Sri Lanka Brodcasting Corporation

Tue04242018

Last updateTue, 24 Apr 2018 8pm

ශ්‍රීගුවිස ගැන

සාම්පුර් බලාගාරය වෙනුවට ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීඹට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කරයි. සාම්පුර් බලාගාරයෙන් මෙගාවෝට් 1500 ක ධාරිතාවක් නිපදවීමට සැලසුම් යොදා තිබිණ. එම ධාරිතාව නිපදවිය හැකි පරිදි නව බලාගාරය ඉදි කෙරෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්යය සුරේන් බටගොඩ මහතා පවසයි. ස්වභාවික වායු බලාගාරය ඉදිකරන ස්ථානය මෙතෙක් නිශ්චිත වශයෙන් සනාථ කර නොමැත.