Sri Lanka Brodcasting Corporation

Sun01222017

Last updateSun, 22 Jan 2017 6pm

ශ්‍රීගුවිස ගැන

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වැදගත් සිදුවීම්

හැඳින්වීම

ගුවන්විදුලිය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. ජර්මන් ජාතික හෙන්රික් හර්ට්ස් විසින් හර්ට්ස් (Hertz) හෙවත් සංඛ්‍යාතය සොයා ගැනීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් ගුවන්විදුලිය සම්බන්ධ පර්යේෂණවල නිරත විය. ඉතාලි ජාතික ගුග්ලියෙල්මෝ මාකෝනි මෙන්ම ඉංග්‍රීසි ජාතික ඔලිවර් ලොජ්, ප්‍රංස ජාතික එඩ්වඩ් බ්‍රැන්ලි, රුසියන් ජාතික ඒ. එස්. පොපොෆ්, ඉතාලි ජාතික ගියුසෙප් රිගි ගුවන්විදුලිය සම්බන්ධ අළුත්දේ සොයා ගත්හ. 1902 වර්ෂයේදී ඩෙන්මාර්ක් ජාතික වැල්ඩිමාර් පවුල්සන් විසින් ස්ථීර ලෙස තරංග යැවීමේ ක්‍රමයක් සොයා ගත්තේය. පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ සේවය කළ ඇමරිකන් ජාතික ආර්. ඒ. පෙන්ඩසන් සැතැපුමක් පමණ දුරට මිනිස් කටහඬක් යැවීමට සමත් විය. 1919 වර්ෂයේදී ලෝකයේ පළමුවන ගුවන්විදුලි ප්‍රචාරක මධ්‍යස්ථානය මාකෝනි සමාගම විසින් චෙම්ස්ෆඩ් වල පිහිටුවන ලදී. 1920 ජූනි 15වන දින එකල ලොව ප්‍රකට ගායිකාවක වන නෙලී මෙල්බා මැතිනිය මෙහි සිට ගීතයක් ගායනා කළාය. යුරෝපයේ බොහෝ රටවලට ඇගේ ගායනය ශ්‍රවණය කිරීමට හැකිවිය. 1922 ජනවාරි 14 වන දින බ්‍රිතාන්‍යයේ චෙම්ස්ෆර්ඩ් නගරයට මදක් ඈතින් පිහිටි රිට්ල් ස්ථානයේ සිට නිල වශයෙන් පළමු ගුවන්විදුලි වැඩසටහන ප්‍රචාරය කරන ලදී. ඉන් වසර දෙකක් ගතවී මාස කිහිපයක් තුළ බ්‍රිතාන්‍යය් කිරීටයට යටත් දකුණු ආසියාවේ රාජ්‍යයන් අතර පළමුවරට ගුවන්විදුලි සේවයක් ආරම්භ කළ රට වන්නේ ශ්‍රී ලංකාවයි.

1921.07.21

මෙරට ගුවන්විදුලියේ නිර්මාතෘ එඩ්වඩ් හාපර් මහතා ප්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරු තනතුර භාර ගැනීම සඳහා ලංකාවට පැමිණීම. 

ඔහු එම්.අයි.ඊ.ඊ., එම්.එල් රේඩියෝ ඉංජිනියරින් යන සුදුසුකම් ලබා සිටියේය. ලංකා ආධුනික ගුවන්විදුලි සංගමය පිහිටුවීමට මුලිකත්වය ගෙන කටයුතු කළේය. 1924 ජුනි 27 වන දින මෙරට ගුවන්විදුලියේ අත්හදා බැලීමේ විකාශනයට මෙන්ම 1925 දෙසැම්බර් 16 වන දින නිලවශයෙන් මෙරට ගුවන්විදුලිය ආරම්භ කිරීමට පුරෝගාමිව කටයුතු කළේය. 1927 දෙසැම්බර් 16 වන දින ගුවන්විදුලියේ දෙවන සංවත්සරය සැමරීමට ද එතුමා එක්වූහ. එඩ්වඩ් හාපර් මහතා 1931 සැප්තැම්බර් 15 වන දින දක්වා මෙරට සේවය කළේය.

1921 – 1924

මෙරට ප්‍රධාන ඉංජිනේරු එඩ්වඩ් හාපර් මහතා ගුවන්විදුලියට අවශ්‍ය ට්‍රාන්ස්මීටර් යන්ත්‍රය සෑදීම ආරම්භ කිරීම. මේ සඳහා අවශ්‍ය උපකරණ කිහිපයක් සොයා ගන්නා ලද්දේ පළමු ලෝක සංග්‍රාමයේ දී විනාශයට පත් වූ සබ්මැරීනයකිනි. එහි තිබූ වෙරළ දක්වා පණිවුඩ ගෙනයන රේඩියෝ උපකරණ වල කොටස් සහ වෙනත් අවශ්‍ය කොටස් භාවිත කරමින් කිලෝ වොට් භාගයක (1/2) සම්ප්‍රේෂණාගාරයක් කොළඹ කොටුව විදුලි සංදේශ කම්හලේ සැකසුවේය. පසුව ගුවන්විදුලි මැදිරිය, ඇම්ප්ලිෆයරය, සම්ප්‍රේෂණාගාරය ඇතුළු සියලු උපකරණ කොළඹ මධ්‍යම විදුලි සංදේශ ගොඩනැගිල්ලේ කාමරයක සවි කරන ලදී. මේ කටයුතු සඳහා සහකාර ඉංජිනේරු පෝන් පෙන්මන්, ප්‍රාදේශිය ඉංජිනේරුවරුන් වූ ජෝර්ජ් හැරී ශෝපීල්ඩ්, ජෝන් ෂිලිටෝ, හැරල්ඩ් සැමුවෙල් බ්‍රයනට්, ඇල්ප්‍රඩ් තෝමස් කින්ස්ටන් යන මහත්වරු සහ දේශිය ඉංජිනේරුවරුන් වන ඒ. නඩරාජා, ඩබිලිව්. ඊ. ද සිල්වා, බෙනට් විජේතිලක යන මහත්වරුන්ගේ සහාය හාපර් මහතාට ලැබුණි. 

