නොසන්සුන්වු කාරීත්වය නිසා අද සවස 2.30 ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු හෙට දක්වා කල් තැබිණි.