Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

සිරස්තල

නවතම පුවත්

ඉන්දු ශ්‍රී ලංකා පලමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා හිදි පැවැත්වෙන පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. මේ වනවිට සිය පලමු ඉනිම සදහා පන්දුවට පහර දෙන ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ දිනය නිමා වනවිට කඩුලු 4 ක් දැවි ලකුණු 165 ක් ලබා සිටියේය.

Read more...

සංහිදියාව මගින් සැමගේ මානව හිමිකම් ලබාදිම අරමුණ බව රජය කියයි

ශ්‍රි ලංකාවේ මානව හිමිකම් වාර්තාව එක්සත් ජාතින්ගේ  මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාකාරී කණ්ඩායමේ සමාලෝචනයට භාජනය කිරිම  ජිනිවා නුවරදි පසුගිය බදාදා සිදුවිය. ඊට සහභාගි වු නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ පස්වරුවේ ආපසු දිවයිනට පැමිණිමෙන් පසුව පාර්ලිමේන්තුවේදි  විශේෂ ප්‍රකාශයක් කලේය.

Read more...

දැහැමි පරපුරක් මතින් නිදහස් රටක් සම්මන්ත්‍රණ මාලාවේ අට වැන්න පොළොන්නරුවේදි

දැහැමි පරපුරක් මතින් නිදහස් රටක් සම්මන්ත්‍රණ මාලාවේ 8 වැන්න පොළොන්නරුව ඓතිහාසික ගල්තඹරාව රජමහා විහාරස්ථානයේදි අද පැවැත්වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මතින් නිදහස් රටක් වැඩසටහනට සමගාමිව ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුල ලමා ගුවන්විදුලිය හා ආගමික වැඩසටහන් අංශය මත්ද්‍රව්‍ය නිවාරන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග එක්ව මෙම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරයි.

Read more...

මාර්ග අනතුරු වලට ලක්ව විපතට පත්වුවන් සිහිකිරිමේ ජාත්‍යන්තර දිනය අදයි .

මාර්ග අනතුරුවලට ලක්ව විපතට පත්වුවන් සිහිකිරිමේ ජාත්‍යන්තර දිනය අදට යෙදි තිබේ. 2005 දි එක්සත් ජාතින්ගේ සංවිධානය සැම වසරකම නොවැම්බර් මස 3 වන දා මාර්ග අනතුරු නිසා විපතට පත්වුවන්ගේ දිනය ලෙස නම්කලේය.

Read more...

රටේ ආරක්ෂාව කිසිසේත් බිදවැටි නැති බවට ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රකාශක්

ආරක්ෂක අමාත්‍යංශය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය . නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යන අමාත්‍යංශවල වැය ශ්ර්ෂ පාර්ලිමේන්තුවේදි ඊයේ සම්මතවිය. ආරක්ෂක අමාත්‍යංශය වැය ශිර්ෂය පිලිබද සාකච්ඡාවේ පිලිතුරු කතාව කල රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා මෙවර ඉදිරිපත් කර ඇත්තේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන අයවැයක් බව පැවසිය.

Read more...

ජාතින් අතර සංහිදියාව ගොඩනැංවිමට රජයට උතුරු පළාත් සභාවේ සහාය අවශ්‍ය බව ඇමති එස්. බී. දිසානායක මහතා කියයි

 

ජාතින් අතර සංහිදියාව ගොඩනැංවිම සදහා රජය හා ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට තවදුරටත් උතුරු පළාත් සභාවේ සහාය අවශ්‍ය බව ඇමති එස්. බී. දිසානායක මහතා පවසය.ි  උතුරේ පැවති යුද්ධයෙන් පසු එහි ජනතාවට මේ වනවිට නිදහසේ ජිවත්විමට අවකාශ සැලසි තිබෙ.්   තිස්වසරක යුද්ධය අවසන් කිරිමෙන් ලබාගත් නිදහසෙන්  අද වඩාත් වාසි ලැබී ඇත්තේ උතුරේ ජනතාවටයි.   එබැවින් එය තවදුරටත් ශක්තිමත් කර ගැනිමට උතුරේ ප්‍රධාන ඇමතිවරයා මෙන්ම පළාත් සභා ඇමතිවරුන් ද  රජයට සහාය ලබාදිය යුතුබව බත්තරමුල්ල සිය නිවසේ අද පැවති මාධ්‍ය හමුවකදි  ඇමතිවරයා පැවසිය.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව  රට දෙකඩ නොකර  ඒකිය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාමටත්. 

