Tue01232018

Last updateMon, 22 Jan 2018 7pm

නවතම පුවත්

සියඵ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් රජය කැපවන බවට ජනපති සහතික වෙයි

ජාති ආගම් භේදයෙන් තොරව සියඵ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාකිරීමට වත්මන් රජය කැපවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. මඩකලපුව ප්‍රදේශයේ ඊයේ පැවැති ජනහමුවක් අමතමින් එතුමා ඒ බව සදහන් කළේය

පිරිසිදු පාලනයක් උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විසිවැදැරූම් වැඩපිළිවෙලක්

ඉදිරි පලාත් පාලන ඡන්ද විමසිම සදහා අත්තනගල්ල ආසනයෙන් තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට සහාය පළ කිරීමේ ජනරැලි මාලාවක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වින.  එහිදී අදහස් දැක්වු පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා පැවසුවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා රට තුළ සුපිරිසිදු දේශපාලනයක් සිදුකරගෙන යන බවයි.  හොරකමට. දුෂණයට එරෙහිව එතුමා කටයුතුඳා කරන බවද ඔහු කීය.

2017 නොවැම්බර් දක්වා ජීවන අංකය වැඩිවීමට අනුව රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවිමක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ කියයි

2017 නොවැම්බර් දක්වා ජීවන අංකය වැඩිවීමට අනුව රාජ්‍ය සේවකයන්ට රුපියල් 5967 ක වැටුප් වැඩිවිමක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ බවයි.  වත්මන් මෙන්ම පසුගිය පාලන සමයේද රාජ්‍ය සේවය කප්පාදු කිරීමට ක්‍රියා කළ අතර රාජ්‍ය සේවකයින්ගේ ඡන්ද ඉල්ලීමට ඔවුන්ට අයිතියක් නැතැයි එම පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.  සෑම විටම රාජ්‍ය සේවය හා සේවක අයිතින් ආරක්ෂා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බැවින් ඡන්දයේදී රාජ්‍ය සේවකයින්ගේ අවධානය ඊට යොමුවිය යුතු බව  හෙතෙම කීය.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල බදු ඉහළ දමා ඇති බවට ප්‍රචාරය වු ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි

ඉකුත් 18 වැනිදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද විශේෂ වෙළෙද භාණ්ඩ පනත යටතේ වන ගැසට් නිවේදනය මගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල බදු ඉහළ දමා ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය වු ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම ගැසට් නිවේදන මගින් සිදු කර ඇත්තේ උම්බලකඩ ඇතුථ භාණ්ඩ කිහිපයක් මත 2017 ජුලි 19 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් පැනවු බදු අනුපාත එලෙසම ක්‍රියාත්මක කිරීමක් බවද එහි සදහන් වෙයි.  ඒ අනුව අදාල ගැසට් නිවේදනය මගින් භාණ්ඩ බදු ඉහලයාමක් සිදු නොවන අතර ඉදිරි මාස හයක කාලයක් සදහා ද පවතින මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට එම භාණ්ඩ මිලදී ගත හැකිය.

සිංගප්පූරු අගමැතිවරයා දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් මහතා සහ එම ආර්යාව අද පස්වරුවේ දිවයිනට පැමිණියහ.  කටුනායක ගුවන් තොටුපලේදී ඔවුන් පිළිගනු ලැබුවේ ඇමති සාගල රත්නායක මහතා විසිනි.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුව. එම සංචාරය සිදුවෙයි.  සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩි මුර සහිතව නිල වශයෙන් පිලිගැනීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරුවේ සිදු කෙරේ. අනතුරුව ලුන්ග් මහතා සහ ජනාධිපතිතුමා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි.  දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීමටද නියමිතයි.  සංචාරය අතර තුරදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමටද අපේකෂා කරයි. දෙරට අතර ආර්ථික. වෙළඳ සහ ආයෝජන සහයෝගීතාව පිළිබූව එහිදී අවධානය යොමු කෙරේ. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයකු මෙරට සංචාරයක නිරතවන්නේ වසර 13 කට පසුවයි.

