Sri Lanka Brodcasting Corporation

Wed03292017

Last updateTue, 28 Mar 2017 12pm

 

නවතම පුවත්

ශ්‍රි ලංකාව හා බංගලාදේශය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද

         ශ්‍රි ලංකාව හා බංගලාදේශය අතර  දෙවන එක්දින ක්‍රිකට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි අද පැවැත්වෙ.  දිවා රාත්‍රි තරගයක් වන එය පස්වරු  2.30 ට ඇරඹේ.  ශ්‍රි ලංකා කණ්ඩායම  සැලසුම් සහගතව  අද තරගයට සහභාගි වීය යුතු බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා කියයි.  

පලමු  එක්දින ජාත්‍යන්තර තරගය පරාජය විම හේතුවෙන් කණ්ඩායමට පිඩනයක් එල්ල වී තිබෙ.එසේ වුවද අද තරගයේදි   වෙනස්කම් රැසක් සිදු කිරිමට අපේක්ෂා නොකරන බව කළමනාකරු සදහන් කරයි.  පලමු එක්දින තරගය පරාජය   වුවද තරගාවලියේ ජය තවමත් විවෘත බව ඔහු පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ සුළි කුණාටුවෙන් විසිපන්දහසක් අවතැන් .

  ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයට බලපෑ  ඩෙබි සුළි කුණාටුව හේතුවෙන්  විසිපන්දහසකට අධික පිරිසක් නිවෙස්  වලින් ඉවත් කෙරෙති.   පැයට කිලෝමීටර් 260 කට අධික වේගයකින් හමා යන සුළං  පැවතිණි.   නිවාස  විසිතුන්දහසකට පමණ විදුලිබලය නැත. 2011 න් පසුව එම ප්‍රදේශයට බලපෑ  දරුණුතම සුළි කුණාටුව මෙය ලෙස සැලකේ.

අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලට අනුව පලමු ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයට.

2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබා පලමු ස්ථානයේ පසුවන්නේ කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් සිසුවියයි. දෙවැනි ස්ථානය මහනුවර මහාමායා විද්‍යාලයේ එස් එම් මුණසිංහ ශිෂ්‍යාවට හිමි වී තිබෙ. තෙවැනි ස්ථානය  කොළඹ ආනන්ද විද්‍යාලයේ සුගත් රවිදු සන්වර සහ   මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධී මිරිස්සගේ සිසුවාට හිමි වී තිබෙ.

  ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ පබසරා මලිති කුමාර හේරත්  ශිෂ්‍යාව සිව්වන ස්ථානයේ පසුවෙයි.   දේවිබාලිකා විද්‍යාලයේ රනුමි දිසරණී නානායක්කාර  . ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දම්සරා මේධාවී  සහ යාපනය හින්දු විද්‍යාලයේ ඒ අභිනන්දන යන අය පස්වන ස්ථානයේ පසුවෙති.

ඉදිරි මැතිවරණ නිදහස් හා ස්වාධීනව පැවැත්විමට ඉන්දිය රජය මාලදිවයින් රජයට බලපෑම කලයුතු යැයි හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා කියයි.

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය නිදහස් හා ස්වාධීනව පැවැත්විමට කටයුතු කරන්නැයි ඉන්දීය රජය මාලදිවයින් වත්මන් ජනාධිපතිවරයාට බලපෑම් කලයුතු බව හිටපු ජනාධිපතිවරයෙකු වන මොහොමඩ් නෂීඩ් මහතා පවසයි.  මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමා ඉදිරියේ ද කැපවන බව නෂීඩ් මහතා කියයි.

 රටේ ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීම සඳහා අංශ ගනනාවක වෙනස්කම් සිදුකළ යුතු බව ඔහු පෙන්වා දෙයි.  මාලදිවයිනට වර්තමානයේ වැඩි අධාර සපයන සෞදි අරාබිය සහ චිනය සම්බන්ධයෙන් නෂීඩ් මහතා සිය කනස්සල්ල පලකලේය.

