Mon02192018

Last updateMon, 19 Feb 2018 1pm

නවතම පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේඛණයෙන් නියෝජිතයන් පත්කිරිම ඉදිරි දින කිහිපයේදි

පළාත් පාලන ඡන්ද විමසිමේ ප්‍රතිඵල  අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රි ලංකා  නිදහස් පක්ෂයේ ලේඛණයෙන් පත්කළ  නියෝිජිතයන් පත් කිරිමට  දින කිහිපයක් ගතවිය හැකි බව  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්  ඇමති මහින්ද අමරවිර මහතා කියයි .   මැතිවරණ කොමිසම ලබාදෙන  කොට්ඨාස පදනමේ මැතිවරණ ප්‍රතිඵල හා එක්විය යුතු  නියෝජිත සංඛ්‍යාව තීරණය කළ පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලබාදෙන නිර්නායක මත ආසන සංවිධායක හා දිස්ත්‍රික් නායක විමසා අදාල සභිකයෝ පත්කෙරෙති.  එක් පක්ෂයකට තනිව  පාලන බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා ශ්‍රි ලංකා  නිදහස් පක්ෂයෙන් තේරී පත්වු නියෝජිතයන්ට නිශ්චිත උපදෙස්  හා මගපෙන්විම් සැපයේ .මෙතෙක් එලෙස පාලන බලය පිහිටුවිම සදහා කිසිදු පාර්ශ්වයක් සමග  එකගත්වයට පැමිණ නැතැයි  අමරවිර මහතා පවසයි . ඡන්ද විමසිම පැවැත්වුණු පළාත්පාලන ආයතන වලින්  167 කට ආසන්න සංඛ්‍යාවක  පාලන බලය පිහිටුවිම සදහා  එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහාය අවශ්‍ය බව   නිරික්ෂණය වී තිබෙ.්