Read more...

වත්මන් පාලනය තුළ රටේ සියලු ණය ගෙවා දමා ජනතාවට සහන සලසන බව අගමැතිවරයා ප්‍රකාශ කරයි

 

යහපාලන රජය යටතේ භාණ්ඩාගාරයේ කටයුතු පාර්ලිමේන්තුවේ අධීක්ෂණය යටතට ගෙන ජනතාවට සහන සලසන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසය.ි වත්මන් රජයේ පාලන කාලය තුළ රටේ සියලු ණය ගෙවා දමන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි අද පැවසිය. කෝප් කමිටුවේ සභාපතිවරයා . අයවැය කමිටුවේ සභාපතිවරයා මෙන්ම සියලු කමිටුවල සභාපතිවරුන් විපක්ෂයෙන් පත් කර තිබෙ.් පසුගිය කාලයේ එවැනි තත්ත්වයක් නොතිබු බව අගමැතිවරයා කිය. රජයේ වැඩපිළිවෙලට සහාය නොදක්වන ඇතැම් නිලධාරින් ඉවත් කරන බව ද වික්‍රමසිංහ මහතා පැවසිය. වත්මන ්රජය සමෘද්ධි සහනාධාරය ඉහළ දැමිමට ක්‍රියා කළේය. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවිම මෙන්ම ඉන්ධන මිල ගණන් පහළ දැමිමට ද කටයුතු කළ බව අගමැතිවරයා කිය.

ජාතික උපක්‍රමික ආරක්ෂක සැලැස්මක් රටට අවශ්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා ඇමතිවරයා පවසයි

 

අයවැය කාරක සභා අවස්ථාවේ  දෙවන දිනය අදයි.   ආරක්ෂක අමාත්‍යංශය.   ජාතික ප්‍රතිපත්ති හා  ආර්ථික කටයුතු අමාත්‍යංශය . නිතිය . සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යන  අමාත්‍යංශවල  වැය ශිර්ෂ පිළිබූඳව අද සාකච්ඡා කෙරේ.  එහිදි අදහස් දැක් වූ  ඇමති  ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා   රටට  ජාතික උපක්‍රමික ආරක්ෂක සැලැස්මක් අවශ්‍ය බව පැවසිය.   කලාපයේ ආරක්ෂාව  මෙන්ම  ශ්‍රි ලංකාවට බාහිරින් හා  ඇතුළතින් එල්ලවන  තර්ජන ගැන අවධානය යොමු කළ යුතුබව හෙතෙම කීය.   වසර 32 ක යුද්ධයක් රට තුළ පැවතිණ. එමගින් ආර්ථිකයට  . ජනජීවිතයට  බලපෑම් එල්ල විය.   ආරක්ෂක ක්ෂේත්‍රයේ සියලුදෙනා ඒ සදහා  කළ කැපකිරිම්  අප අමතක කළ යුතු නැතැයි ඇමතිවරයා පැවසිය

Read more...

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විධිමත් කිරිම සදහා පනතක්

 

නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා අදහස් දක්වමින් අල්ලස්  හෝ දූෂණ  චෝදනා විමර්ශන  කොමිෂන් සභාව විධිමත් කිරිම සදහා පනතක්  කඩිනමින්  සකස් කෙරෙන බව කීය .   එම පනත ලබන වසරේ  මුල් මාස දෙක තුළ සම්මත කර ගැනිම අරමුණයි.  රජයේ  අනුමත නිතිඥයන්ගේ සංඛ්‍යාව 118 කි.   එම සංඛ්‍යාව  218 දක්වා ඉහළ නැංවිමට  රජයේ අනුමැතිය හිමි වී ඇත.   ඇතැම් මාධ්‍ය වගකීමෙන් තොරව කටයුතු කරන බවට ඇමතිවරයා චෝදනා කළේය. . මන්ත්‍රිවරු  41 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් මහතා සමග  දුරකථනයෙන්  කථා කර ඇති බවට තොරතුරු  වාර්තා වී තිබෙ.් ඉන් පස්දෙනෙකුගේ පමණක්  නම් මාධ්‍යයට ලබාදී ඇත . එබැවින්   ඉතිරි 36 දෙනාගේ නම් ද ඉදිරිපත් කිරිමට කටයුතු කළ යුතු බව හෙතෙම පැවසිය