සෞඛ්‍ය තොරතුරු සත්‍ය අසත්‍යතාව නොදැන ඉදිරිපත් කිරීම නිසා ගැටඵකාරි තත්ත්වයක් මතුවී ඇතැයි සෞඛ්‍ය ඇමති කියයි

ලයිෆ් ටී වී හෙවත් ජාතික සෞඛ්‍ය නාලිකාව හදුන්වාදීමේ උත්සවය සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රුන්ඩ් හෝටලයේදී පසුගියදා පැවැත්වින. එහිදී අදහස් දැක්වු ඇමතිවරයා මාධ්‍ය මගින් සෞඛ්‍ය තොරතුරු සත්‍ය අසත්‍යතාව නොදැන ඉදිරිපත් කිරීම නිසා ගැටඵකාරි තත්ත්වයක් මතුවී ඇතැයි කීවේය. සෞඛ්‍ය තොරතුරු පිළිබඳ නිවැරදි කරුණු ජනතාවට ලබාදිය යුතු බවද ඇමතිවරයා අවධාරණය කළේය.
.

ඇමරිකානු රජයේ කටයුතු තවදුරටත් ඇණහිටී


ඇමරිකානු රජයේ කටයුතු තවදුරටත් ඇණහිට තිබේ. රජයේ කටයුතු සදහා මුදල් වෙන් කිරීමට සෙනට් මණ්ඩලය ඊයේ දිනයේත් අපොහොසත් වීම මීට හේතුවෙයි. ඉකුත් සෙනසුරාදා රජයේ කටයුතු පවත්වාගෙන යාම සදහා ඉදිරිපත් කළ විසර්ජන පනත කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි නොවීම නිසා මේ වන විට ගැටථ රැසක් නිර්මාණය වී තිබේ.

ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරග සදහා සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් තුන්කොන් එක්දින තරගාවලියට පමණක් නොව බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග සදහා සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වේ.  සිය පාදයේ අබාධයකට ප්‍රතිකාර ගැනීම සදහා මැතිව්ස් මේ වන විට දිවයිනට පැමිණ සිටිී.

රටේ ආර්ථිකය ස්ථාවර කිරිමට වත්මන් රජයට හැකිවු බව අගමැති පෙන්වා දෙයි

 

විවිධ අභියෝග මධ්‍යයේ වුවද ණය ගෙවාදමමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරිමට වත්මන් රජයට හැකිවු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජය භාරගන්නා විට රටේ ආර්ථිකය කඩා වැටි හෙට දිනය ගැන විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක පැවතිණ. අධික ලෙස ණය විම නිසා වසර 2013 වන විට ණය ගෙවිමට ප්‍රමාණවත් ආදායමක් රටේ තිබුනේ නැත. එබැවින් ආර්ථිකය කඩා වැටිමට පෙර නැවත බලය තහවුරු කරගැනිම උදෙසා ඔවුන් 2015 දි මැතිවරණයක් පැවැත්වු බව වික්‍රමසිංහ මහතා කියයි. වසර 2020 වන තෙක්  වත්මන් රජය බලයේ සිටින බව අගමැතිවරයා අවධාරනය කලේ නිකවැරටිය සතිපොල භුමියේ පැවැති ප්‍රචාරක රැලියකදිය. වන්නි හත්පත්තුව සංවර්ධන සැලැස්ම මේ වසරේදි ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිතයි. ගල්ගමුවේ සිට යාපහුව දක්වා පානිය ජල ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද වික්‍රමසිංහ

ජනතාවාදි ගමනක ඇරඹුම තමා සනිටුහන්කර ඇති බව ජනපති කියයි

 

