Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

සිරස්තල

නවතම පුවත්

ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල නිසා ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්වන බව අමාත්‍ය කබිර් හෂිම් මහතා කියයි

රජයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල නිසා මෙරට ජනතාවට ලෝකය ඉදිරියේ සැබෑ සිංහයන් මෙන් නැගී සිටීමට හැකි වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි. ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව සිදු කරන බොරු ප්‍රකාශවලින් ජනතාව නොමග යැවිය නොහැකි බව ඇමතිවරයා කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

Read more...

අනොන්‍ය වශයෙන් එක්ව කටයුතු කිරීමෙන් සංහිඳියාවට ඇති බාධා ඉවත් කළ හැකි බවට ප්‍රකාශයක්

සැකය සංහිදියාවට ඇති බාධාව බව සමාජ සංවර්ධන සංගමයේ සභාපති එඩ්මන් ජයසිංහ මහතා පවසයි.

Read more...

ප්‍රචන්ඩත්වය සහ ත්‍රස්තවාදය පිටුදැකීමේ ක්‍රියාවලියේ දී බංග්ලාදේශය සමග උරෙන් උර ගැටී කටයුතු කරන බව ඉන්දිය රජය කියයි.

ප්‍රචන්ඩත්වය සහ ත්‍රස්තවාදය පිටුදැකීමේ ක්‍රියාවලියේ දී බංග්ලාදේශය සමග උරෙන් උර ගැටී කටයුතු කරන බව ඉන්දිය රජය පවසයි.  ඉන්දිය විදේශ කටයුතු ඇමති සුෂ්මා ස්වරාජ් මහත්මිය බංග්ලාදේශ විදේශ කටයුතු ඇමති ඒ එච් මහමූද් අලි මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ බංග්ලාදේශය ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටනට සෑම සහායක්ම ලබා දෙන බවයි.

Read more...

18 වැනි ආසියාතික කණිෂ්ඨ වොලිබෝල් තරගාවලිය අද සිට චීන තායිපේ හිදි.ි

ආසියාතික වොලිබෝල් සංගමය මෙහෙයවන 18 වැනි ආසියාතික කණිෂ්ඨ වොලිබෝල් තරගාවලිය අද සිට චීන තායිපේ කොහාසියන්ග් ක්‍රීඩාගාරයේ දී ආරම්භ වේ.

Read more...

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර සබඳතා පුඑල්කර ගැනේ

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශවික සබදතා තවදුරටත් පුඑල් කරගැනේ. අප්‍රිකානු කළාපයේ සංචාරයක් ආරම්භ කර ඇති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහිදී ජනාධිපති ජෙකබ් සුමා මහතා මුණගැසුනේය. ආරක්ෂක උපකරන. ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙළඳ ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුනි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාව දෙරටේම නායකයෝ පැහැදිලි කලහ.

Read more...

තමා ජනාධිපති ධූරයේ සිටිනතාක් කිසිඳු විදේශීය අධිකරණයකට හෝ සංවිධානයකට රටට ඇගිලි ගැසීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි

විදේශීය අධිකරණයකට විනිසුරුවරයෙකුට හෝ කිසිඳු සංවිධානයකට රටේ අභ්‍යන්තර පරිපාලනයට හා අධිකරණයට ඇගිලි ගැසීමට ඉදිරියටත් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.  පසුගිය යුධ සමයේ සිදුවුවායැයි පැවසෙන මානවහිමිකම් කඩවීිම් පිළිබඳව එල්ලවි ඇති චෝදනා සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන් ගෙනඒමට හා විදේශීය යුධ අධිකරණ පිහිටුවීමට කුමන ස්ථානවල කුමන ආකාරයෙන් අදහස් ප්‍රකාශ වුව ද තමා ජනාධිපති ධූරයේ කටයුතු කරනතාක් ඒ සඳහා කිසිඳු ඉඩක් ලබානොදෙන බව එතුමා කියා සිටී.

Read more...