ඔස්ට්‍රේලියාවේ රැදවුම් කදවුරුවල සිටින ශ්‍රි ලාංකිකයන් යලි ගෙන්වා ගැනිමට රජයෙන් සැලසුම්

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවයට සුදුසුකම් ලබා නොමැතිව රැදවුම් කදවුරුවල සිටින  ශ්‍රි ලාංකිකයන් යලි   ගෙන්වා ගැනිමට  රජය කටයුතු කරන බව  විදේශ  කටයුතු ඇමති තිලක් මාරපන මහතා  පවසයි.  බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට යාමේදි  අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයෝ  රැදවුම් කදවුරුවල සිටිති.   ඊයේ වනවිට ක්‍රිස්මස් දුපතේ කදවුරේ ශ්‍රි ලාංකිකයෝ් 12 දෙනෙක්ද පැපුවානිව්ගිනියාවේ  21 දෙනෙක් ද ඔස්ට්‍රේලියාවේ මධ්‍ය ප්‍රදේශයේ 70 දෙනෙක්ද නාවුර් හි 94 දෙනෙක්ද රැදවුම්භාරයේ පසුවෙති.   ඔවුන් යලි ගෙන්වා ගැනිම සදහා  අවශ්‍ය ගුවන් වියදම්  දැරීමට  රජය කටයුතු කරයි.  මේ සදහා ඔස්ට්‍රේලියානු රජය සමග  එක්ව කටයුතු කරන බව ඇමතිවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධි ිපතිරණ මහතා මතුකළ වාචික පැනයකට පාර්ලිමේන්තුවේදි  අද පිළිතුරු දෙමිනි.

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ නිතිය හා සාමය සම්පුර්ණයෙන් තහවුරු කර ඇතැයි විෂය භාර ඇමතිවරයා පවසයි

 

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කර ප්‍රදේශයේ නිතිය හා සාමය සම්පුර්ණයෙන් තහවුරු කර ඇතැයි ඇමති සාගල රත්නායක මහතා පවසයි. ඊයේ රාත්‍රියේ සිට විශේෂ පොලිස් කණ්ඩායම්. විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව යොදා ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙ.් ජනාධිපතිතුමාගේ සහ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ආරක්ෂාවට උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

Read more...

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පෙරවරු 9.00 දක්වා පොලිස් ඇදිරි නීතිය

 

ගාල්ල පොලිස් වසමේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පොලිස් මුලස්ථානය සදහන් කරයි. පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් නිලධාරින් 200 කට වැඩි සංඛ්‍යාවක් සහ පොලිස් විශේෂ බලකායේ නිලධාරින් 100 කට වැඩි සංඛ්‍යාවක් එම ප්‍රදේශයේ රාජකාරි සදහා යොදවා ඇත. සිද්ධියට අදාලව සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සදහා වැලිපිටිමෝදර. මහහපුගල. රුක්වත්ත. ගිංතොට නැගෙනහිර හා බටහිර. පියදිගම. කුරුදුවත්ත යන ප්‍රදේශවල අද පෙරවරු 9.00 දක්වා පොලිස් ඇදිරිනීතිය පනවා ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇතිවු සුඵ සිද්ධියක් දුරදිග යාමෙන් එය කලබලකාරි තත්ත්වයක් දක්වා වර්ධනයවීම පිළිබඳව රජය වෙනුවෙන් තමන් බලවත්සේ කනගාටුව පළකරන බවයි. මෙම ගැටඵකාරි තත්ත්වය තවදුරටත් වර්ධනයවීම වැළැක්වීම සදහා සියලු වගකීම් භාරගෙන ක්‍රියාකරන බවද ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. සුඵ සිද්ධියක් ජාතිවාදි කලබලයක් දක්වා වර්ධනය කිරීමට පටු දේශපාලන වාසි අපේක්ෂා කරන සිමිත කොටසක් දැඩි උත්සාහයක යෙදි සිටින බැවින් ඔවුන්ගේ උසිගැන්වීම්වලට නොවරැටෙන ලෙස ඇමතිවරයා ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටි.

