Sat09222018

Last updateMon, 30 Jul 2018 10am

නවතම පුවත්

ප්‍රවීණ රූපවාහිනි මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා මිය යයි

ප්‍රවීණ නිවේදකයෙකු හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වු හේමනලින් කරුණාරත්න මහතා නිවසේ කාමරයේ මියගොස් සිටියදී ඔහුගේ මෘත ශරීරය අද දහවල් සොයාගෙන ඇත.  නිවැසියන් ඊයේ රාත්‍රියේ සිටම දොර විවෘත නොකළ බැවින් අද දහවල් පරීක්ෂා කර බැලීමේ දී මෘත ශරීරය හමුවී තිබේ.  මාලඹේ මිල්ලගහවත්ත තුන්වන පටුමගේ පදිංචිව සිටි ඒ මහතාගේ මිය යාම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරයි.  මිය යන විට 55 හැවිරිදි වියේ පසුවු ඒ මහතා වඩාත් ජනප්‍රිය වුයේ ජාතික රූපවාහිනියේ 9.05 වැඩසටහනෙනි.  මින්දද හීසර සහ සංචාරේ යන ජනප්‍රිය රූපවාහිනි විශේෂාංගද ඔහුගේ විය.  පරිසර වැඩසටහන් සම්බන්ධයෙන් ද ඔහු විශේෂයෙන් අවධානය යොමු කළේය.