1922.11.24

ලංකා ආධුනික ගුවන්විදුලි සංගමය බිහි වීම

1928 වසරේ දී මෙම සංගමයේ නම ලංකා සහ දකුණු ඉන්දීය ගුවන්විදුලි සමාජය වශයෙන් වෙනස් විය. මෙරට ගුවන්විදුලිය ස්ථාපිත කිරීමට මෙම සංගමයේ ක්‍රියාකාරිත්වය බොහෝ සෙයින් දායක වුණි. එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ එල්. මැක්රේ (සභාපති), එම්. එස්. රොක්වුඩ්, ජේ. එච්. ජොලිෆ්, සී. ඒ. හට්සන්, ඒ. ඊ. හොල්සිංගර්, එම්. එම්. පී. ගුණවර්ධන, ආර්. එෆ්. ඩයස්, ජේ. එස්. ඩින්විඩි යන මහත්වරු මෙහි ආරම්භක සාමාජිකයෝ වූහ. මෙම සංගමයේ සාමාජිකයන්ගේ උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් ගුවන්විදුලි සේවයක් පිහිටුවීම පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කළ අතර එහි සභාපති මෙරට තැපැල්පති එම්. එස්. ශ්‍රේෂ්ඨා මහතායි. සෙසු සාමාජිකයන් වූයේ ප්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරු එඩ්වඩ් හාපර් සහ ආධුනික ගුවන්විදුලි සංගමයේ සභාපති එල්.මැක්රේ යන මහත්වරුන් ය. එසේම මෙම සංගමය තම මාසික ප්‍රවෘත්ති වලට ගුවන්විදුලියේ දෛනික වැඩසටහනද එක්කර බෙදා හැරීම සිදු කළ අතර පසු කළක ගුවන්විදුලි සඟරාව වූයේ ද මෙයයි. එමෙන්ම බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ තැටිගත කළ වැඩසටහන් සංගමයේ අරමුදලින් මිලට ගෙන ප්‍රසිද්ධ ආයතනවල ප්‍රචාරය කිරීමට විධිවිධාන යොදන ලදී. ලංකාව හරහා ගමන් කරන හා ලංකාවට පැමිණෙන විශේෂ ශිල්පීන්, වාද්‍ය මණ්ඩලවල සේවය ලබා ගැනීමට ගුවන්විදුලි සංගමයේ අරමුදල් භාවිත කළේය. මේ නිසා රජයට මුදල් අතින් වැඩිබරක් නැතිව ගුවන්විදුලියේ කටයුතු කිරීමට හැකි විය. රෝහල් ගණනාවකට ගුවන්විදුලි යන්ත්‍ර ප්‍රදානය කිරීම සංගමය මගින් සිදු කළේය. 1930 වසරේ දී සංගමයේ මූලිකත්වයෙන් ගුවන්විදුලි ප්‍රදර්ශනයක් පවත්වමින් ගුවන්විදුලිය ජනතාව අතරට ගෙනයාමට කටයුතු කිරීම ප්‍රධාන සේවා අතර වේ.

1924.06.24

ප්‍රථම ගුවන්විදුලි උපදේශක මණ්ඩලය පත් වීම

එම්.එස්.ශ්‍රේෂ්ඨා මහතා, ලංකා වෙළඳ මණ්ඩලයේ සභාපතිතුමා, එච්.ෆෙන්ටන් මහතා සහ නියෝජ්‍ය පොලිස් අධිකාරීතුමා උපදේශක මණ්ඩලයේ සාමාජිකයෝ වූහ.

1924.06.27

එවකට සිටි ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ අවසරය මත අත්හදා බැලීමේ විකාශනයේ කටයුතු ආරම්භ කිරීම.
මෙදින ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ වාර්ෂික මහසභා රැස්වීම මරදාන කාර්මික විද්‍යාලයේ පැවැත්වීමට කටයූතු සංවිධානය කර තිබුණි. මහ සභාව සවස 2.30ට මෙරට ආණ්ඩුකාර සර් විලියම් හෙන්රි මැනිං මහතා විසින් අමතන ලදී. එම අවස්ථාව ගුවන්විදුලියෙන් විසුරුවා හැරීමට එඩ්වඩ් හාපර් මහතා කටයූතු කළේය. ආණ්ඩුකාරතුමාගේ කතාව පැහැදිළිව ගුවන්විදුලියෙන් ඇසුණු බවත්, උසස් තත්ත්වයක තිබූ බවත් වාර්තා විය.

1925.12.16

මෙරට ගුවන්විදුලියේ ආරම්භය. ආණ්ඩුකාර ශ්‍රීමත් හියූ ක්ලිෆඩ් මහතා මෙදින කොළඹ කොටුවේ පිහිටි සිය කාර්යාලයේ සිට ජනතාව අමතමින් නව ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය විවෘත කළේය. 

1924 වසරේ ගුවන්විදුලි ප්‍රචාරය සඳහා යොදාගත් උපකරණ සීමා සහිත ප්‍රදේශයකට පමණක් ප්‍රචාරය කළ හැකි විය. මේ නිසා 1924 සහ 1925 වසර සඳහා වූ ඇස්තමේන්තු වලින් වෙන්කොට තිබූ රුපියල් නවදහසක (9,000.00) මුදලක් යොදාගෙන කිලෝවොට් 01ක නව ගුවන්විදුලි සම්ප්‍රේක්ෂණාගාරයක් වැලිකඩ ඉදි කළේය. ඊට අදාළ උපකරණ නිවාඩුවක් ගත කිරීමට එංගලන්තයට ගොස් සිටි එඩ්වඩ් හාපර් මහතා විසින් මිලදී ගෙන 1925 ජූනි මාසයේ දී ලංකාවට එවන ලදී.