මෙරට ආරම්භ කර ඇති මහාපරිමාන ව්‍යාපෘති අඛණ්ඩව සිදුකරන බවට චීනයෙන් ප්‍රතිඥා

චීන විදේශ ඇමති වංග් යී මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙියේය.  ඔහු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමග ද්වීපාර්ශවීක සාකච්ඡා ද පැවැත්විය.  ඉන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතු අමාත්‍ය සමරවිර මහතා ශ්‍රි ලංකාව හා චිනය අතර ද්විපාර්ශවික සබදතා දිනෙන් දින වර්ධනය වන බව සඳහන් කලේය.  දැනට චිනය ආරම්භ කර ඇති මෙරට මහාපරිමාන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට සහාය ලැබේ.  ශ්‍රි ලංකාව ඉන්දීයන් සාගරයේ වෙලඳ මධ්‍යස්ථානය බවට පත්කිරිමට චිනයේ විශේෂ සහාය හිමිවේ.

Read more...

සාලාව පිපිරීම හේතුවෙන් විනාශවු නිවාස 400 කට වැඩි සංඛ්‍යාවකට රුපියල් පනස් දහසක දීමනාවක්

සාලාව හමුදා කඳවුරේ පිපිරීම හේතුවෙන් විනාශවු නිවාස 401 ක් වෙනුවෙන් මසකට රුපියල් පනස් දහසක දිමනාවක් දැන් ලබාදෙන බව කොලඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පවසයි.  මිට අමතරව ව්‍යාපාරික ස්ථාන හා නිවාස 2014 ක තක්සේරු වාර්තා ලබාගෙන තිබේ.  ඒවා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කොට ඉදිරියේදී තක්සේරු අනුව වන්දි ලබාදිමට ක්‍රියා කෙරේ.

Read more...

ජනාධිපති නිල නිවස ඇතුඒ ප්‍රදේශයේ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ජනාධිපති නිල නිවස. සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය. හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව විශාඛා විද්‍යාලය හා සමුඑ නිවාස ආශ්‍රිත ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් විශාල ලෙස පැතිර ඇතැයි හඳුනාගෙන ඇත.  ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ ගනන ද ඉහළ ගොස් ඇත.

Read more...

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් අඛණ්ඩ සහය.


ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර මුදල් වත්මන් රජය යටතේ නිසි අයුරින් ආයෝජනය වන අයුරු දක්නට ලැබෙන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. එම නිසා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බට එම බැංකුව සහතික වෙයි.

Read more...

දේශීය වෛද්‍ය ක්‍රමය වැඩිදියුණු කිරීමට රජයේ උපරිම සහය - ජනපති

දේශීය වෛද්‍ය ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතික වෙයි. දේශීය වෛද්‍ය ක්‍රමය කෙරෙහි මේ වන විට ජාත්‍යන්තරයේ ද අවධානය යොමුවී තිබේ. ස්වභාව ධර්මයට සමීප වෙදකමක් වීම ඊට හේතුවයි.

Read more...

ශ්‍රී ලංකා රාමඤ්ඥ මහා නිකායේ හැත්තෑවෙනි උපසම්පදා විනය කර්මය ජනපති අගමැති ප්‍රධානත්වයෙන් අද පානදුරේදී.

උපසම්පදා විනයකර්ම පැවැත්වීමේ අරමුණ ගිහි සමාජයට විනය පිළිබඳ ආදර්ශයක් ලබාදීම බව දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසති. සෑම වසර දෙකකට වරක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනය කර්මය පැවැත්වේ.

Read more...

රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සචින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදා හැරේ.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදාහැරේ. රුපියල් ලක්ෂ පහක  මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප හතරක් මත ඔහු මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද තහනම් කෙරිණි.

ඉරාකයේ ෂියා ආගමික සිද්ධස්ථානයකට ප්‍රහාරයක්

ඉරාකයේ ෂියා ආගමික සිද්ධස්ථානයකට ප්‍රහාරයක් එල්ල වේ. සිද්ධියෙන් 30 දෙනෙක් මරණයට පත්වූහ. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සිය බඳ පටියේ සවිකළ පුපුරන ද්‍රව්‍ය සිද්ධස්ථානයේ පිවිසුම් දොරටුව අසලදී පුපුරුවා හැර ඇති අතර ඉන් පසු තුවක්කුකරුවන් බැතිමතුන්ට වෙඩිතබා තිබේ

Read more...

