Sat11172018

Last updateSat, 17 Nov 2018 9am

නවතම පුවත්

දැනට පවතින අර්බුදය පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාට විසදාගැනිමට නොහැකි නම් එය විසදිමට ජනතාවට බලය ලබාදිය යුතු යැයි අගමැති කියයි

දැනට පවතින අර්බුදය  පාර්ලිමේන්තුවේ  මන්ත්‍රිවරු  225 දෙනාට විසදා ගැනිමට නොහැකි නම් එය විසදිමට  ජනතාවට බලය ලබාදිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි  එවිට කිසිවෙකුට හෝ ප්‍රශ්නයක් ඇති නොවේ  වර්තමානයේ ඇති වැඩපිළිවෙල ඉතා කණගාටුදායකය   මෙවැනි තත්ත්වයන්ට බියේ ආණ්ඩුව දමා නොයන බව ඔහු ඊයේ කසාගල පුරාණ විහාරස්ථානයෙ පැවති පුජෝත්සවයකදි කිවේය.  නිත්‍යනුකුල ආකාරයට  විශ්වාසභංගයක් ඉදිරිපත්   කරන්නේ නම් මෙය  අතහැර යාමට සූදානම්  බව ද අගමැතිවරයා සදහන් කළේය.     එහෙත් බලහත්කාරයෙන්.  අපහාසාත්මක විදියට එය කරන්නේ නම්  මෙම  ගැටඵව විසදා ගත නොහැක . ජනාධිපතිවරයාට ඇති බලතල වෙනත්  අයෙකුට  ලබාගත නොහැකි බව  රාජපක්ෂ මහතා කියයි.  පිහි රැගෙන ආ අයට කිසිදු පියවරක් නොගත් බව ද ඒ මහතා  කිවේය .

ජනාධිපතිතුමා අගමැති ධුරය සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තේ රටේ පැවති අරාජිකත්වය. රාජ්‍ය දේපල විකිණිම. රට විදේශිකරණය කිරිම . නිතිය ක්‍රියාත්මක කිරිම පිළීබඳව පැවති ගැටඵ් නිසා බව ඇමති මහින්ද අමරවිර මහතා කියා සිටි.

අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසුවේ කතානායක ධුරය වර්තමානයේදි තරම් හෑල්ලු වු යුගයක් ඉතිහාසයේ නොමැති බවයි. පාර්ලිමේන්තුව පිළිබඳව ව විශ්වාසයක් නොමැති වූ දිනයක රටේ දැවැන්ත කැරලි නිර්මාණය වන බව ඔහු කියා සිටි. අගමැතිවරයාගේ පත්විම කර ඇත්තේ සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථාවට අනුකුලවය. රටේ පැවති අරාජිකත්වය . රාජ්‍ය දේපල විකිණිම . රට විදේශිකරණය කිරිම. නිතිය ක්‍රියාත්මක විම සම්බන්ධයෙන් පැවති ගැටඵ හේතුවෙන් ජනාධිපතිතුමා මෙම තින්දුව ගත් බව ඔහු කිවේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් වරයා ලෙස තමා ඉදිරිපත් කළ ලිපිය අනුව ජාතික ආණ්ඩුව නිමා වූ බව ඇමතිවරයා සිහිපත් කළේය. ඒ අනුව හිටපු අගමැතිවරයා ඇතුඵ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරුණි්. නව අගමැතිවරයා ලෙස පත් කෙරුණේ රටේ වැඩිම ජනතා ප්‍රසාදය හිමි වූ නායකයාට බව ඔහු කියා සිටි . මෙම පත්කිරිම නීත්‍යනුකුල බව හිටපු අගමැතිවරයා ද දන්නා බව අමරවිර මහතා කිවේය. සාම්ප්‍රදායට පිටින් ගෙනඑන විශ්වාසභංග යෝජනා නීත්‍යනුකුල නොවේ.
විශ්වාසභංගය කුමක්ද කියා තමන් ඇතුඵ කිසිවෙකු නොදනි. ඒ සදහා විවාදයක් ද නොමැතිව යෝජනාවක් සම්මත කර ගැනිම අනුමත කළ නොහැක. ශබ්දයට යෝජනා සම්මත කිරිම විහිඵවක් බව ඔහු කියයි
මේ දිනවල පාර්ලිමේන්තුව නැරඹිමට විදේශිකයන් කණ්ඩායමක්ද නිරන්තරයෙන් පැමිණෙන බව ද ඔහු කියයි. ඡන්ද වලට බිය කවුරුන්දැයි දැන් පැහැදිලිය ඡන්දයක් ලැබෙන තුරු නව අගමැතිවරයා අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරනු ඇතැයිද අමරවිර මහතා කිවේය