1926.08.08

ප්‍රථම ආගමික වැඩසටහන ප්‍රචාරය කිරීම. කොළඹ ගාලුමුවදොර පිහිටි ක්‍රයිස්ට් චර්ච් දේවස්ථානයේ පැවති දේව මෙහෙය මෙසේ විසුරුවා හැරීයේය.

1926.10.09

ප්‍රථම දෙමළ වැඩසටහන ප්‍රචාරය කිරීම. විද්‍යා විනෝද සභාව විසින් වේදිකා ගත කළ “රාම කුමරු පිටුවහල් කිරීම” නාට්‍යය මෙදින විසුරුවා හැරියේය.

1926.10.14

ප්‍රථම බෞද්ධාගමික වැඩසටහන විසුරුවා හැරීම. බම්බලපිටිය මෛත්‍රී ශාලාවේදී පූජ්‍ය මහින්ද හිමි විසින් පැවැත් වූ බෞද්ධ කතාව මෙදින සවස ප්‍රචාරය කරන ලදී.

1926.11.03

මෙදින සිට සිංහල සංගීත වැඩසටහන් ප්‍රචාරය කිරීමට පියවර ගැනීම.

1926.11.05

“දරුවන්ට කරුණාවෙන්” නම් වූ මුල්ම ළමා වැඩසටහන විසුරුවා හැරීම.

1926.11.12

පළමුවරට එච්.එම්.වී. (HMV) තැටි ආධාරයෙන් හින්දුස්ථානී සංගීත වැඩසටහන ප්‍රචාරය කිරීම.

1926.11.27

ප්‍රථම සිංහල ගුවන්විදුලි නාට්‍යය ප්‍රචාරය කිරීම. වේදිකාවේ රඟ දැක්වූ “ඇන්ටනී සහ ක්ලියෝපැට්රා” නාට්‍යය මෙසේ විසුරුවා හැරියේය.

1927.03.29

මුල්ම සිංහල දේශනය ප්‍රචාරය කිරීම. මුදළිඳු ඩබ්ලියු. එෆ් ගුණවර්ධන මහතා “සිංහල නම් සහ වාසගම්” යන නමින් එම කතාව පැවැත් වූයේය.

1927.05.16

සිංහල සහ ඉංග්‍රීසි භාෂා වලින් සිදුකළ කතාවක් පළමුවරට ප්‍රචාරය කිරීම. එය සර් ඩී. බී. ජයතිලක මහතා “වෙසක් දිනයේ වැදගත්කම” සම්බන්ධයෙන් කළ කතාවකි.

1927.06.11

පළමු මුස්ලිම් ආගමික වැඩසටහන ප්‍රචාරය කිරීම. “හජ්ජි වන්දනාව සහ එහි අදහස” මැයෙන් එම්. ටී. අක්බාර් මහතා විසින් එම කතාව පවත්වන ලදී.

1927.08.12

පළමු ක්‍රීඩා වැඩසටහන ප්‍රචාරය කිරීම. රාජ්‍ය කුසලානය වෙනුවෙන් කොළඹ පැවති තුරඟ තරඟාවලියක් අළලා සකස් වූ “Riding Boy” නම් මෙම වැඩසටහන මෙදින සවස 7.00 සිට ප්‍රචාරය කළේය.

1927.08.15

ප්‍රථම ක්‍රීඩා විස්තර ප්‍රචාරය සිදු කිරීම. දේශීය හා විදේශීය කණ්ඩායම් සහභාගි වූ රගර් තරඟාවලියක විස්තර මෙසේ ප්‍රචාරය කර ඇත.

1927.12.24

ප්‍රථම නත්තල් වැඩසටහන ශාන්ත මයිකල් පල්ලියේ සිට විසුරුවා හැරීම.

1928 ජනවාරි කොටුව මධ්‍යම විදුලි සංදේශ ගොඩනැගිල්ලේ පිහිටි ගුවන්විදුලි මධ්‍යස්ථානය ටොරින්ටන් චතුරශ්‍රයට ගෙන ඒම.

1928.02.28

සිංහල බසින් පළමුවරට ගුවන්විදුලියෙන් කතාවක් පැවැත්වීම.
පණ්ඩිත පී. ටී. ගුණවර්ධන මහතා ලාංකික තරුණයා මැයෙන් මෙදින කතාවක් පවත්වා ඇත.

1928.03.08

අධ්‍යාපනික වැඩසටහන් ආරම්භ කිරීම. 1931 වර්ෂයේදී ප්‍රථම ගුවන්විදුලි අධ්‍යාපන කමිටුව පත් කෙරිණ. එම වසරේ මාර්තු මාසය අවසානයේදී පළමු පාසල් වැඩසටහන ප්‍රචාරය විය.

1928.04.21

ප්‍රථම ගුවන්විදුලි ධර්මදේශනාව පැවැත්වීම.
බම්බලපිටිය වජිරාරාමාධිපති පූජ්‍යපාද පැලෑනේ සිරි වජිරඥාන නාහිමිපාණන් වහන්සේ මෙදින රාත්‍රී 8.00 සිට 9.00 දක්වා එම ධර්ම දේශනාව පැවැත් වූහ.

