Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

 

නවතම පුවත්

රග්බි

  වසර 06 ට පසුව නවසීලන්ත රග්බි කණ්ඩායම පරාජය කිරීමට ඕස්ට්‍රේලියාව ඊයේ සමත්වුනා.
 බෙඩින්ලෝ කුසලාන වෙනුවෙන් දෙරට අතර ඕස්ට්‍රෙලියාවේදී පැවති තරග 3 න් යුත් තරගාවලියේ මුල් තරග 2 නවසීලන්තය ජය ගෙන සිටිය.
 තුන්වන අවසන් තරගයේදී නවසීලන්තය ලකුණු 23 – 18 ලෙස පරාජය කිරිමට ඕස්ට්‍රේලියාව සමත් විය.
 ඕස්ට්‍රේලියාව විසින් නවසීලන්තය රග්බි තරගයකදී වසර 6ට පසුව පරාජය කිරීම කැපී පෙනුන.

ක්‍රිකට්

සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ කොදෙව් ඒ කණ්ඩායම අතර පැවති 2 වැනි සිව්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 280 ක ජයක් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හිමිවිය.
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකා ඒ මුල් ඉනිම - 294
 කොදෙව් ඒ මුල් ඉනිම - 137
 ශ්‍රී ලංකා ඒ දෙවන ඉනිම - 267 / 9
 කොදෙව් ඒ දෙවන ඉනිම - 144

මුල් ඉනිමේදී දසුන් ශානක ලකුණු 103ක් රැස් කිරීමත් , මලින්ත පුෂ්පකුමාර ඉනිම දෙකේදීම කඩුලු 12 බිද දැමීම කැපී පෙනුන.

පාපන්දු

    2017 චැම්පියන් ලීග් පාපන්දු තරගාවලයේ තවත් උණුසුම් තරග 04 ප්‍රතිඵල අප වෙත ලැබී තිබෙනව.
 බ්ලූ ස්ටාර් කණ්ඩායම සහ පෙලිකන් කණ්ඩායම අතර තරගයෙන් කණඩායම් දෙකම ගෝල 2 – 2 බැගින් ලබා සම වී තිබේ.
 මාතර සිටි සහ රිනවුන් ගෝල 2 – 2
 නාවික හමුදාව සහ ක්‍රිස්ටල් පලස් 3 - 1
 සොලීඩ් සහ සොනිඩර්ස් 3 - 1

කොටස් වෙළඳපල පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ සම්මන්ත්‍රන මාලාවේ තවත් සම්මන්ත්‍රනයක්

කොටස් වෙළඳපල පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ සම්මන්ත්‍රන මාලාවේ තවත් සම්මන්ත්‍රනයක් කොටස්  වෙළඳපල රත්නපුර ශාඛා ශ්‍රවනාගාරයේදි ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ පැවැත්වේ.  කොළඹ කොටස් වෙළූඳපල එය සංවිධාන කරයි.  ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ රැසක් එහිදි දේශන පවත්වති.

සාමය හා සංහිඳියාව යන අංශවලින් ශ්‍රි ලංකාව ලබා ඇති ප්‍රගතිය ජගත් සංවිධානයේ ඇගයීමට

පසුගිය වසර දෙක තුල සාමය හා සංහිඳියාව යන අංශවලින් ශ්‍රි ලංකාව ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඇගයීමට ලක්වෙයි. එක්සත් ජාති්නගේ කොළඹ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්‍රයිෆ් මහතා ඒ බව පැවසීය. ශ්‍රි ලංකා රජය සංහිඳියාව කෙරෙහි දක්වා ඇති කැපවිම ද ඔහු අගය කලේය මානව හිමිකම් සුරැකීම. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට එරෙහි ක්‍රියාමාර්ග. ජාතික සංහිඳියාව තහවුරු කිරීම හා සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ ක්‍රියාමාර්ග ආදියෙන් ශ්‍රි ලංකාව පැසසුම් සහගත තත්ත්වයක පසුවෙයි. සිවිල් සමාජය රජයේ නිලධාරින්. ස්වේච්ඡා කණ්ඩායම් මෙන්ම ජනමාධ්‍යවලින්ද ඒ සඳහා නොමද සහයෝගයක් ලැබි තිබේ.. දේශ පාලන සිරකරුවන් නිදහස් කිරීම. උතුරේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් ප්‍රශ්න. විසඳීම. ජාතීන් අතර නොසන්සුන්තාවට හේතුවන ක්‍රියා වැලැක්විම පිළිබඳව රජය තවදුරටත් කැපවිය යුතු බව පැබ්ලෝ ඩී ග්‍රයිෆ් මහතා පැවසීය.
සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ විස්තිර්ණ උපායමාර්ග ප්‍රතිපත්තියක් භාවිතා කරමින් සියලුදෙනාට යුක්තිය ඉටුකිරිම හා හිංසාක්‍රියා යළි ඇතිවිම වැලැක්විමට තමා නිර්දේශ කරන බව ද ඒ මහතා පැවසිය..තමා පසුගිය සති දෙක තුල උතුරු නැගෙනහිර ඇතුඑ දිවයිනේ විවිධ ස්ථානවල සංචාරය කරමින් දේශපාලන පක්ෂ හා ආගම් නියෝජිතයින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් අපරාධ වින්දිතයින් ඇතුඑ සියලු කොටස් මෙන්ම ජනාධිපතිතුමා අගමැතිතුමා. ඇමතිවරුන් රජයේ ඉහළ නිලධාරින් ආරක්ෂ අංශ සාමාජිකයින් හා නිති අංශවල සියලු නියෝජිතයි්න ද හමුවි අදහස් ලබාගත් බව ද ඔහු සඳහන් කලේය.

