Tue12182018

Last updateSat, 15 Dec 2018 1pm

නවතම පුවත්

කලාවැවේ සහ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ- ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

පවතින වැසි සහිත කාලගුණයේ බලපෑමෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර තිබේ. කලා වැවේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇතැයි ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන් එම ජලාශවලින් පෝෂණය වන පහළ ගංගා අවට ජනතාවට අවධානයෙන් පසුවන්නැයි මධ්‍යස්ථානය දැනුම් දෙයි.
මේ අතර බස්නාහිර. මධ්‍යම . සබරගමුව. වයඹ. යන පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වැසි සමග අකුණු අනතුරු හා ගිගුරුම් ඇතිවීමේ හැකියාව පවතී . ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ.
මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළගේ වේගය පැයට කිලෝ මීටර් අසූව දක්වා ඉහල යා හැකිය. ධිවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවද දෙපාර්තමේන්තුව කියයි.