1929.06.29

මෙරට ගුවන්විදුලියේ පළමු සිංහල ගායිකාව වූ කෝකිල දේවී වීරතුංග මහත්මිය සජීවීව ප්‍රථම වතාවට ගීතයක් ගායනා කිරීම.
වෘත්තියෙන් සංගීත ගුරුවරියක වූ ඇය සිංහල, හින්දි සහ ද්‍රවිඩ යන භාෂාත්‍රයෙන්ම ගීත ගායනා කිරීමට දක්ෂ කාන්තාවකි. ද්‍රවිඩ භාෂාවෙන් ගීත ගායනා කළ ප්‍රථම සිංහල කාන්තාව ද ඇයයි. ශ්‍රී ක්‍රිෂ්ණාරත්න ජන්කර් පඬිතුමා මෙරට ගායකයන් ශ්‍රේණිගත කිරීමේදී විශිෂ්ට ශ්‍රේණියේ ගායකයන් දෙදෙනෙකු තේරුණු අතර ඉන් එක් අයෙකු වූයේ කෝකිල දේවිය යි. ඒ 1952 වර්ෂයේදීය. වීනාව, සිතාරය සහ සර්පිනාව වාදනයට දක්ෂ ඇය ගීත ගායනා කරන විට වීනාව ද වාදනය කළාය. 1986 වසරේදී ඇය කලා මාතාව යන සම්මානයෙන් පිදුම් ලැබුවාය.

1930.11.30

පළමුවරට පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීම.

1930 දශකය
රේඩියෝ ටයිම්ස් සඟරාව ආරම්භ කිරීම.
ලංකා සහ දකුණු ඉන්දියානු ගුවන් විදුලි සමාජය මේ සඳහා කටයුතු කළේය

1930.11.30

මෙරට ගුවන්විදුලිය සම්බන්ධයෙන් ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම.
ගුවන්විදුලි සමාජය මෙය සිදු කළේය. ලංකා කාර්මික විද්‍යාලයේ දී ප්‍රදර්ශනය පැවැත් වීය. එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ එල්.මැක්රේ මහතා ප්‍රදර්ශණය විවෘත කළේය.

1931 මාර්තු
පාසල් ගුවන්විදුලි සේවය ආරම්භය.

1938.01.01

ලංකා ගුවන්විදුලියේ පළමු ස්ථීර නිවේදකයා ලෙස ඩී. එම්. කොළඹගේ මහතා පත්වීම.

1938.07.15

පාසල් දරුවන්ගේ දැනුම වර්ධනය සඳහා ප්‍රශ්න විචාරාත්මක පාඨශාලාත්තර තරඟයක් පැවැත්වීම.

1939.02.03

ලංකා ගුවන්විදුලිය ඔස්සේ දිනකට සිව්වරක් ප්‍රවෘත්ති ප්‍රචාරය ආරම්භ කිරීම.

1939.02.20

ලංකා ගුවන්විදුලි සේවය මුල්වරට සිංහල වාදක මණ්ඩලයක් ඇති කර එහි පළමු වැඩසටහන විසුරුවා හැරීම. මෙදින රාත්‍රී 9.15ට වැඩසටහන ප්‍රචාරය කරන ලදී. වාදක මණ්ඩලයේ නායක එච්. දොන් වින්සන්ට් (පීරිස්) මහතායි. සෙසු අය ඩී. රණසිංහ (තබ්ලා) එම්. කේ. වින්සන්ට්, ඩබ්ලියූ. ලියෝපෝල්ඩ්, මයිකල් සහ සුදසිංහ යන මහත්වරු වෙති.

1939.03.12

පළමුවරට විදේශයක සිට සිංහලෙන් විස්තර කථනයක් කිරීම. හත්වන පියුස් පාප්වහන්සේගේ අභිෂේක මංගල්‍ය උත්සවය පිළිබඳව රෝමයේ වතිකානු ගුවන්විදුලිය ඔස්සේ ජෝ ක්වින්ටස් පෙරේරා සහෝදරතුමා විස්තර ප්‍රචාරය සිදු කළහ.

1940.04.01

පළමුවරට ග්‍රාමීය වැඩසටහන් ආරම්භ කිරීම. සිංහල දෙමළ අසන්නන් සඳහා වැඩසටහන් ප්‍රචාරය කළේය. ගුවන්විදුලි අධිකාරී ෂර්ලි ඩා සිල්වා මහතා සිංහලෙන් කළ කතාවකින් වැඩසටහන් ආරම්භ වූයේය.

1940.10.28

වෛද්‍යනාදන් ගුවන්විදුලි කොමිසම පත් කිරීම.

1942.03.10

බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයේ පළමු සිංහල විකාශය ආරම්භ කිරීම.

බී. බී. සී. පෙරදිග සේවයේ ආරම්භක තේමා වාදනයට රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ වාද්‍ය කණ්ඩයක් ද ඇතුළත් විය. වැඩසටහනේ ගුවන් කාලය විනාඩි 10කි. මුල්ම සිංහල වැඩසටහන ද මේ සමඟ ප්‍රචාරය විය. සතිපතා ප්‍රවෘත්ති වැඩසටහනක් මුලදී ප්‍රචාරය විය. බ්‍රිතාන්‍ය සිවිල් සේවක ටී. රීඩ් මහතා ලියන ලද පිටපත සිංහලට පරිවර්තනය කරමින් ඉදිරිපත් කළේ එස්. ගුණරත්න මහතා යි. නිවුස් ලෙටර් යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින් වූ ප්‍රවෘත්ති ප්‍රකාශය සිංහල භාෂාවෙන් පුවත් හසුන නමින් ප්‍රචාරය කර තිබේ. 1946 සිට 1949 දක්වා වැඩසටහන ප්‍රචාරය නොවීය. නැවත 1949 වසරේ බ්‍රිතාන්‍ය බුෂ් මන්දිරයේ සිට සතියකට පැය භාගයක් සංදේශය නමින් වැඩසටහන ප්‍රචාරය විය. පසු කලක තරංගනී යනුවෙන් මෙම වැඩසටහන විකාශනය කර ඇත. 1976 මාර්තු 30 දින සිට සංදේශය වැඩසටහන නතර වූ අතර 1990 මාර්තු 11වන දින ආරම්භ කෙරිණි. අනතුරුව මෙම වැඩසටහන ප්‍රචාරය නතර විය. නැවත 1997 පෙබරවාරි 02 දින ආරම්භ කර පසුව සංදේශය වැඩසටහන ප්‍රචාරය නතර කළේය. නැවත ආරම්භ කළේ 2010 අප්‍රේල් 15වන දිනයි. 2013 මාර්තු 27 දින සිට සංදේශය වැඩසටහන ප්‍රචාරය නැවත නතර කෙරිණි.

