Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

සිරස්තල

නවතම පුවත්

දුම්රිය වර්ජනයෙන් මගීන් දැඩි අසීරුතාවට. - වර්ජනය නැවැත්වීමට සාකච්ඡාවක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් අරඹා ඇති වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ මගිහු දැඩි අසිරුතාවට පත්වුහ. සුඵ ගැටඵ කිහිපයක් නිසා ඇති වී තිබෙන මෙම තත්ත්වයෙන් දසදහස් ගණනක ජනතාවට සිදුවි ඇති අපහසුතාව පිළිබඳව මගීහු දැඩි විරෝධය පන කරති.

දුම්රිය රියදුරු වෘත්තීය සමිති සමග අද දහවල් සාකච්ඡාවක් පැවැ්තවෙන බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ජී. එස්. විතානගේ මහතා පවසයි. අද පෙරවරුවේ ධාවනය කිරීමට තිබු දුම්රියවලින් සියයට 50 ක් ධාවනය කිරීමට හැකිවු බව දුම්රිය සාමාන්‍යධිකාරී එස්. එම්. අබේවික්‍රම මහතා කිීවේය. දුම්රිය ධාවනය අද පස්වරුව වන විට යථා තත්ත්වයට පත්කර ගැනීම අපේක්ෂාවයි. බදුල්ල සිග්‍රගාමී දුම්රිය ප්‍රමාදවී ධාවනය ආරම්භ කළ බව දුම්රිය පාලක මැදිරිය කිවේය. එමෙන්ම බදුල්ලේ සිට කොළඹට පැමිණෙන දුම්රිය මේවනවිට කොළඹ බලා ධාවනය වෙමින් තිබෙන බවද එම පාලක මැදිරිය සදහන් කරයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්