ඊයේ දිනයේද විශ්වාසභංගය සම්මත කරගත් ආකාරය ජනාධීපතිතුමා අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි

    පාර්ලිමේන්තුව ඊයේ දිනයේ විශ්වාසභංගය සම්මත කර ගැනිමට ක්‍රියා කළ ආකාරය  ජනාධීපතිතුමා අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ බව කිවේය  ජනාධිපතිතුමාගේ  ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.  .ඊයේ දිනයේද  පාර්ලිමේන්තුව තුළ කිසිදු ක්‍රියාවක් සිදු නොවු බවට තීරණය වී ඇත.  කිසිදු හේතුවෙක් මත  හිටපු අගමැතිවරයාට යලි එම ධුරය   ලබා නොදෙන  බව  අබේවර්ධන මහතා කියයි. එමෙන්ම  වත්මන් රජය ඉදිරියේදි බහුතරය පෙන්විමට  සුදානමින් සිටින බව ද ඔහු කියයි    රනිල්  වික්‍රමසිංහ මහතා  යලි අගමැති පදවියට  පත් කිරිම  ශ්‍රි ලංකා  ජනතාවගේ අභිලාෂය නොවන බව ද ඔහු අවධාරණය කළේය.   පාර්ලිමේන්තුවේදි විනයක් ඇතිව නිතිරිති වලට අනුකුලව සහයෝගයෙන් ක්‍රියා කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන් බව  පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා කිවේය

මහ මැතිවරණයක් පැවැත්විම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉගියක්

මහ  මැතිවරණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමග සාකච්ඡා කරන බව  පාර්ලිමේන්තු මන්ත්‍රි  රනිල් වික්‍රමසිංහ මහතා කියයි.  ඉන්පසුව ලබන ජුනි මාසයට පෙර  මහ මැතිවරණයක් කැදවිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනිම ඔහුගේ අදහසයි .  විදේශිය මාධ්‍යවේදින් සමග  ඊයේ පැවති මාධ්‍ය හමුවකදි  ඔහු මෙම අදහස් පල කර ඇතැයි බිබීසි සිංහල වෙබ් අඩවිය සදහන් කරයි.   ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරිමට ආණ්ඩුව මාස කිහිපයක කාලයක් සදහා තමන්ට අවශ්‍ය බව ද ඔහු  එහිදි සදහන් කර  තිබෙ.් ඉන් අනතුරුව ජනතාව හමුවට  යාම අභිලාෂය බව වික්‍රමසිංහ මහතා කියයි. තවදුරටත්  ජනාධිපතිවරයා සමග  සාකච්ඡා කිරිමට සුදානම් බව ද  ඔහු පවසයි .

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා දිවුරුම් දිම අද

මාලදිවයිනේ ජනාධිපතිවරයා   ලෙස තේරි පත් වූ ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා දිවුරුම් දිමේ උත්සවය අද මාලේ නගරයේදි පැවැත්වේ.  එම අවස්ථාවට ඉන්දිය අගමැති  නරේන්ද්‍ර මෝදි මහතා ද  සහභාගි විමට  නියමිතයි.  ඉකුත් වසර කිහිපයේ  ඉන්දිය  අගමැතිවරයා කිසිදු අවස්ථාවක   මාලදිවයිනේ  සංචාරය නොකළ බව    හිටපු ජනාධිපතිවරයෙකු  වන මොහොමඩ් නෂීඩ් මහතා කියයි. එහිදී රටේ බොහෝ දෙනෙකු සිටියේ  දේශපාලන සිරකරුවන් බවට පත් වී බව ඔහු කියා සිටි.  චීනය  තම රටේ විශාල ව්‍යාපෘති  දියත් කර ඇත. ඒ පිළිබඳව  නිසි විගණනයක් කළ යුතු යැයි නෂීඩ් මහතා කියයි.  රටක දියුණුවට කලාපිය රටවල් සමග හොද අවබෝධයෙන් ක්‍රියාකිරිම වැදගත් ය. නව රජය බලයට පත්විමෙන්  පසු ජනතා ගැටඵ  වලට මෙන්ම ජාත්‍යන්තරව ඇති ගැටඵ වලට විසදුම් ලබාදෙන බව ඔහු කියා සිටි.  එමෙන්ම පරිසරය සම්බන්ධයෙන් ඇති  ප්‍රඥප්ති නිසිලෙස ක්‍රියාත්මක කළ යුතුව  ඇතැයි ඔහු  කියයි. රජයක් පිහිටුවිමට  තමන් සමග එක් වී සිටින කණ්ඩායම් නිසි අවබෝධයකින් සිටින බව ද හිටපු ජනාධිපතිවරයා කිවේය.

