Sri Lanka Brodcasting Corporation

Fri10202017

Last updateFri, 20 Oct 2017 10am

 

නවතම පුවත්

අලුත් අවුරුදු උදාව අනිද්දා අලුයම 02 04 ට

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අනිද්දා අලුයම 02 04 ට උදාවෙයි. හෙට පස්වරු 07 40 සිට අනිද්දා පෙරවරු 08 28 දක්වා පුන්‍යකාලයයි. අලුත් අවුරුද්දේ ආහාර පිසිමේ නැකත අනිද්දා අලුයම 05 41 ට යෙදි තිබේ . රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිසාව බලා ලිප් බැද ගිනි මොලවා ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක්ද අග්ගලා සහ තවත් කැවිලි වර්ගයක්ද පිලියෙල කරගැනිම මැනවැයි ජොතිෂ්‍යයේ සදහන් වෙයි. අලුත් අවුරුද්දේ ආහාර අනුභව නැකැත යෙදි ඇත්තේ අනිද්දා පෙරවරු 07 05 ටයි. සුදු සහ නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිසාව බලා වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය මැනවයි. ජෝතිෂ්‍යයේ දැක්වෙයි.
මේ අතර උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස විශේෂ ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මකයි. අමතර දුම්රිය 24 ක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා කියයි.


ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පෙන්වා දෙන්නේ ප්‍රමාණතවත් තරම් ලංගම බස්රථ ධාවනයට එක්කර ඇති බවයි. අමතර බස් සේවා ලබන සෙනසුරාදා දක්වා ක්‍රියාත්මකයි. ලබන ඉරිදා සිට පිටපලාත්වලින් කොළඹ ඇතුලු ප්‍රධාන නගරවලට අමතර බස්රථ යෙදෙවෙයි. අධිවේගි මාර්ග වල මෙන්ම දුරගමන් සේවා සදහා අමතර පෞද්ගලික බස්රථ යොදවා ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති එම් ඒ පි හේමචන්ද්‍ර මහතා කියයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්