1942 සැප්තැම්බර්
ගුවන්විදුලිය බොරැල්ල කොටා පාරේ බවර් ගොඩනැගිල්ලට ගෙන යාම. දෙවන ලෝක යුද සමය සමඟ ටොරිංටන් චතුරශ්‍ර භූමිය හමුදා අවශ්‍යතා වෙනුවෙන් ලබා දීමට සිදුවීම නිසා පාලන මැදිරිය සහ මැදිරි මෙසේ ගෙන ගියේය.

1943.07.03

සිංහල ගුවන්විදුලි ශිල්පීන්ගේ සමිතියක් ආරම්භ කිරීම.
කොළඹ ධර්මපාල මාවතේ ආරම්භ කළ මෙම සමිතියේ සභාපතිවරයා වූයේ මුදළිඳු ඊ. ඒ. අබේසේකර මහතායි.

1949.02.28

සියැක් (SEAC) ගුවන්විදුලි සේවය ලංකා රජයට පවරා ගැනීම.
දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යය රජය ඒකල ආරම්භ කළ සියැක් ගුවන්විදුලිය හෙවත් අග්නිදිග ආසියානු සන්නද්ධ බලකාය ගුවන්විදුලි මධ්‍යස්ථානය ලංකා රජයට ගිවිසුම් අත්සන් කිරීමෙන් පවරා දුන්නේය. මෙහි අක්කර 78න් යුත් භූමි ප්‍රමාණයක පිහිටි මැදිරි සංකීර්ණය, කිලෝවොට් 100ක විකාශනාගාරය ඇතුළු උපකරණ ගුවන්විදුලියට හිමි විය.

1949.03.01

සියැක් (SEAC) ගුවන්විදුලි මධ්‍යස්ථානය බ්‍රිතාන්‍ය රජය නිල වශයෙන් ලංකා රජයට බාර දීම.

1949.10.05

ලංකා ගුවන්විදුලි සේවය වෙනම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් බවට පත් වීම සහ ටොරින්ටන් චත්‍රරශ්‍රයේ ඉදිකළ නව ගොඩනැගිල්ලට ගුවන්විදුලි මධ්‍යස්ථානය ගෙන ඒම.

1950

සමස්ත ආසියා ඉංග්‍රීසි සේවය ආරම්භ කිරීම.

1950

පළමු ස්ථීර නිවේදිකාව ලෙස ප්‍රභා රණතුංග මහත්මිය පත්වීම.

1950 දශකය
ගුවන්විදුලි රඟමඬල නාට්‍යය ආරම්භ කිරීම.

1950.01.01

ලංකා ගුවන්විදුලිය ද්විවිධ විකාශන ක්‍රමය ආරම්භ කිරීම.
මේ අනුව දේශීය සේවා මධ්‍යම සහ කෙටි තරංග ඔස්සේ වෙනම විකාශනයක් ලෙස විසුරුවා හැරීමට පියවර ගෙන ඇත. නව විකාශන ක්‍රමය සමඟ සිංහල වැඩසටහන් සඳහා පැය පහක ගුවන් කාලයක් වෙන් කර තිබුණි. දෙමළ වැඩසටහන් සඳහා පැය හතරක් ද බටහිර වැඩසටහන් සඳහා පැය නවයයි විනාඩි 30ක් ද වශයෙන් ගුවන් කාලය වෙනස් විය.

1950.09.30

“සිලෝන් සර්විස් (Ceylon Service) නමින් හැඳින් වූ වෙ‍ළෙඳ ගුවන්විදුලිය” ආරම්භ කිරීම. ඕස්ට්‍රේලියානු ජාතික ක්ලිෆඩ් ආර්. ඩොට් මහතා එහි පුරෝගාමියා විය.

1951.03.12

වෙළඳ ගුවන්විදුලි සේවයේ “අග්නිදිග ආසියා සේවය” (SOUTH - EAST ASIA SERVICE) ආරම්භ වීම.

1951.03.30

සමස්ත ආසියා හින්දි සේවය (ALL ASIA HINDI SERVICE) ආරම්භ කිරීම.

1951.04.01

දෙමළ ස්වදේශීය සහ දෙමළ වෙ‍ළෙඳ සේවය ආරම්භ කිරීම.

1951.04.09

සිංහල වෙළෙඳ සේවය ආරම්භය.

1951.04.09

වෙළෙඳ සේවයෙන් තුරඟ තරඟ ප්‍රචාරය සිදු කිරීම. සෙනසුරාදා දිනවල පෙ.ව 7.15 සිට රාත්‍රී 10.15 දක්වා විස්තර ප්‍රචාරය විය.

1951.04.09

වෙළෙඳ සේවයෙන් පළමුවරට ළමා උයන නමින් ළමා වැඩසටහනක් ප්‍රචාරය කිරීම.