තමා බලයට කෑදරකමින් හෝ සදාකාලිකව ජනාධිපති ධුරයේ රැදි සිටිමට පැමිණි අයෙකු නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. 1978 න් පසු බලයේ සිටි ජනාධිපතිවරුන් තම බලතල ශක්තිමත් කර ගැනිමට කටයුතු කලද තමා එම බලතල කිසිදු පැකිලිමකින් තොරව පාර්ලිමේන්තුවට පවරා දුන් බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ජනතා මුදල් කොල්ලකෑ සහ සංවර්ධනයට මුවා වි ජනතා මුදල් ගසාකෑ දේශපාලන සංස්කෘතිය තුල වෙනත් කිසිදු පක්ෂ නායකයෙකුට තමා පිරිසිදු බව ප්‍රකාශ කල නොහැකිය. වංචාවෙන් දුෂණයෙන් හා හොරුන්ගෙන් තොර පොඩි මිනිසුන්ගේ පක්ෂයක් වන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ජනතාවාදි ගමනක ඇරඹුම තමා සනිටුහන් කර ඇතැයි ජනාධිපතිතුමා කියා සිටි. අද පස්වරුවේ කන්තලේ බාතියගම ක්‍රිඩාංගනයේදි පැවැති ජනහමුවක් අමතමින් ජනාධිපතිතුමා

කතරගම සිදුවිම පිලිබද පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

කතරගම ප්‍රදේශය මේ වන විට සන්සුන් වි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 58 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත්ධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. මාර්ග අවහිර කිරිම සහ අලාභහානි සිදුකිරිම. පොලිස් නිලධාරින්ට පහරදි තුවාල සිදුකිරිම. ඔවුන්ගේ රාජකාරියට බාධාකිරිම වැනි චෝදනා අත්අඩංගුවට ගැනිමට හේතු වි තිබේ. සිදුවිම පිලිබද පරික්ෂණ පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බවද ගුණසේකර මහතා සදහන් කරයි.

සිම්බාබ්වේට එරෙහි එක්දින තරගයේ ජය ශ්‍රි ලංකාවට

 

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්වෙයි. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 44 කට මුහුණ දි සියලු දෙනා දැවි ලකුණු 198 ක් රැස්කලේය. බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 58 යි. පන්දු යැවිමේදි තිසර පෙරේරා ලකුණු 33 කට කඩුලු 4 ක් දවා ගත්තේය. නුවන් ප්‍රදිප් ලකුණු 28 කට දවාගත් කඩුලු සංඛ්‍යාව 3 කි. ලකුණු 199 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රි ලංකා ක්‍රිඩකයෝ පන්දුවාර 44 යි පන්දු 5 කදි කඩුලු 5 ක් පමණක් දැවි ලකුණු 202 ක් රැස්කලහ. කුසල් පෙරේරා ලකුණු 49 ක් රැස්කල අතර තිසර පෙරේරා නොදැවි ලකුණු 39 ක් රැස්කලේය. හයේ පහර තුනක් සහ එක් හතරේ පහක් ඊට අයත්විය  තරගාවලියේ මිලග තරගය බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර අගහරුවාදා මිර්පුර්හිදි පැවැත්වෙයි.

විවිධ අභියෝග මධ්‍යයේ වුවද රටේ ආර්ථිකය ස්ථාවර කිරිමට වත්මන් ආණ්ඩුවට හැකිවු බව අගමැති කියයි

 