ජාතික මහා ක්‍රීඩා උළෙල දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹේ.


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ජාතික මහා ක්‍රීඩා උළෙල දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 800 කට අධික පිරිසක් ඊට සහභාගී වෙති. ජාතික මට්ටමේ සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුදෙනාම පාහේ ක්‍රීඩා උළෙලට සහභාගී වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කියයි.

Read more...

රජය රුපියල් කෝටි දෙදහස් තුන්සීයක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි.

රජය රුපියල් කෝටි දෙදහස් තුන්සීයක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි. අදාළ වෙන්දේසිය ලබන බදාදා පැවැත්වේ. දින 91 න් එකසීය අසු දෙකෙන් හා තුන්සීය හැට හතරෙන් කල් පිරෙන පරිදි ඒවා සකස් කර තිබේ. ප්‍රාථමික වෙළඳුන්ගෙන් හා බලපත්‍රලාභී වාණීජ බැංකුවලින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකි බව මහ බැංකුව කියයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි 300 ක් අස්ථානගත විම පිළිබඳව පරීක්ෂණ කඩිනම් කෙරේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි 300 ක් අස්ථානගතවීම පිළිබඳව පරීක්ෂණ වහාම කඩිනම් කරන ලෙස ඇමති රංජිත් සියඹලාපිටිය මහතා  අදාල බලධාරින්ට උපදෙස් දෙයි.  එම මුදල් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරිමෙන්  පසු අතුරුදන් වි ඇතැයි ඇමතිවරයා පැවසුවේ මණ්ඩලයේ සියලු වෘත්තිය සමිති නියෝජිතයන් සමග පැවති  සාකච්ඡාවකදිය. මේ වනවිට අදාල ගණුදෙනුවට සම්බන්ධ  ඇතැම් ලිපි  අතුරුදන් වී ඇතැයි  ද ඇමතිවරයා කිය. සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විමට සමගාමිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනම පරීක්ෂණයක් සිදු කරයි.   මෙම සිද්ධියට  සම්බන්ධ පිරිස් වලට තරාතිරම නොබලා නෛතික ක්‍රියාමාර්ගගැනිමට කටයුතු කරන බව ඇමතිවරයා කීය.  ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක අර්ථ සාධක අරමුදල සදහා වෙනම භාරකාර මණ්ඩලයක් ඉදිරියේදි ස්ථාපිත කරන බව ද හෙතෙම පැවසිය.

පන්දු යවනන්නන් රැසක් ආබාධයන්ට ලක්වීම එංගලන්ත තරග සංචාරයේ පරාජයට හේතුවු බව ශ්‍රි ලංකා පිලේ නායකයා කියයි

පන්දු යවනන්නන් රැසක් ආබාධයන්ට ලක්වීම එංගලන්ත තරග සංචාරයේ පරාජයට හේතුවු බව ශ්‍රි ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ඉදිරියේදී පැවැත්වෙන ඔස්ට්‍රේලියානු තරගාවලියේ අඩුපාඩුකම් මගහරවා ගනිමින් තරග වැදීම අපෙක්ෂාව බව හෙතෙම කියයි. ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයා මේ බව පැවසුවේ කොළඹ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ඔහු වැඩිදුරටත් සඳහන් කලේ පිතිකරුවන් තරගාවලියේදී සාර්ථකත්වයක් දැක්වු බවයි. ජ්‍යෙෂ්ඨ හා යොවුන් ්ක්‍රිඩකයින්ගෙන් සමන්විත සමබර කණ්ඩායමක් ඉදිරි ඔස්ටේ‍ර්ලියානු තරගාවලියට සහභාගි කරවීමට කටයුතු කරන බව ද ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන කණ්ඩායම ශක්තිමත්ව ඉදියට ගෙනයාම අරමුණ බව ද ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයා එහිදී කිවේය.. තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා ද මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය.