ඕවර් විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දි්ය කොදෙව් අතර තරගය ඇරඹේ

බටහිර ඉන්දිය  කොදෙව් දුපත් හි පැවැත්වෙන ඕවර් විස්සයි විස්සෙ  ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයකදි දකුණු අප්‍රිකාව හමුවේ  එංගලන්ත කාන්තා පිල  කඩුලු 07 ක ජයක් වාර්තා කළේය  මුලින් ලකුණු රැස් කළ  දකුණු අප්‍රිකානු කාන්තා පිල ලකුණු  85 කට දැවි ගියේය. එම ඉලක්කය  ඕවර් 14 යි පන්දුවකදි  කඩුලු  03 ක් දැවී තිබියදි ඉක්මවා යාමට එංගලන්ත ක්‍රිඩිකාවෝි සමත් වුහ  මෙහි තවත් තරගයක්  සදහා   ශ්‍රි ලංකාව  සහ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම් දැන් තරගයට  එක්ව සිටි.  එහිදි මුලින් පන්දුවට පහරදෙන බටහිර ඉන්දිය කොදෙව් පිල මීට ස්වල්ප වේලාවකට පෙර ඕවර් එකක් අවසානයේ   කිසිවෙකු නොදැවි ලකුණු       ක් ලබා සිටියේය .  මේ වනවිට ඒ කාණ්ඩයේ  ඉදිරියෙන් සිටින්නේ  එංගලන්ත කාන්තා කණ්ඩායමයි  ඔවුන් සහභාගි වූ තරග තුනෙන් දෙකක්ම ජයගෙන ඇත.  සහභාගි වූ තරග දෙකම  ජය ලබා එම කොටසේ දෙවන ස්ථානයේ බටහිර ඉන්දිය කොදෙව්  කාන්තා පිල පසුවෙයි. ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයේ සිටි. ඔවුන් තරග තුනකට සහභාගි වී  එක් තරගයක් ජයගෙන ඇත.  දකුණු අප්‍රිකාව සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම  සිටින්නේ  ශ්‍රි ලංකාවට  පසුපසිනි .බි කොටසේ සහභාගි වූ  තරග තුනම ජය ගනිමින්  ඔස්ට්‍රේිලියාව ප්‍රථම ස්ථානයේත් . ඉන්දියාව දෙවන ස්ථානයේත් පසුවෙයි.

ව්‍යවස්ථානුකුලව සහ නිතිරිති අනුව කටයුතු කරන්නැයි ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි.

අද පස්වරු 1.30 ට පාර්ලිමේන්තුව රැස් වේ. අද පෙරවරුවේ පක්ෂ නායක රැස්විමක්ද පැවැත්විණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා රැස්විමක පැවැත්වුනත් කතානායකතුමා පක්ෂග්‍රාහිව කටයුතු කිරිම නිසා සියලු සාකච්ඡා බිදවැටුණු බව කිවේය .ඒ නිසා තමන් එම රැස්විමෙන් ඉවත්ව ගිය බව හෙතෙම ජාතික ගුවන්විදුලියට පැවසිය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්විමක් ද අද පෙරවරුවේ පැවැත්විණි. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්විමක් දැන් පැවැත්වෙ.්
පක්ෂග්‍රාහි නොවි ව්‍යවස්ථානුකුලව සහ නිතිරිති අනුව කටයුතු කර්නනැයි පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකදි ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.. විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ පස්වරුවේ තමා හමු වු අවස්ථාවේදීද ජනාධිපතිතුමා අවධාරණය කර ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එහි කටයුතු පවත්වාගෙන යන ලෙස යි.

පාර්ලිමේන්තුව අද සවස 1.30 ට රැස් වේ.