බංග්ලාදේශයත් සමග එක්දින තරගාවලියෙන් නිරෝෂන් දික්වැල්ල ඉවතට

බංග්ලාදේශයත් සමග එක්දින තරගාවලියෙන් නිරෝෂන් දික්වැල්ල ඉවත්වෙයි.  ඔහුගේ වම් අතේ ආබාධයක් හේතුවෙන් මෙම තිරණය ගෙන ඇත. ඊයේ දිනයේ පුහුණුවිම් වලදී ඔහු මෙම ආබාධයට ගොදුරු විය.  ඔහු ඉවත්විම නිසා තුන්ඉරියව් දග පන්දු යවන ක්‍රිඩක දිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳවා ඇත. අද  තරගයට නුවන් කුලසේකර ද එක්වනු ඇතැයි වාර්තා වෙයි.  නුවන් ප්‍රදිප් ද කැඳවා ඇත.

 වේගවත් ආරම්භක පිතිකරුවෙකු වන නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට අහිමිවිම බරපතල පාඩුවක් බව ක්‍රිඩා විශ්ලේෂකයෝ කියති.  මෑත කාලයේ තරග ජයග්‍රහනයට ඔහුගේ දායකත්වය විශේෂයෙන් කැපී පෙනුනි.  කෙසේ වුවත් වසර කිහිපයක් තිස්සේ පරාජයට පත්වෙමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම එම අගාදයෙන් ගොඩගැනීම සඳහා නව නායක උපුල් තරංගට වැඩි කාර්යය භාරයක් පැවරී තිබේ.  ඉකුත් සංචාර කිහිපයේදි ඔහුගෙන් ඒ සඳහා මනා දායකත්වයක් ලැබුනි.

මහනුවර නගරයේ රථවාහන තදබදය වසර දෙකකින් අවසන්

ශ්‍රි දළදා මාලිගාව අභියස මාර්ගය විවෘත නොකරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.  ඉකුත්දා පුවත්පත්වල සඳහන්වි තිබුනේ ශ්‍රි දළදා මාලිගාව අභියසින් ඇති මාර්ගය විවෘත කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ කරමින් සිටින බවයි.

 යහපාලන රජය තිබෙනතාක් මෙම මාර්ගය විවෘත නොකරන බව ඔහු අවධාරණය කලේය.  මහනුවර නගරයේ රථවාහන තදබදය නිමා කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල රජය සකස්කර තිබේ.  තව වසර දෙකකින් තැන්නෙකුඹුර සිට දිවෙන උමං මාර්ගයේ ඉදිකිරිම් අවසන් කිරීමෙන් පසු මෙම මාර්ග තදබදය අවසන් වෙයි.  ජපන් රජයේ ආධාර ඇතිව මහනුවර නගරය පුඑල්කොට නව නගර සැලැස්ම ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා කිවේය.

ඔස්ට්‍රෙලියාවේ ක්වීන්ස්ලන්ත වෙරළ තීරයේ සුළි කුනාටු අවදානමක්

ඔස්ට්‍රෙලියාවේ ක්වීන්ස්ලන්ත වෙරළ තීරය වෙත ලගාවන ඩෙබි සුළි කුනාටුව හේතුවෙන් එහි ජනතාව ආරක්ෂා සහිත ස්ථාන කරා ගමන් කරති. පැයට කිලෝමිටර් 230 ක පමණ වේගයකින් යුත් එම සුළි කුනාටුව හෙට පෙරවරුව වනවිට ක්වීන්ස්ලන්ත වෙරළ තීරයට ලගාවීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා අංශ අනතුරු අගවා තිබේ.  කෙසේ වෙතත් ඇතැම් පිරිස් තම නිවෙස් අත්හැර යාමට පසුබට වන බවද වාර්තා වෙයි.

නැගිඑන ක්‍රිකට් කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේදී ඇරඹේ.

ආසියානු රටවල් අටක සහභාගිත්වයෙන් පැවැත්වෙන නැගිඑන ක්‍රිකට් කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේදී අද ආරම්භ විය. ඒ සදහා ටෙස්ට් වරම් හිමි රටවල් වන සත්කාරක බංග්ලාදේශය. ශ්‍රී ලංකාව. ඉන්දියාව හා පාකිස්ථානය ඇතුලත් වන අතර ටෙස්ට් වරම් නොලද ඇෆ්ගනිස්ථානය. නේපාලය.

හොංකොං හා මලයාසියාව ද ඇතුලත් වෙයි.  එම රටවල් අතර කාණ්ඩ දෙකක් යටතේ මුලික වටයේ තරගවලට සහභාගි වනු ඇත.  ඒ අතරින් කණ්ඩායම් හතරක් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන අතර එම තරග ලබන සෙනසුරාදා පැවැත්වේ.  අවසන් මහ තරගය පැවැත්වෙන්නේ ලබන මස 03 වැනිදාය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්