විවිධ අභියෝග මධ්‍යයේ වුවද ණය ගෙවාදමමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරිමට වත්මන් ආණ්ඩුවට හැකිවු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිකවැරටිය සතිපොල භුමියේ පැවැති ප්‍රචාරක රැලියකදි කිවේය. රජය භාරගන්නා විට රටේ ආර්ථිකය කඩා වැටි හෙට දිනය ගැන විශ්වාසයක් තැබිය නොහැකි පසුබිමක් පැවතුණි. හිටපු ජනාධිපතිවරයා යුද්ධය අවසන්විමෙන් පසු මෙම ප්‍රදේශ ආශ්‍රිත ගැටලු විසදුවේ නැතිබව අගමැතිවරයා කිවේය. අධික ලෙස ණය විම නිසා වසර 2013 වන විට ණය ගෙවිමට ප්‍රමාණවත් ආදායමක් රටේ තිබුනේ නැති බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. එම නිසා ආර්ථිකය කඩා වැටිමට පෙර නැවත බලය තහවුරු කරගැනිම උදෙසා ඔවුන් 2015 දි මැතිවරණයක් පැවැත්වු බව ඔහු කියයි. වසර 2020 වන තෙක් වත්මන් රජය බලයේ සිටින බව අගමැතිවරයා අවධාරනය කලේය. වන්නි හත්පත්තුව සංවර්ධන සැලැස්ම ඉදිරියේදි සකස් කෙරේ. මේ වසරේදි එම සැලසුම් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තුවෙයි. එහි අත්හදා බැලිමක් ලෙස ජල බින්දු වාරි මාර්ග ක්‍රමයක් ඇතිකිරිමට ක්‍රියා කෙරේ. මෙම ප්‍රදේශ ආශ්‍රිතව රැකියා පුහුණු මධ්‍යස්ථානද ස්ථාපිත කෙරේ. ගල්ගමුවේ සිට යාපහුව දක්වා පානිය ජල ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.

කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට තායිලන්තයේ සහය

කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රි ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදෙන බව තායිලන්තය පවසයි. ඒ සදහා නව වැඩසටහන් රැසක් හදුන්වාදෙනු ලැබේ. අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවු අවස්ථාවේ ශ්‍රි  ලංකාවේ තායිලන්ත තානාපතිනි චුලමනි චට්සුවාන් මහත්මිය මේ බව කිවාය. පසු අස්වනු තාක්ෂණය. කෘත්‍රිම වැසි මගින් ජල සම්පාදනය මෙම වැඩසටහන් අතරවෙයි. ශ්‍රි ලංකාව හා තායිලන්තය අතර ඇති සංවේදි මිත්‍රශිලිභාවයට කෘතගුණ සැලකිමක් ලෙස තායිලන්තයේ හිටපු භුමිභෝල් රජතුමා ආරම්භ කල ව්‍යාපෘති ශ්‍රි ලංකාව දක්වා ව්‍යාප්ත කිරිමට තායිලන්තයේ වත්මන් වජ්රා ලෝන්ග්කෝන් රජතුමා පියවරගෙන තිබේ.

රාජ්‍ය අංශයේ ලක්ෂ 9 ක් අග්‍රහාර රක්ෂණයට එක්වේ

 

රාජ්‍ය අංශයේ සේවකයන් ලක්ෂ 9ක් මේ වන වට අග්‍රහාර රක්ෂණයේ දායකත්වය ලබා සිටින බව ජාතික රක්ෂණ භාරයේ ප්‍රධාන විධායක සනත් සි ද සිල්වා මහතා පවසයි. එම සංඛ්‍යාව පවුල් වශයෙන් ගත්විට ලක්ෂ 25 කට රක්ෂණ ආවරණයක් ලැබි තිබේ. පසුගිය වසරේ රක්ෂණ ආවරණය සදහා ජාතික රක්ෂණ භාරය වැය කර ඇති මුදල රුපියල් කෝටි 180කි. ඉහල ප්‍රතිලාභ ලබාදිම සදහා රන් හා රිදි රක්ෂණ ක්‍රම හදුන්වා දි තිබේ. සෞඛ්‍ය කටයුතු සදහා වැය වන මුදලින් සියයට අසුවත් අනුවත් අතර මුල්‍ය ප්‍රතිපාදන මෙයින් සලසා ගත හැක. අග්‍රහාර රක්ෂණය ක්‍රමය සංස්ථා හා සංස්ථාපිත ආයතනවලටත් දැන් හදුන්වා දි තිබේ. එහි මසක වාරිකය රුපියල් දහසකි. ආයතන 30 ක් පමණ දැනටමත් ඒ සදහා සම්බන්ධ වි ඇත