පළාත්පාලන නාමයෝජනා දැන්විම නිකුත් කිරිම ලබන 27 වැනිදා

පළාත්පාලන ඡන්ද විමසීම සඳහා වන නාමයෝජනා දැන්විම් ලබන 27 වැනිදා නිකුත් කිරිමට මැතිවරණ කොමිසම තිරණය කලේය. එම දැන්වීම් නිකුත් කර දින 14 කින් පසුව නාමයෝජනා කැඳවීම ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. නොවැම්බර් 27 වැනිදා සිට දින 17 කින් නාමයෝජනා භාරගැනීම අවසන් කෙරේ. නාමයෝජනා කැඳවිමේ දැන්විම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින්ට හෝ එක් එක් පළාත් පාලන ආයතනවල දිස්ත්‍රික් සහකාර තේරීම්භාර නිලධාරින්ට නිකුත් කෙරෙන අතර. ඒ පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත් කරන බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසිය.

ශාසනික සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය සියලු කැපකිරීම් සිදුකරන බව ජනාධිපතිතුමා කියයි

.ලෝකයේ බොහෝ දියුණු රටවල දැකිය නොහැකි විනයකින් හා හැදියාවකින් ශ්‍රි ලාංකීක සමාජය පෝෂණය වී ඇත්තේ බෞද්ධ දර්ශනය නිසා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. ශාසනික සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ යුතු සියලු කැපකිරිම් වත්මන ්රජය සිදුකරන බව ද එතුමා සඳහන් කරයි. මාවනැල්ල කැප්පෙටිපොල ශ්‍රි අභයරාජ මහවිහාරස්ථානයේ අභිනව තෙමහල් බහුකාර්යය ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබිමේ පුණ්‍යෝත්සවයට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ කරුණු සඳහන් කලේය.

ඉදිරි දෙසතිය තුල වෙළඳපලේ පොල් මිල ගනන් පහතට

ඉදිරි දෙසතිය තුල වෙළඳපලේ පොල් සිල්ලර මිල ගනන් පහත වැටෙනු ඇතැයි පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසයි. නොවැම්බර් 15 ත් දෙසැම්බර් 30 ත් අතර කාලයේ වැඩි පොල් පලදාවක් ලැබේ. ඒ අනුව ඉදිරියේදී පොල් ගෙඩි කෝටි 28ක අස්වැන්නක් අපේක්ෂා කරන බව ද සභාපතිවරයා පැවසිය. ජනතාවගේ පොල් අවශ්‍යතාව සපුරාලිම සඳහා තවදුරටත් ජංගම සේවා ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කලේය සතොසට පොල් ලබාදිම ද පොල් වගා කිරීමේ මණ්ඩලය අඛණ්ඩව සිදුකරයි.

අර්තාපල් ගෙන්වන බව පවසා නීතිවිරෝධිව ගෙන්වු ග්ලයිෆොසෙට් තොගයක් රේගු භාරයට

අර්තාපල් ගෙන්වන බවට රේගුවට පවසා නීතිවිරෝධි අන්දමින් මෙරටට ගෙන්වු ග්ලයිෆොසෙට් කිලෝ ග්‍රූම් 625 ක් රේග මධ්‍යම භාණ්ඩ නිශ්කාශන අංශය ඔරුගොඩවත්ත රේගු අංගනයේදි අද තම භාරයට ගත්තේය. රුපියල් ලක්ෂ 33 ක් පමණ වටිනා මෙම ග්ලයිෆොසෙට් තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා තිබේ. ශ්‍රි ලංකාවට ගෙන්විම තහනම් කර ඇති මෙම ග්ලයිෆොසෙට් තොගය විනාශ කිරිමෙන් පසට හානි සිදුවිය හැකි බැවින් එය ආපසු හරවා යැවිමට අවශ්‍ය පියවර ගන්නා බව රේගු අධ්‍යක්ෂ එච් එම් එස් පේමරත්න මහතා පැවසිය.