1951.06.24

ගුවන්විදුලියේ ශාස්ත්‍රීය සේවය ආරම්භ කිරීම.
ඉරිදා දින රාත්‍රී 09.00 සිට රාත්‍රී 10.15 දක්වා වැඩසටහන ප්‍රචාරය විය. ශාස්ත්‍රීය ගායනා, වාදන, කතා, සාකච්ඡා, කලා සහ විද්‍යා තොරතුරු වැඩසටහනට ඇතුළත් කර තිබුණි. ආරම්භයේ වැඩසටහන නිෂ්පාදනය කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ය.

1951.07.02

මේ ගැන සිතන්න නම් වූ කිතුනු වැඩසටහන ආරම්භ කිරීම.
ක්‍රිස්තියානි සහ කතෝලික වැඩසටහනක් වූ මෙය දිනපතා පෙරවරු 6.55ට මෙදින සිට ප්‍රචාරය කරන ලදී. පසුව මෙම වැඩසටහන දවසේ සිතුවිලි යනුවෙන් නම් කරන ලද අතර එය අද දක්වාම ප්‍රචාරය කරයි.

1952.04.24

භාත්ඛන්ඩේ සංගීත විද්‍යාලයේ මහාචාර්ය ශ්‍රීකෘෂ්න නාරායන් රතන්ජන්කර් පඩිතුමා මෙරට කලාකරුවන් දෙවන වරට වර්ගීකරණය කිරීම සඳහා ලංකාවට පැමිණීම.
1949 වර්ෂයේදී ප්‍රථම වරට මෙතුමා මෙරට ගායක ගායිකාවන් වර්ගීකරණ පරීක්ෂණය සිදු කළහ.

1953.01.04

කුරුළුබැද්ද ගුවන්විදුලි නාට්‍යය ප්‍රචාරය ආරම්භ කිරීම.
ලංකා ගුවන්විදුලියේ ග්‍රාමීය සේවය ඔස්සේ මෙදින සිට 1957 වර්ෂය දක්වා සතිපතා මෙම නාට්‍යය ප්‍රචාරය විය. ගැමි පරිසරය නාට්‍යයට පාදක වී තිබේ. ජනප්‍රිය කවියෙකු වූ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න මහතා නාට්‍යය රචනා කළ අතර නිෂ්පාදක පී. වැලිකල මහතායි. වික්ටර් මිගෙල් මහතා බෙම්පි ආතාගේ චරිතය නිරූපනය කළේය. මෙම නාට්‍ය මාලාව චිත්‍රපටයට නැගුණු අතර 1961 මාර්තු 20 වන දින කුරුළුබැද්ද නමින් තිරගත විය. සිනමා පටයකට නැඟුණු මුල්ම ගුවන්විදුලි නාට්‍යය වන්නේ ද මෙයයි.

1953.04.01

පළමුවරට සේවා හතරකින් වැඩසටහන් ආරම්භ කිරීම. සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ වෙළෙඳ සේවාවන් මේ අනුව සවන්දීමට හැකි විය.

1953.04.04

තරංගිණී ගුවන්විදුලි මාසික සඟරාව නිකුත් කිරීම.
සිංහල අංශයෙන් ප්‍රචාරය වූ වැඩසටහන්, නාට්‍යය හා ගීත මෙහි පළ කර තිබේ. ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වන අතර. සඟරාවේ මිල ශත.50කි. 1956 අගෝස්තු සිට සඟරාව නිකුත් කිරීම අත්හිටුවා ඇත.

1953.04.04

ගුවන්විදුලිය සම්බන්ධ වීරසූරිය කොමිසම පත් කිරීම.

1954

විහිළු තහළු වැඩසටහන ආරම්භය.


1955.04.28

වීරසූරිය කොමිසම වාර්තාව නිකුත් වීම.
වෙළෙඳ සේවය සඳහා දැන්වීම් ගාස්තු පතක් සකස් කිරීම, ශ්‍රවණ පර්යේෂණ අංශයක් ඇති කිරීම ඇතුළු කරුණු රැසක් නිර්දේශ කර තිබුණි.
1955.12.08
ලංකා ගුවන්විදුලි සේවයේ පළමු ගීත නාටකය මනෝහාරී නමින් ප්‍රචාරය කිරීම.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා රචනා කළ අතර සංගීතඥ පී ඩන්ස්ටන් ද සිල්වා සංගීත නිර්මාණය කළේය. මේඝදූත නමින් පෙනී සිටි තේවිස් ගුරුගේ මහතා නිෂ්පාදවරයා වේ.

1955
විනෝද සමය වැඩසටහන ආරම්භය
1956
දියගම මධ්‍යම තරංග (MW) විකාශනාගාරය ඉදිකිරීම ආරම්භ කිරීම.
අධ්‍යක්ෂ ඉංජිනේරු ඩේවිඩ් බුවෙල් මහතා මෙම සම්ප්‍රේෂණාගාරය ඉදි කිරීම සඳහා මුලිකත්වය දැරුවේය. අනුරාධපුර මධ්‍යම තරංග සම්ප්‍රේෂණාගාරය නිර්මාණය කිරීමට ද ඔහු මූලික විය.
1956.03.24
ගුවන්විදුලි අධි තරංග ඔස්සේ පළමුවරට සජීවී වැඩසටහනක් ප්‍රචාරය කිරීම. ශ්‍රී පාදස්ථානයේ සිට ආගමික වැඩසටහනක් මෙදින ප්‍රචාරය කර ඇත.

1956.07.02

ශ්‍රවණ පර්යේෂණ ඒකකය පිහිටුවීම.

1956 දෙසැම්බර්
ගුවන්විදුලි බලපත්‍ර සංඛ්‍යාව 162,134කි.

