Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

සිරස්තල

නවතම පුවත්

2015 දක්වා ඉකුත් රජය සිදුකල බැඳුම්කර නිකුතු පිලිබඳව ද පරික්ෂණයක් අවශ්‍ය බව අවධාරණය කෙරේ

2008 දී සෘජු ක්‍රමයට බැූඳුම්කර නිකුතු පෞද්ගලික අංශයට ලබාදිම නතරකර තිබියදි එය උල්ලංගනය කරමින් පෞද්ගලික අංශයට සෘජු ක්‍රමය යටතේ 2015 දක්වා සිදුකර ඇති බැඳුම්කර නිකුතු පිලිබඳව ද පරික්ෂණයක් පැවැත්විය යුතු බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කියයි.

ශ්‍රි ලංකාව මුළ්‍ය අංශයන්ගෙන් ගත් නිවැරදි තීන්දු නිසා ක්‍රමික ස්ථායිකරණයක් ඇතිවී තිබෙන බව ලෝක බැංකුව කියයි

ශ්‍රි ලංකා ආර්ථිකයේ පසුගිය මාස හයේ කාර්යය සාධනය පිළිබඳව විශ්ලේෂණයක් කරන ලෝක බැංකුව රට දැන් ඉතා වැදගත් සන්දිස්ථානයකට පැමිණ ඇති බව පවසයි.  මුල්‍ය සහ මුදල් යන අංශවලින් ගන්නා ලද නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා  ක්‍රමික ස්ථායිකරණයක් ඇතිවෙමින් තිබේ.  මේ වසරේ පළමු හයමාසය තුල ශ්‍රි ලංකාවේ සමස්ථ ආර්ථික කාර්යයසාධනය පුඑල් වශයෙන් සතුටුදායක මට්ටමක පවතී.  රාජ්‍ය ආයෝජන සහ වැඩි ඉල්ලුමක් නොමැති අංශ මුල්කොට ගත් වර්ධන ආකෘතියෙන් ඉවත්ව වඩාත් පෞද්ගිලක ආයෝජන සහ අලෙවියකින් යුත් අංශ මුල්කොට ගත් ආකෘතියකට පිවිසීමෙන් අභියෝග ජයගනිමින් සාර්ථක ප්‍රථිඵළ නෙලාගැනිමට හැකියාව ඇත.  එමගින් සෙසු ලෝකය සමග ගනුදෙනුවලින් ලබාගත හැකි ප්‍රතිඵල අත්කරගැනීමට ශ්‍රි ලංකාවට අවකාශ ලැබේ.  දේශීය ආදායම් බදු නීතිය තිරසර සහ මුල්‍ය තත්ත්වය තහවුරු කරගැනිමට බෙහෙවින් උපකාරි වෙයි.  අගය එක්කල බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමෙන් එය තවදුරටත් ව්‍යාප්ත කරගැනිමට හැකිවෙයි.  එමෙන්ම දළ දේශිය නිෂ්පාදිතයේ සියයට 5 යි දශම 1 ක් දක්වා සමස්ථ මුල්‍ය හිගය අඩුකර ගැනිමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.  එහි ප්‍රතිඵලයක් වන්නේ 2012 වසරේ සිට වැඩිවෙමින් තිබූ ණය-දළ දේශිය නිෂ්පාදිත අනුපාතය මේ වසරේදි ස්ථාවර විමයි.  තරගකාරිත්වය වැඩිකර ගැනිමට සහ සෘජු විදේශ ආයෝජන වැඩිපුර ලබාගැනිමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරිමෙන් ප්‍රතිලාභ අත්කර ගතහැකි බව ලෝක බැංකුවේ ශ්‍රි ලංකාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ රැල්ෆ් වෑන් ඩ්‍රෝන් මහතා ප්‍රකාශ කරයි.

සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමට යාපනයේදි සර්ව ආගමික හමුවක්

සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමට යාපනය දිස්ත්‍රික්කයේ සර්වාගමික නායකයන්ගේ මුළිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් යාපයනය ශ්‍රී නාග විහාරයේදි පැවැත්වුනි.  අමරපුර ශ්‍රි ධම්මරක්ඛිත නිකායේ මහානායක අති පුජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති එම හමුවට සෑම ආගමක්ම නියෝජනය කරමින් ආගමික නායකයෝ එක්වුහ. මෙහි මුළික අරමුණ වුයේ ජාති ආගම් බේදයකින් තොරව ශ්‍රි ලංකාව තුල සියලු ජන කොටස්වලට සමගියෙන් එකමුතුව විනය ගරුක සාරධර්මවලින් පිරි රටක් බිහිකර ගැනිමයි.  යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා මෙය සංවිධාන කලේය.  මේ වසරේදී යාපනය දිස්ත්‍රික්කයේ පැවති දෙවැනි සර්වාගමික නායක හමුව මෙයයි.