නව ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේද නැද්ද යන්න පිළිබඳ විවාදයකට එන්න - ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගෙන් මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක්


යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව තමා සමග විවාදයකට පැමිණෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරයි. තංගල්ලේ පැවති දිරිය පුරවැසි හම්බන්තොට දිස්ත්‍රික් සමුඵවේදී ඔහු ඒ බව සදහන් කළේය.

1978 ව්‍යවස්ථාව අහෝසිකළ යුතු බව පැවසු අයම දැන් එය අවශ්‍ය බව පැවසීම හාස්‍යයට කරුණක් බව මාධ්‍යවේදි ගාමිණී වියන්ගොඩ මහතා කියයි

නව ව්‍යවස්ථාවක් හදුන්වාදීමට විරුද්ධ වන්නේ ජාතිවාදි කණ්ඩායම් හා පරාජිත දේශපාලන බලවේග බව ප්‍රවීන මාධ්‍යවේදි ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.  වත්මන් ව්‍යවස්ථාව හදුන්වාදුන් එක්සත් ජාතික පක්ෂය එය අහෝසි කිරීමට සුදානමින් සිටියදී මුල සිට එය වෙනස් කළ යුතු බව පැවසු පිරිස් එම මතය වර්තමානයේ වෙනස්කර ඇත්තේ දේශපාලන අරමුණු වෙනුවෙන් බව ඔහු පෙන්වා දෙයි.  ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින්  ඒ පිළිබඳව අදහස් දැක්වුහ

ගල්කිස්ස ප්‍රදේශයේ ඉඩමක් මිලදිගත් ආකාරය තහවුරු කිරිමට නොහැකිවිම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාගයට

ගල්කිස්ස මිහිඳු මාවතේ ඉඩමක් මිලදී ගත් ආකාරය තහවුරු කිරිම නොහැකි විම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව යෝෂිත රාජපක්ෂ හා ඩේසි ෆෝරසිටි යන දෙදෙනාට එරෙහිව අංක බි 828/2017 යටතේ ගොනුකර ඇති නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දි අද විභාගයට ගැනිනි. එමෙන්ම ශ්‍රි ලංකා ඉංජිනේරු සංස්ථාව සඳහා කුලී පදනම යටතේ වාහන ලබාගෙන රුපියල් හාරකෝටි දසලක්ෂයකට ආසන්න මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් විමල් වීරවංශ හා සමන්ත ලොකුහැන්නදිගේ යන දෙදෙනාට එරෙහිව අංක බී 3088/2016 යටතේ පවරා ඇති නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රිත් අධිකරණයේදි අද විභාගයට ගැනින. මේ අතර රාජකාරි කටයුත්තක් ඉටුකර දිමට රුපියල් හයකෝටි හතලිස් ලක්ෂයක් ලබාගැනිමට කුමන්ත්‍රනය කිරීම. ඉන් රුපියල් ලක්ෂ 80ක් කළින් ලබාගැනිම හා එමවැරදි සඳහා අනුබල දිම යන චෝදනා යටතේ ප්‍රසන්න රණතුංග. මොරින් ස්ටෙලා රණතුංග. හා නරේජ් කුමාර් පාරික්. යන අයට එරෙහිව අංක 01 එච් සී /8264/2016 යටතේ කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති ලබන බ්‍රහස්පතින්දා විභාගයට ගැනේ. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් තුන්කෝටි හැටපන් ලක්ෂයක් වටිනා බට තොගයක් භාණ්ඩාර අනුමැතියකින් තොරව ලබාගැනිම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ හා ආර් ඒ ඒ කේ රණවක යන අයට එරෙහිව අංක 02 එච් සී /8546/2016 යටතේ පවරා ඇති නඩුව ලබන සිකුරාදා විභාගයට ගැනිමට නියමිතයි. මේ අතර සැලසිනේ රූපවාහිනි ආයතනයට අයත් නොවන කාර්යයන් වෙනුවෙන් එම ආයතනයේ ගිණුමෙන් රුපියල් දහනම ලක්ෂ විසිපන්දහස් 900 ක මුදලක් පෞද්ගලික ආයතනයකට ගෙවීම මගින් මුල්‍ය වංචාවක් සිදුකළ බවට මනීෂා ජයලත් හා ප්‍රදිප් උදයකුමාර එදිසිංහ යන අයට එරෙහිව අංක බී 31154/01/2015 යටතේ පවරා ඇති නුඩුව ද කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබන සිකුරාදා විභාගයට ගැනේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්