Read more...

සිම්බාබ්වේ ජනාධිපතිවරයා හා හමුදාව අතර සාකචඡා

රොබට් මුගාබේ ජනාධිපතිවරයා සමග තවදුරටත් සාකච්ඡා පවත්වන බව සිම්බාබ්වේ යුද හමුදාව අද ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ. ජනාධිපතිවරයා වටා සිටි අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා බව ද හමුදාව පවසයි. හමුදාව පාලන බලය අත්කරගත් පසුගිය බදාදා සිට මේ දක්වා ජ්‍යෙෂ්ට නිලධාරින් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනිමට තවත් අය සිටින බව හමුදාව පවසයි. ජනාධිපතිවරයා සමග පැවැත්වු සාකච්ඡාවේ ප්‍රතිඵල කඩිනමින් ජනතාව හමුවේ තබන බව ද රූපවාහිහිනය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් හමුදා නිලධාරිහු සඳහන් කලහ.

ඉන්දු ශ්‍රි ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට අද දිනයේ ද වර්ෂාවෙන් ද බාධා

කොල්කටා හිදී පැවැත්වෙන ඉන්දු-ශ්‍රී ලංකා පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයට අද දිනයේ ද වර්ෂාවෙන් බාධා එල්ල වෙයි. ක්‍රිඩාංගනයට වරින්වර වර්ෂාව ඇදහැලිමත් අයහපත් ආලෝක තත්ත්වයත් හේතුවෙන් තරගය අත්හිටුවීමට විනිශ්චයකාරවරු තීරණය කළහ. තරගය නතර කරනවිට ඉන්දිය කණ්ඩයම කඩුඵ 05 ක් දැවී ලකුණු 74 ක් ලබා සිටියේය.

තම අනාගතය පිළිබදව සිම්බාබ්වේ ජනාධිපතිවරයා එරට හමුදාව සමග සෘජු සාකච්ඡා පවත්වයි.

තම අනාගතය පිළිබදව සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා එරට හමුදාව සමග සෘජු සාකච්ඡා පවත්වයි.  93 හැවිරිදි ජනාධිපතිවරයා එරට හමුදාපතිවරයා සහ දකුණු අප්‍රිකානු නියෝජිතයන් සමග හරාරේ පිහිටි සිය නිල නිවසේ දී  සාකච්ඡා පවත්වන ආකාරය දැක්වෙන ඡයාරූපයක් මාධ්‍ය මගින් පළ කර තිබේ.  ඉකුත් බදාදා එරට හමුදාව මුගාබේ මහතා නිවාස අඩස්සියට පත් කළේය. 

Read more...

තේ වෙලෙදපොල තුල රජය යටතේ පවතින තේ කර්මාන්ත ශාලාවක ඉහල ලාභයක්

රජය යටතේ පවතින සීමා සහිත කබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව තේ වෙලෙදපොල තුල ගතවු මාස තුනේ දී ඉහල ලාභයක් උපයාගෙන ඇතැයි එහි සභාපති පුෂ්පික සමරකෝන් මහතා පවසයි.  මෙම කර්මාන්ත ශාලාව මගින් වසරකට තේ කිලෝ මිලියන 1 යි දශම 2 ක් නිෂ්පාදනය කෙරේ.  කුඩා තේවතු හිමියන්ගේ ගුණාත්මක තේ දඵ ලබා ගෙන මෙහි නිපදවන තේ සදහා ලෝක වෙලෙදපොලේ ඉහල ඉල්ලුමක් පවතී.

ශ්‍රි ලංකා - ඉන්දීය පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා හිදි  පැවැත්වෙන පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ  දෙවැනි දිනය අදයි.  අයහපත් කාලගුණය නිසා තරගය ඊයේ නතර කරන විට ඉන්දිය කණ්ඩායම කඩුලු 03 කට ලකුණු 17 ක් ලබා සිටියේය. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 3 ක් බිදහෙලිය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්