බහුකාර්ය ධිවර වරාය ඇගයිම් වාර්තාව කොරියානු රජය ශ්‍රි ලංකාවට භාරදෙයි

මෙරට ප්‍රථම බහුකාර්ය ධිවර වරාය 4ට අදාල පාරිසරික ඇගයිම් වාර්තාව කොරියානු සාගර හා ධිවර අමාත්‍යංශය ඉකුත් දා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට භාරදුන්නේය. වසර 2030 දක්වා ඉලක්කගත වැඩපිලිවෙලක් යටතේ මෙම ධිවර වරාය ඉදිකිරිමට අදාල සැලසුම් සකස් කර ඇත. චලෙයි. මාදගල්. ඩෙල්ෆ් සහ උඩප්පුව ප්‍රදේශ ආශ්‍රිතව මෙම ධිවර වරාය ඉදිකිරිමට නියමිතය. ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය ජනගහන වර්ධනයට සමගාමිව පොදු පහසුකම් සංවර්ධනය විය යුතු ආකාරය මෙමගින් පැහැදිලි කර දි තිබේ.

සැම පාසලකටම බෝනොවන රෝග පරික්ෂණ මධ්‍යස්ථානයක්

 

සැම පාසලකම බෝනොවන රෝග පරික්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. ඊයේ කොළඹ පැවැති උත්සවයකදි ඔහු තවදුරටත් පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ මත පැණිබිමවල අඩංගු සිනි ග්‍රූමයකට ශත පනහක බද්දක් අයවැයෙන් යෝජනා කර ඇති බවයි. බදු අය කිරිම තුලින් පැණි බිම වර්ගවල මිල ඉහල ගොස් තිබේ. පාසල් ආපනශාලාවල අලෙවිකරන ආහාරවල පිලිබදව අධ්‍යාපන ඇමතිවරයා සමග සාකච්ඡා කර තින්දුවක් ගන්නා බවද ඔහු කියයි

ඌව පළාත් ප්‍රධාන ඇමතිවරයා විදුහල්පතිනියකට හිංසා කළ බවට සදහන් සිදුවීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපතිගෙන් පොලිස්පතිවරයාට උපදෙස්

 

ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ විදුහලක විදුහල්පතිනියකට හිංසා කළ බවට සදහන් කෙරෙන තොරතුරු සහ පොලිසියට කර ඇති පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් අපක්ෂපාති පුඵල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට උපදෙස්දී තිබේ.  එමෙන්ම මෙම පරීක්ෂණය අපක්ෂපාතිව සිදුකිරීම සදහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත උපදෙස්දී ඇත.  මේ පිළිබඳව සිදුකරෙන අපක්ෂපාති පරීක්ණ වාර්තාවේ සදහන් කෙරෙන ඕනෑම නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසද ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම්දී ඇත.

පලාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ඇරඹේ

 

ලබන මස 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසිමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ඇරඹේ. ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල නිලධාරින් සදහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට හෙට දිනය වෙන්කර තිබේ. මෙවර තැපැල් ඡන්ද පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව පන්ලක්ෂ 60 දහසකට ආසන්න බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා පවසයි.