1959.03.21
දම්සභා මණ්ඩපය ආරම්භ කිරීම. දහම් ගැටලු සඳහා පිලිතුරු ලබාදීම වැඩසටහනේ අරමුණයි. ආරම්භයේදී සතිපතා ප්‍රචාරය විය.


1959.08.15
“මුස්ලිම් සේවය” දෙමළ අංශයෙන් වෙන්වී වෙනම අංශයක් වශයෙන් ආරම්භ කිරීම.

1959.10.01
වැඩසටහන් අංශය යටතේ පැවති ප්‍රවෘත්ති ඒකකය වෙනම අංශයක් ලෙස ස්ථාපනය කිරීම.
මෙදින සිට අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ පාලනය විය.

1961
ගුවන් විදුලි සඟරාව ආරම්භ කිරීම.
ගුවන් විදුලියේ ප්‍රචාරය වූ තෝරාගත් නාට්‍ය, විචිත්‍රාංග, පද්‍යාවලී කාව්‍ය සහ විශේෂ ආරාධිත ලිපි කිහිපයක් ඊට ඇතුලත්ව තිබුණි.

1963.04.03
දියගම කෙටි තරංග (SW) විකාශනාගාරය විවෘත කිරීම.

1963.04.04
සන්ධ්‍යා සේවය ආරම්භය.

1963.09.02
යුරෝපා සේවය ( EUROPEAN SERVICE) ආරම්භය.

1963.12.14
සිංහල වෙළෙඳ සේවයෙන් හඳමාමා ළමා වැඩසටහන ආරම්භ කිරීම.

1964.03.11
පළමුවරට මුවන්පැලැස්ස නාට්‍යය ප්‍රචාරය කිරීම. මුදලිනායක සෝමරත්න මහතා රචනා කළ මෙම නාට්‍යය නිෂ්පාදනය කළේ නන්දා ජයමාන්න මහත්මියයි. පළමු කොටසේ අවසන් නාට්‍ය කොටස 1971.04.08 ප්‍රචාරය විය.

1965
ගුවන්විදුලි බලපත්‍ර ප්‍රමාණය ලක්ෂ 04 දක්වා ඉහළ යාම.

1965 මාර්තු
අනුරාධපුරය මධ්‍යම තරංග (MW) විකාශනාගාරය ඉදි කිරීම.

1965.07.31
ගුවන්විදුලි කටයුතු පිළිබඳව සොයා බැලීමට අග්‍රාණ්ඩුකාරතුමා විසින් හුලුගල්ලේ කොමිසම පත් කිරීම. 1966 අප්‍රේල් 05 වන දින වාර්තාව නිකුත් කරන ලදී.

1967.01.05
ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෙස නිල වශයෙන් නම් කිරීම.
වයර්ලස් බ්‍රෝඩ්කාස්ටින්, කොළොම්ඹු බ්‍රෝඩ්කාස්ටින් ආදී නම් වලින් ආරම්භයේ සිට හැඳින් වූ ලංකා ගුවන්විදුලිය1949 සැප්තැම්බර් 30 දක්වා තැපැල් දෙපාර්තමේන්තුව යටතේ පැවතුණි. 1949 ඔක්තෝබර් 01 දින සිට ගුවන්විදුලිය ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කිරීමට හැකිවන පරිදි දෙපාර්තමේන්තුවක් බවට ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. ඒ සමඟ රේඩියෝ සිලෝන් යනුවෙන් ගුවන්විදුලි සේවය හැඳින්වීම ආරම්භ විය. 1949 ඔක්තෝබර් 05 වෙනි දින සිට ගුවන්විදුලි දෙපාර්තමේන්තුව රාජ්‍ය දෙපාර්තමේන්තුවක් බවට පත් කෙරිණි. එහි මුල්ම අධ්‍යක්ෂවරයා වූයේ ජෝන් ඒ ලැම්ප්සන් මහතායි. පසු කළක ඔහු ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය. 1967 ජනවාරි 05 දින ගුවන්විදුලි දෙපාර්තමේන්තුව “ලංකා ගුවන්විදුලි සංස්ථාව” ලෙස අග්‍රාමාත්‍ය ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා නිල වශයෙන් විවෘත කළහ. මෙහි ප්‍රථම සභාපති හා අධයක්ෂ ජනරාල් වූයේ නෙවිල් ඩී. ජයවීර මහතායි. 1972 මැයි 22 දින ජනරජ ව්‍යවස්ථාව සම්මතවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෙස නාමය වෙනස් කරන ලදී.

1968 ජනවාරි

ගුවන්විදුලි අභ්‍යාස ආයතනය ආරම්භ කිරීම.

1969

හුදු විනෝදාස්වාදය සඳහා ප්‍රචාරය කළ නාට්‍යය වෙනුවට සමාජීය අවබෝධයක් ලබා දෙන නාට්‍යය ප්‍රචාරය ආරම්භ කිරීම. අශෝක කොළඹගේ මහතා ලියූ “ග්‍රහතරුව” එසේ ලියවුණ ගුවන්විදුලි නාට්‍යය කි.

1969

මේතාක් හඬ නළුවන් භාවිත කරමින් නාට්‍යරූපීව ඉදිරිපත් කළ කෙටිකතාව වෙනුවට එක් අයෙකු විසින් කෙටිකතාව වැඩසටහන ඉදිරිපත් කිරීම ආරම්භ කිරීම.

1969

ප්‍රේමසිරි කේමදාස මහතාගේ “අම්මා ගීත නාටකය” ප්‍රචාරය කිරීම.

1969 අප්‍රේල්

සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වූ ග්‍රාමීය සේවය වෙනම සේවාවක් ලෙස ආරම්භ කිරීම. මෙදින ප.ව. 6.15ට විකාශන කටයුතු ආරම්භ කෙරිණ.