උතුරු කොරියාව ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රටක් යැයි අමෙරිකාව කියයි

උතුරු කොරියාව ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රාජ්‍යයක් ලෙස  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් නම් කරනු ලැබ තිබේ.  එම රට හිතුවක්කාරි අයුරින් දිගින් දිගටම කටයුතු කිරීම මෙම තිරණය ගැනිමට හේතුවී ඇත.  ඒ අනුව උතුරු කොරියාවට පනවන නවතම සම්බාධක ලගඳිම ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික ප්‍රධාන පුහුණුකරුවෙකු පත්කිරීමට අවධානය

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස එරට හිටපු ක්‍රිකට් නායකයෙකු වන කාලිඩ් මහමුද් පත්කිරීමට නියමිතයි.  චන්දික හතුරුසිංහ මහතා ධූරයෙන් ඉවත් වන්නේ නම් එම ධූරයට විදෙස් පුහුණකරුවෙකු සොයාගන්නා තෙක් මෙම පත්කිරීම සිදුකෙරේ.  මේ වන විට හිටපු එංගලන්ත පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ජස්ටින් ලැන්ගර් පිළිබඳව අවධානය යොමු කලත් ඔවුන්ගේ කැමැත්ත මේ දක්වා පලවී නොමැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය සංචාරය සදහා පිටත්ව යයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සදහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. එම සංචාරයේදී වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවරදී ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි.  අගමැතිවරයා ඉන්දිය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාද හමුවීමට නියමිතයි. 

Read more...

නව මැතිවරණයක් සුදුසු බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මාකෙල් කියයි

නව මැතිවරණයක් පැවැත්වීම සුදුසු බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මාකෙල් මහත්මිය කියයි.  සන්ධාන රජයක් පිහිටුවීම සදහා පැවැත්වු සාකච්ඡා බිඳ වැටිමෙන් පසුව ඇය එලෙස සදහන් කර තිබේ. 

Read more...

ශ්‍රී ලංකාව සමග දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ඉන්දිය සංචිතය නම් කෙරේ.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ඉන්දිය සංචිතය නම් කෙරේ.  බුවනේෂ් කුමාර් සහ ශිකර් දවාන් එම සංචිතයට නම්කර නැත.  පෞද්ගලික හේතු මත ඔවුන් සංචිතයෙන් නිදහස් කළ බව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි.  බුවනේෂ් කුමාර් ඉදිරි ටෙස්ට් තරග සදහා ද සහභාගි නොවේ. 

Read more...

කෝප් කමිටු සාමාජිකයන්ගේ දුරකථන තොරතුරු හෙලිවීමෙන් මන්ත්‍රි වරප්‍රසාද කඩවී ඇද්දැයි සොයා බැලීමට එය වරප්‍රසාද කමිටුවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් පස්දෙනෙකුගේ දුරකථන තොරතුරු හෙලිවීමෙන් මන්ත්‍රි වරප්‍රසාද කඩවී ඇද්දැයි සොයා බැලීමට එය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට යොමු කරන බව කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. කමිටුවේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුගේ දුරකථන තොරතුරු හෙලි කිරීමෙන් ඔවුන්ගේ වරප්‍රසාද කඩවු බවට සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ කළ ප්‍රකාශයට පිලිතුරු දෙමින් කථානායකවරයා ඒ බව සදහන් කළේය. පක්ෂ නායක රැස්වීමක් කැදවා ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවද ඔහු සදහන් කලේය.

Read more...

කෙටි පණිවිඩ හා සමාජජාල මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාර කරන්නන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග.

කෙටි පණිවිඩ හා සමාජජාල මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා පුඵල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.  රටේ ඛණිජ තෙල් හිගයක් ඇති බව පවසමින් පසුගිය දිනවල එවැනි අසත්‍ය ප්‍රචාර පැතිර ගියේය.

Read more...

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුඵ තිදෙනාට ඇප නියම කෙරේ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුඵ තිදෙනා ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග

Read more...

සිම්බාබ්වේ හිටපු නායකයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට .

සිම්බාබ්වේ හිටපු ජනාධීපති  රොබට් මුගාබේ ට එරෙහි විශ්වාසභංග යෝජනාව  අද පාර්ලිමේන්තුවට ගෙනඒමට   කටයුතු යොදා  තිබේ.  මේ වනවිට එරට  පාලන බලය මෙහෙයවන සානු පී එෆ්. පක්ෂය එම  විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි .

Read more...

සෞඛ්‍ය ක්ෂේත්‍රය යාවත්කාලීන කිරීමට අවශ්‍ය සියලු පහසුකම් රජය ලබාදෙන බව ජනාධිපතිතුමා කියයි.

ලොවපුරා සිදුකෙරන නව පර්යේෂණ හා සොයාගැනිම් තුල නිරන්තරයෙන් සිදුවන වෛද්‍ය විද්‍යාවේ වෙනස්විම් හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ද යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙයි. 