මේ වසරේදී නව විදෙස් ගමන් බලපත්‍රයක්

 

 

නවීන ලෝකයට ගැලපෙන විදෙස් ගමන් බලපත්‍රයක් මේ වසරේදී ජනතාවට හදුන්වාදෙන බව ආගමන හා විගමන පාලක චාමින්ද හෙට්ටිආරච්චි මහතා පවසයි.  ඒ සදහා අවශ්‍ය මුලික කටයුතු දැන් ආරම්භ කර ඇත.  දිනකට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා දෙදහසකට ආසන්න පිරිසක් පැමිණෙති.  එක්දින සේවාවට අමතරව සාමාන්‍ය ලෙස දෙසතියකින් විදේශ ගමන් බල පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගැනේ.  උප්පැන්න සහතිකය සහ ජාතික හැදුනුම්පත සහිතව පැමිණෙන පුද්ගලයන්ට බාහිර පුද්ගලයන්ගේ සහාය නොමැතිව විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව පවති.  ඒ සදහා තම නිලධාරින්ගේ සහාය ලබාගත හැකි බව හෙතෙම කියයි. විදේස්ගත පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා ගැනීමට හෝ තම විදේශ ගමන් බලපත්‍රය අලුත්කර ගැනීමට ඔන්ලයින් ඔස්සේ පහසුකම් ද කඩිනමින් ලබාදෙන බව හෙට්ටිආරච්චි මහතා පවසයි. 2017 වසරේ 31 දහසකට ද්විත්ව පුරවැසිභාවය ලබාදී තිබේ. ලබන මාසයේ සිට එම වැඩපිළිවෙල යලි ආරම්භ කෙරේ.  ඒ සදහා දැනටමත් තුන්දහසකට වැඩි පිරිසක් අයදුම්කර ඇත.  අවුරුදු 16 ට වැඩි සහ අවුරුදු 60 ට අඩු පුරවැසියන්ට විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සදහා ඇගිලි සලකුණු ලබා ගැනීම දැන් සිදු කෙරේ

ත්‍රස්තවාදි ග්‍රහනයේ පැවති ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි තරුපන්තියේ හෝටලය සම්පුර්ණයෙන්ම මුදා ගැනේ

 

ත්‍රස්තවාදි ග්‍රහනයේ පැවති ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ තරුපන්තියේ හෝටලය සම්පුර්ණයෙන්ම මුදා ගැනීමට එරට ආරක්ෂක හමුදාව සමත් වෙති. මෙම මෙහෙයුමේදී එහි සිටි 150 දෙනෙකුට වැඩි පිරිසක් මුදාගෙන තිබේ. මෙම සිද්ධියෙන් සාමාන්‍ය වැසියෝ 05 දෙනෙක් මිය ගියහ. තවත් 06 දෙනෙකු තුවාල ලැබු බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. හමුදා ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදිහු තිදෙනෙක් මියගියහ. ඊයේ පස්වරුවේ හෝටලය වෙත කඩා වැදුනු ත්‍රස්තවාදින් එහි සිටි සංචාරකයින්ට සහ කාර්ය මණ්ඩලයට වෙඩි තබා තිබේ.
=====ි
සිරියාවේ සිට ලෙබනනයට පලා ආ සරණාගතයන් 13 දෙනෙකු අධික හිම සහිත කාලගුණය නිසා මිය ගොස් ඇතැයි එක්සත් ජාතින්ගේ සරණාගතයන් පිළිබඳ කාර්යාලය සදහන් කරයි. කාන්තාවෝ සහ ළමයි ඒ අතර වෙති. ඉකුත් බ්‍රහස්පතින්දා මෙම පිරිස ලෙබනනයට ආසන්න ප්‍රදේශයේදී දරුණු හිම කුනාටුවකට හසුවී තිබේ.
======
ඉන්දියාවේ බවානා කාර්මික ප්‍රදේශයේ ගොඩනැගිලි සංකීර්ණයක පිහිටි කර්මාන්ත ශාලාවක ඊයේ පස්වරුවේ ඇතිවු ගින්නෙන් මියගිය සංඛ්‍යාව 17 ක් දක්වා ඉහල ගොස් තිබේ. එහි රතිඤ්ඤා නිෂ්පාදනය කර ඇති අතර ගින්න ගොඩනැගිල්ල පුරා පැතිර ගොස් ඇත. ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පිරිස් බේරා ගැනීම සදහා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බව පොලිසිය පවසයි.