අද පස්වරු 1.30 ට පාර්ලිමේන්තුව රැස් වේ. අද පෙරවරුවේ පක්ෂ නායක රැස්විමක්ද පැවැත්විණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා රැස්විමක පැවැත්වුනත් කතානායකතුමා පක්ෂග්‍රාහිව කටයුතු කිරිම නිසා සියලු සාකච්ඡා බිදවැටුණු බව කිවේය .ඒ නිසා තමන් එම රැස්විමෙන් ඉවත්ව ගිය බව හෙතෙම ජාතික ගුවන්විදුලියට පැවසිය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්විමක් ද අද පෙරවරුවේ පැවැත්විණි. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්විමක් දැන් පැවැත්වෙ.්
පක්ෂග්‍රාහි නොවි ව්‍යවස්ථානුකුලව සහ නිතිරිති අනුව කටයුතු කර්නනැයි පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකදි ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.. විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ පස්වරුවේ තමා හමු වු අවස්ථාවේදීද ජනාධිපතිතුමා අවධාරණය කර ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එහි කටයුතු පවත්වාගෙන යන ලෙස යි.

පාර්ලිමේන්තුවේ බහුතරය තම පක්ෂය සතු බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයාගෙන් ප්‍රකාශයක්

 

පාර්ලිමේන්තුවේ බහුතරය තම පක්ෂය සතු බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා අද පාාර්ලිමේන්තු සංකිර්ණයේ්දි මාධ්‍යවේදින් හමුවේ පැවසිය. පාර්ලිමෙන්තුව ක්‍රියාත්මක කිරිමේ බලතල ඇත්තේ කතානායකවරයාටය. ඔහු නිවැරදි ලෙස කටයුතු කරනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා විශ්වාසය පළ කළේය

පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට කාරක සභාවක්

පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකුලව ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවක් පත් කර ඒ අනුව කටයුතු කිරිමේ අවශ්‍යතාව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි .. පාර්ලිමේන්තු සංකිර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකදි ඔහු පැවසුවේ කත.ානායකවරයා තම අභිමතය අනුව කටයුතු කිරිම අත්හිටුවිය යුතු බවයි.

අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය පත් කිරිමේ වගකිම ජනාධිපතිවරයා සතුය. එහි නීත්‍යනුකුල බව සියලුදෙනා පිළිගත යුතුය. ඉන් අනතුරුව අවශ්‍යතාවක් ඇත්නම් රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය . පාර්ලිමේන්තු්වේ ස්ථාවර නියෝග වලට අනුව කටයුතු කිරිම සියලු දෙනාගේ වගකිම බව ද ඇම.තිවරයා අවධාරණය කළේය .

ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිම සදහා ලකුණු 336 ක් රැස් කරයි

සංචාරක එංගලන්ත කන්ඩායම සහ ශ්‍රි ලංකා කන්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි. දෙවන දිනය ඊයේ නිමාවන විට පළමු ඉනිම සඳහා ශ්‍රි ලංකාව සියලු ක්‍රිඩකයන් දැවී ලකුණු 336 ක් ලබා ගත්තේය. රොෂේන් සිල්වා ලකුණු 85 ක් රැස්කලේය.

දිමුත් කරුණාරත්න රැස්කළ ලකුණු සංඛ්‍යාව 63 කි. ධනංජය ද සිල්වා ලකුණු 59 ක් රැස්කලේය. තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලු ක්‍රිඩකයන් දැවි රැස්කල ලකුණු සංඛ්‍යාව 290 කි.

සාමාකාමී සහ සමෘද්ධිමත් ඉන්දු-ශාන්තිකර කලාපයක් ගොඩනැංවීම වෙනුවෙන් කැපවන බව ඉන්දිය අගමැතිවරයා කියයි

සාමාකාමී සහ සමෘද්ධිමත් ඉන්දු-ශාන්තිකර කලාපයක් ගොඩනැංවීම වෙනුවෙන් කැපවන බව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රතිඥා දෙයි. සිංගප්පුරුවේ ඊයේ පැවති 13 වැනි අග්නිදිග ආසියානු සමුථවට එක්වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සමාජික රටවල් අතර බහුපාර්ශවීය සහයෝගීතාවය. ආර්ථික සහ සංස්කෘතික සබදතා ගොඩනැංවීම සදහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද ඔහු එහිදි පෙන්වා දුන්නේය.