Read more...

අගමැතිතුමාගේ ඉන්දීය සංචාරය අද ඇරඹේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සදහා දිවයිනෙන් අද පිටත්ව යයි.  වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවරදී ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි. 

Read more...

ඉන්ධන හිගයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශ සිදුකරන අයට එරෙහිව දැඩි නීති.

රට තුල කිසිඳු ඉන්ධන හිගයක් නැතැයි ඇමති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි. ඉන්ධන හිගයක් ඇතිබවට අසත්‍ය ප්‍රකාශ සිදුකොට ජනතාව නොසන්සුන් කරන අය හඳුනාගෙන නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලා ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කලේය.

Read more...

07 වැනි සාර්ක් චිත්‍රපට උලෙල අද ආරම්භ වේ

07 වැනි වාර්ෂික සාර්ක් චිත්‍රපට උලෙල ශ්‍රී ලංකාවේ දී අද ආරම්භ වේ. එය ලබන 25 වැනිදා දක්වා පැවැත්වේ.  ශ්‍රී ලංකාවේ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය එය සංවිධාන කරයි.  මෙහිදි ඇෆ්ගනිස්ථානය . බංග්ලාදේශය . භුතානය . ඉන්දියාව . මාලදිවයින .

Read more...

ලෝක ධීවර දිනය අද

ලෝක ධීවර දිනය  අදට යෙදි තිබෙ.   මත්ස්‍ය සම්පත විනාශ වීමට බලපාන  කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ලෝක ධීවර දිනය සැමරේ.   ලොව පුරා  ජනගහනයෙන් මිලියන  43 ක් ධීවර කර්මාන්තයේ  නියැලෙති. 

Read more...

අලුත් අධිකරණ පිහිටුවා නීතිය කඩිනම් කිරීමට නව ක්‍රියාමාර්ග

අලුතින් උසාවි සංඛ්‍යාව වැඩිකිරිම අත්‍යාවශ්‍ය වී ඇතැයි ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය කියයි.  පාර්ලිමේන්තුවේ අධිකරණ අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඇය කියා සිටියේ සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයේ වෙනස්කම් සම්බන්ධයෙන් කමිටු පත්කර ඇති බවයි. 

Read more...

බිස්නස් ටුඩේ ටොප් 30 සම්මාන උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

"බිස්නස් ටුඩේ ටොප් 30" (Business Today TOP 30) සම්මාන උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ෂැන්ග්‍රිලා හෝටලයේ දී  පසුගිය (20) වන දින පැවත්විණි.

Read more...

අගමැතිවරයා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා හෙට දිවයිනෙන් පිටත්ව යයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සදහා හෙට දිවයිනෙන් පිටත්ව යයි.  වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවරදී ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි.  අගමැතිවරයා ඉන්දිය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාද හමුවීමට නියමිතයි.  ලබන බ්‍රහස්පතින්දා නවදිල්ලියේ එරොසිටිහිදි ඉන්දිය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන පස්වැනි ලෝක සයිබර් අවකාශ සමුඑවේ සමාරම්භක උත්සවයට ද වික්‍රමසිංහ මහතා සහභාගි වෙයි.

ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස්කර ඇතැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කියයි

 

. රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ රට තුල ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස්කර ඇති බවයි.  ඉදිරියේදි අපනයන ප්‍රතිපත්තියක් සකස් කිරිමට ද නියමිතයි.  වසර 2020 වන විට ආර්ථික වර්ධන වේගය සියයට 6 ඉක්මවීම අපේක්ෂාවයි.  ජී එස් පී ප්ලස් සහනය ලැබීමෙන් පසු ගතවු පළමු මාස 6 තුලදී ඇගඑම් කර්මාන්තයේ සියයට 15 ක වර්ධනයක් දක්නට ලැබේ.  රට තුල පවතින දේශපාලන ස්ථාවර භාවය ආයෝජන මෙරටට පැමිණීම ඉහළ යාමට හේතුවී ඇත.  රටේ ණය බර පියවීමට නිස්පාදන ඉහළ නැංවිය යුතුය.  රටපුරා කර්මාන්ත ශාලා පිහිටුවීමට පියවර ගැනේ.  එමගීන් වසර 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර අදායමක් ලබාගැනීම ඉලක්කයයි.  අධිකරණ හා නීතිපති දෙපාර්තමේන්තුව අනගි සේවයක් ඉටුකරයි  විනිසුරුවරුන්ට් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ඉහළ වැටුප් ලබාදිය යුතුය.  නිතපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් දේශපාලන රැවටිලිවලට හසුනොවන ලෙස ඉල්ලා සිටි රාජ්‍ය ඇමතිවරයා කුහකකමින් දේශපාලනය කර රට ගොඩනැගීමට නොහැකි බව පැවසිය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්