Sri Lanka Brodcasting Corporation

Tue08222017

Last updateMon, 21 Aug 2017 9pm

 

නවතම පුවත්

මිගමුව කුරන ප්‍රදේශයේදි විශේෂ කාර්ය බලකා භටපිරිසකට වෙඩි තැබු සිව්දෙනෙකු අත්අඩංගුවට - දෙදෙනෙකු රෝහලේ

 

මිගමුව කුරන ප්‍රදේශයේදි විශේෂ කාර්ය බලකා භට පිරිසකට වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ටි 56 ගිනි අවි දෙකක්. පිස්තෝලයක් සහ වෑන් රථ දෙකක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. කිසියම් අපරාධයකට යමින් සිටි අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් පිලිබදව විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව එම වෑන් රථ පරික්ෂා කල අවස්ථාවේ සැකකරුවන් විශේෂ කාර්ය බලකා සාමාජිකයන්ට වෙඩි තබා තිබේ. ප්‍රතිප්‍රහාර වලදි  අපරාධ කල්ලියේ සාමාජිකයෝ දෙදෙනෙක් තුවාල ලැබුහ. ඔවුන් ද අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය. එම දෙදෙනා මේ වන විට  රෝහල්ගත කරතිබේ

දේශීය පුවත්

 

විදෙස් පුවත්