රටට සිදුවීමට ගිය මහා විපත්තියක් වලක්වා ගැනිමේ වගකීම තමා ප්‍රමුඛ රජය භාරගෙන ඇතැයි අගමැතිවරයා කියයි

රටට සිදුවීමට ගිය මහ විපත්තිය වළකා ගැනීමේ වගකීම තමා ඇතුඵ රජය භාරගෙන ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි. රටේ සම්පත් විදේශිකයන්ට අලෙවි කරමින් ජනතාට බදුබර පටවමින් ඉන්ධන මිල ඉහළ දමමින් මහ බැංකුව කොල්ලකමින්. ආයෝජකයන්ගෙන් මහ පරිමාණයෙන් අල්ලස් ඉල්ලමින් පසුගිය රජය රට අර්බුදයට පත් කලේය. පැවැති රජය 2015 ජනවාරී සිට අමෙරිකානු ඩොලර් කෝටි 2100 ක ණයක් ලබාගෙන රට ණය උගුලක පටලා තිබේ. පැවැති රජයට රටේ ප්‍රශ්න විසදීමට නොහැකි බව තේරුම් ගත් ජනාධිපතිතුමා තමාට අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ආරාධනා කළ බවද මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. දැනට පිහිටුවා ඇත්තේ අන්තර්කාලීන ආණ්ඩුවක් පමණි. එය පවතින්නේ මහ මැතිවරණයක් පවත්වන තෙක් පමණි. පැන නැගී ඇති ගැටඵව විසදීම මන්ත්‍රිවරුන් 225 දෙනාට පැවරීම වෙනුවට ලක්‍ෂ 150 ක ජනතාවට පැවරීම සුදුසු බවද අගමැතිවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී කථානායකවරයා විශේෂ ප්‍රකාශයක් කළ අතර ඊට ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගේ විරෝධය පලවිය. මෙහිදී නැගි සිටි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ජනාධිපතිතුමා ඊයේ කථානායකතුමා වෙත යැවු ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරි පත්කළ යුතු බවයි. ජනාධිපතිවරයාගේ ලිපියට පිළිතුරු ලිපියක් තමා යවන බව කථානායකවරයා එහිදී පැවසිය. අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව එම ප්‍රකාශය කෙරෙහි විශ්වාසයක් නැතැයි පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ඒ සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. මෙහිදී පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්තාවක් ඇති විය

ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහලට

ඉන්ධන මිල ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ යළිත් පහත දමා තිබේ. ඒ අනුව සාමාන්‍ය හා සුපිරි පෙට්‍රල් සහ සාමාන්‍ය හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් අඩු කර ඇතැයි. සිය අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කම්කරු විදේශ රැකියා හා ඛනිජ තෙල් සම්පත් ඇමති ගාමිණි ලොකුගේ මහතා සඳහන් කලේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ඊයේ සිදුකල විශේෂ ප්‍රකාශයට අනුව මෙම අඩුකිරීම් සිදුකළ බව ඇමතිවරයා පැවසීය.
ඒ අනුව රුපියල් 145 කට අලෙවි කෙරෙණු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක නව මිල රුපියල් 140 කි. රුපියල් 172 කට අලෙවි වු ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිීටරයක නව මිල රුපියල් 167 ක් වනු ඇත. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 116 සිට රුපියල් 111 දක්වා පහත දමා තිබේ. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 141 සිට රුපියල් 136 දක්වා අඩු කෙරේ.
අයි. ඕ. සී සමාගමද ඉන්ධන මිල ගණන් අඩුකර ඇත. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින්ද. ඔක්ටෙන් 92 හා ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩුකර තිබේ.

ජනාධිපතිවරණයට සහ මැතිවරණයට එකවර පැවැත්වෙන්නේ නම් ඊට මුහුණදීමට සුදානම් -රනිල් වික්‍රමසිංහ මහතා

ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවක් පිහිටවු පසු ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට එකවර මුහුණදීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ව්‍යවස්ථානුකුල ආණ්ඩුවක් පිහිටුවා සියඵ දේශපාලන පක්‍ෂ එකතු කරගෙන ඔවුන් සමග සාකච්චා කර මැතිවරණ දෙකටම එකවර මුහුණ දෙන බව වික්‍රමසිංහ මහතා පැවසුවේ කොළඹ ලිප්ටන් වටරවුමේදී ඊයේ පස්වරුවේ පැවැති ජනරැලියට එක්වෙමිනි. ජනවාරි 08 ජයග්‍රහනයේ ජනතා පරමාර්ථ ආරක්ෂා කරගැනීමට තමන් තවමත් කැපවන බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවගේ පරමාධිපත්‍ය හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් අවශ්‍ය බහුතර බලය පෙන්විමට තමන් ඕනෑම අවස්ථාවක සුදානම් බවද හෙතෙම කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදි පැවසුවේ වර්තමානයේ පවතින්නේ දේශපාලන පක්ෂ අතර සටනක් නොව ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපතිවාදය අතර සටනක් බවයි. රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ප්‍රජාත්නත්‍රවාදයේ ජයග්‍රහනය වෙනුවෙන් කැපවන බව ඔහු අවධාරණය කලේය.

පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා සියඵ දෙනාගේ සහාය ලැබෙන්නේ නම් උද්ගතවී ඇති ප්‍රශ්නය විසදීමට හැකිය

පාර්ලිමේන්තුව තුළදී අග්‍රාමාත්‍යවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්‍ෂාව තහවුරු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා එහිදී පැවසීය. පාර්ළිමේන්තු මැතිවරණයක් සදහා සියඵ දෙනාගේ සහාය ලැබෙන්නේ නම් පාර්ලිමේන්තුව තුළ උද්ගතවී ඇති ප්‍රශ්නය කඩිනමින් විසදීමට හැකි බව ඔහු කීවේය.

පාර්ලිමේන්තුව තුළ ඊයේ සිදුවු සිදුවීම් පිළිබඳව කථානායකවරයා දැනුවත් කළ බවත් ඔහුගේ ප්‍රතිචාරය කිසිසේත්ම පිළිගත නොහැකි සහ අපේක්ෂා නොකල එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේය. කථානායකවරයාට තමන් පැමිණිලි කිරීමට යාමේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රන්ජන් රාමනායක සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් මරණිය තර්ජන එල්ල කළ බව ඔහු පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම පිලිබඳව ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය නීති විරෝධි බවට අධිකරණය තවම ප්‍රකාශ කර නැතැයි නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා එහිදී පැවසීය. එහි වලංගු හෝ අවලංගු භාවය දෙසැම්බර් මස 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කිරීම ජනතා මුදල් විනාශ කිරීමක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

සාමය. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර නියෝගවලට ගරු කරන ලෙස ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සියඵ පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි.

 

පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියඵ පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි. කථානායක කරු ජයසුරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියඵ දේශපාලන පක්‍ෂ හා දේමළ ජාතික සන්ධාන නියෝජිතයෝ ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවුහ.

පැය දෙකක පමණ දිර්ග කාලයක් පුරා පැවැති මෙම සාකච්ඡාවේදී රටේ පවතින දේශපාලන තත්වය පුඵල් ලෙස සාකච්ඡාවට බදුන් කෙරිණ. එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතුවන බව ප්‍රකාශ කළ පක්‍ෂ නායක කණ්ඩායම එය පිළීගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළේය. තමන් සෑම විටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත් ඊට ගරු කරන බවත් අවධාරණය කළ ජනාධිපතිතුමා පාර්ළිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් තම බහුතරය නියමානුකුලව පෙන්වා සිටින ලෙස ඔවුන්ට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවට පසුගිය බදාදා ඉදිරිපත් කළ යෝජනාවේ අංක එක වගන්තිය ඉවත් කිරීම සහ යළි අද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමුවිය. ඡන්ද විමසීම මන්ත්‍රිවරුන්ගේ නමින් සිදුකරන ලෙස ජනාධිපතිතුමා නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටියේය. ඊට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙස ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකුලව කටයුතු කළහැ කි බව නියෝජිත පිරිසට දැනුම් දුන්නේය.

කිසිඳු අවස්ථාවක රට අස්ථාවර වීමට ඉඩ නොතබන බව රජය පවසයි

කථානායකවරයා විසින් එවන ලදැයි කියන රජයට එරෙහි විශ්වාස භංග යෝජනාව ඇතුඑ අද පාර්ලිමේන්තුවේ සිදුවීම්වලට අදාල වාර්තාව ලැබුන පසු ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකූලව සහ නිත්‍යානුකූලව කටයුතු කරනු ඇතැයි අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. අමාත්‍ය මණ්ඩල තිරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කලේය.
කිසිඳු අවස්ථාවක රට අස්ථාවර විමට ඉඩ නොතබන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි. ජනාධිපතිතුමා ඒ සඳහා ව්‍යවස්ථානුකූලව සහ නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.