ශ්‍රි ලංකා ජාතික පර්යේෂණ සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වේ

ශ්‍රි ලංකා ජාතික පර්යේෂණ සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කලේය. විවාදයට එක්වු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙරට නගර සුහුරු නගර බවටත්. මිනිසුන් සුහුරු මිනිසුන් බවටත් පත්කොට සුහුරු රටක් නිර්මානය කිරීම රජයේ ඉලක්කය බව පැවසීය. නවෝත්පාදන බිහි කිරීම රටේ ඉදිරි ගමනට හේතුවේ. සුඑ හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් දිරිගැන්වීමේ අරමුණින් මධ්‍යස්ථානයක් හෝමාගම ඉදිකරන බව ද ඔහු කිය. බටහිර ලෝකයට සිමාවු තාක්ෂණය සහ නවෝත්පාදන මේ වන විට ආසියාව කරා ගමන්කරමින් පවතී. අද දැනුම බෙදාහරිනු ලබන්නේ බටහිර රටවල් නොව ආසියානු රටවල් බව ද ඔහු පැවසීය. එබැවින් ඒ සඳහා අප සූදානම් විය යුතුය. ලොව සම්පත් හිගය. පරිසර දූෂණය හමුවේ හරිත තාක්ෂණය ඔස්සේ හරිත ආර්ථිකයක් බිහිකල කලයුතුව ඇතැයි ද ඇමතිවරයා කීවේය.
විවාදයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශූ මාරසිංහ මහතා විදේශගත ශ්‍රි ලාංකීක විද්‍යාඥයින්ගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව ජාත්‍යන්තර සම්මන්ත්‍රනයක් මෙරට පැවැත්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඔවුන් සම්බන්ධකරගනිමින් පර්යේෂණ පැවැත්විම සඳහා ජාලයක් නිර්මානය කිරිමෙන් රටට යහපතක් වනු ඇත. එමගින් මෙරට දරුවන්ට පර්යේෂණ සඳහා අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

රට සංවර්ධනය කිරීමට අවශ්‍ය තරම් මුදල් රජය සතු බවට මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්

රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තරම් මුදල් රජය සතුව ඇතැයි මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.  විදේශීය රටවල් සහ විදේශිය ආධාර ආයතන වලින් ඒ සඳහා ආධාර ලබාදී ඇතැයි ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.  එහෙත් එම මුදල් පසුගිය රජය ලබාගත් ණය පියවිම සඳහා යොදාගත නොහැක.  එම ආධාර ලබාදෙන්නේ රට සංවර්ධනය කිරිම සඳහා පමණක් බව ඇමතිවරයා කීය.  රටේ ආදායම වැඩිකර ගැනිම සඳහා රජය මේ වන විට පියවර කිහිපයක් ගෙන තිබේ.  ඇමති රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුනවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් පිළිබඳ විවාදයේදීය.  රජය ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා ජනතාව මත අමතර බර පැටවී ඇතැයි බන්දුල ගුනවර්ධන මහතා පැවසීය.

ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම හෙවත් එන් වී කියු සහතිකය ජාතික විභාග මට්ටමට පිළිගැනිමට රජය තීරණය කරයි.

ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම හෙවත් එන් වී කියු සහතිකය ජාතික විභාග මට්ටමට පිළිගැනිමට රජය තීරණය කරයි.  ඒ අනුව එන් වී කියු 3 මට්ටම අපොස සාමාන්‍ය පෙළ විභාගයටත් එන් වී කියු 4 මට්ටම අපොස උසස් පෙළ විභාගයටත් සමාකර ඇතැය නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ුඅමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.  එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කලේය  අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළින් පසු වාර්ෂිකව තරුණ තරුණියන් දෙලක්ෂ හතලිස්දහසකට ආසන්න පිරිසක් තම ඉදිරි ගමන් මග පිළිබඳව නිශ්චිත ඉලක්කයක් නොමැතිව ඉච්ඡාභංගත්වයට පත්වෙති.  ඔවුන්ට සාධාරණය ඉටුකිරීම සඳහා මෙම පියවර ගත් බව පැවසූ ඇමතිවරයා එන් වී කියු 4 මට්ටමින් පසු උපාධිය දක්වා යාමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බව කිවේය.  මිට අදාල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.  ඉදිරි දිනයකදී ඊට අදාල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරන බව ද ඔහු කිය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්