අගහරු මත ඇති රෝවර් යානය දුර්වල වෙයි

අගහරු ග්‍රහයා මත ඇති කියුරියෝ සිටි රෝවර් යානය මේ වනවිට දුර්වල වෙමින් තිබෙන බව නාසා විද්‍යාඥයෝ කියති. එහි ගමන් වේගය පැයට මීටර් 35 ක් 110 ක් අතර ප්‍රමාණයක් දක්වා අඩුවී තිබේ. පෘථිවියේ සිට සැතපුම් මිලියන 78 ක් දුරින් යානය පවතී. ඉකුත් වසර හයේ දී එය අගහරු ග්‍රහයා පිළිබඳ සුවිශේෂී තොරතුරු රැසක් පෘථිවියට ලබා දුන්නේය.

එහි කාර්ය භාරය නිමා වු පසු වසර 2020 වනවිට පෘථිවියට යලි ගෙන්වා ගැනීම අපේක්ෂාවයි. එය විශ්‍රාම ගැන්වීමේ දී විශේෂ ගෞරව ප්‍රණාම උත්සවයක් සිදු කරන බවද නාසා ආයතනය කියයි. අගහරු ග්‍රහයා මත ඇති කියුරියෝ සිටි රෝවර් යානය මේ වනවිට දුර්වල වෙමින් තිබෙන බව නාසා විද්‍යාඥයෝ කියති. එහි ගමන් වේගය පැයට මීටර් 35 ක් 110 ක් අතර ප්‍රමාණයක් දක්වා අඩුවී තිබේ. පෘථිවියේ සිට සැතපුම් මිලියන 78 ක් දුරින් යානය පවතී.

ඉකුත් වසර හයේ දී එය අගහරු ග්‍රහයා පිළිබඳ සුවිශේෂී තොරතුරු රැසක් පෘථිවියට ලබා දුන්නේය. එහි කාර්ය භාරය නිමා වු පසු වසර 2020 වනවිට පෘථිවියට යලි ගෙන්වා ගැනීම අපේක්ෂාවයි. එය විශ්‍රාම ගැන්වීමේ දී විශේෂ ගෞරව ප්‍රණාම උත්සවයක් සිදු කරන බවද නාසා ආයතනය කියයි.

ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකුලව සිදු කළ ක්‍රියාමාර්ග අවුල් කොට රට අරාජික කිරීමට කථානායක ක්‍රියා කර ඇත - ඇමති දිනේෂ් ගුණවර්ධන

ජන බලයෙන් පත්වු ජනපති ව්‍යවස්ථානුකුලව සිදු කළ ක්‍රියාමාර්ග අවුල් කොට රට අරාජික කිරීමට කථානායකවරයා ක්‍රියා කර ඇතැයි ඇමති දිනේෂ් .ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කීවේය. පාර්ලිමේන්තුව ස්ථාවර නියෝගවලට පටහැනිව අද කටයුතු කළ බව ඔහු පෙන්වා දෙයි.

කථානායකවරයා තනිව හිතුවක්කාරි ලෙස කටයුතු කිරීම හෙලාදකින බවද ඔහු පැවසීය. අද පාර්ලිමේන්තුව තුල කිසිදු වලංගු භාවයක් නොමැති ඡන්ද ප්‍රතිඵලයක් ප්‍රකාශ වු බවද ඔහු කියයි. අතීතයේ ඩඩ්ලි සේනානායක මහතා යටතේ පැවති ආණ්ඩුව සුඵතර එකක් බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා එය කඩාකප්පල් කිරීමට හැකියාව තිබුණත් එදා සිටි කථානායකවරයා එසේ නොකළ බව ඔහු සදහන් කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධයෙන් අත්සන් ඇතුලත් ලිපියක් කථානායකට

පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධයෙන් අත්සන් ඇතුළත් ලිපියක් කථානායකවරයාට භාර දුන් බව හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කීවේය. ඒ අනුව ආණ්ඩුවේ නායකත්වය පිළිබදව තීරණය විය යුතු බව ඔහු සදහන් කරයි.