1969.04.13

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පැයෙන් පැය ප්‍රවෘත්ති ලුහුඬින් ප්‍රචාරය ආරම්භ කිරීම.

1970.02.02

මහව කිලෝවොට් 50ක මධ්‍යම තරංග (MW) සම්ප්‍රේෂණාගාරය ආරම්භ කිරීම. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ජර්මන් ජනරජ සමූහාණ්ඩුවේ ආධාර යටතේ මෙය ලැබුණි.

1970

වීරකැටිය මධ්‍යම තරංග (MW) විකාශනාගාරය ආරම්භ කිරීම.

1970 පෙබරවාරි

සංගීත පර්යේෂණ අංශය පිහිටුවීම.
ජනගායනා හා වාදන පටිගත කිරීම, ඒවායේ නාමාවලියක් සකස් කොට විශේෂ පර්යේෂණ පුස්තකාලයක් ගොඩනැගීම, ඒවා විශ්ලේෂණය කොට කළින් කලට සංගීත පර්යේෂණ වාර්තා නිකුත් කිරීම ද අරමුණු වේ. ගුවන්විදුලි සංගීතය දියුණු කිරීම සඳහා පත් කරන ලද සංවර්ධන කමිටුවක නිර්දේශ මත මෙම අංශය පිහිටු විය. මෙහි ප්‍රධානියා වශයෙන් සංගීත ගුරුවරයෙකුව සිටි විශ්ව භාරතී සංගීත උපාධිය ලත් සී. ද එස්. කුලතිලක මහතා පත් කළේය. මෙම අංශය ආරම්භ කර වසර 7ක කාලය තුළ වාදන කොටස් තුන්දහසක් (3,000) පමණ පටිගත කර ගෙන ඇත. ලංකාවේ පැරණි පෘතුගීසි, ග්‍රීක, කාපිරි සහ දෙමළ ජනගීත මෙසේ පටිගත කර ගෙන තිබේ. මේ ගායන හා වාදන අළලා ජන සංගීත පර්යේෂණ යටතේ වැඩසටහන් 200ක් පමණ විකාශනය කර තිබේ. ඉංග්‍රීසි සේවයෙන් වැඩසටහන් 42ක් ඉදිරි පත් කොට ඇත.

1971.06.25

නව මුවන්පැලැස්ස නාට්‍යය ආරම්භ කිරීම. වික්ටර් මිගෙල් මහතා රචනා කළේය.

1972 ජනවාරි

ගාල්ල, හපුගල කි.වො. 10ක සම්ප්‍රේක්ෂණාගාරයක් කිරීම.

1972.02.01
ස්වදේශීය සේවය පළමු සේවය ලෙසත් වෙළෙඳ සේවය දෙවන සේවය ලෙසත් නම් කිරීම

1972.05.22

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලංකා ගුවන්විදුලි සංස්ථාව “ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව” ලෙස හැඳින්වීම.

1977.07.08

අම්පාර මධ්‍යම තරංග සම්ප්‍රේෂණාගාරය ආරම්භ කිරීම.
ජර්මන් රජය මේ සඳහා ආධාර කළේය. මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්ක
වල ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම අරමුණ විය. ලංකාවේ හයවන මධ්‍යම
තරංග සම්ප්‍රේෂණාගාරය මෙයයි. වර්තමානයේ භාවිත නොකෙරේ.

1977.08.05

ගුවන්විදුලිය සම්බන්ධව ටී. බී. එම්. ඒකනායක කොමිසම පත් කිරීම.

1978.04.29

ගුවන්විදුලිය පිළිබඳ ටී. බී. එම්. ඒකනායක වාර්තාව නිකුත් කිරීම.

1970 මැයි 29 වන දින සිට 1977 ජූලි 23 දක්වා කාලය තුළ සංස්ථාවේ සිදුවී ඇති අයථා පත්වීම්, අයථා දඩුවම් කිරීම්, යම් යම් පුද්ගලයන්ට විශේෂ වරප්‍රසාද ලබා දී තිබේනම් ඒවා සොයා බැලීම සහ පොදුවේ සියලු අංශ පිළිබඳ සොයා බැලීම මෙමගින් සිදු විය.

1978 අගෝස්තු

Ceylon Radio Times නමින් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කර නතර කර තිබූ ගුවන්විදුලි සඟරාව නැවත The Broadcaster නමින් නිකුත් කිරීම.

1978 අගෝස්තු
ට්‍රාන්ස්වර්ල්ඩ් ගුවන්විදුලි සේවය (TRANSWORLD RADIO SERVICE) ආරම්භ කිරීම.

1978.07.17

ගුවන්විදුලි සේවකයන් වෙනුවෙන් සංස්ථා පරිශ්‍රයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පළමුවරට ආරම්භ කිරීම.

1978.08.05
පුත්තලම සම්ප්‍රේෂණාගාරය විවෘත කිරීම.

1978.10.02
තුන්වන සේවය ලෙස ක්‍රීඩා සේවය ආරම්භ කිරීම. පසුව සිංහල ස්වදේශීය සේවය සමඟ ඒකාබද්ධ වීම.

1978.11.02
මැද පෙරදිග සේවය ආරම්භ කිරීම.

1978.11.02
නැගෙනහිර අප්‍රිකානු සංදේශ ගුවන්විදුලි සේවයේ (EAST AFRICAN SERVICE) ආරම්භය.

1979.04.12
ශ්‍රී ලංකාවේ පළමු ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය අනුරාධපුරයේදී “රජරට සේවය” නමින් ආරම්භ කිරීම.
ප්‍රාදේශිය සේවා අරමුණු අතර,

01. ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම.
02. ප්‍රාදේශීය වශයෙන් දක්ෂතා ඇති කලාකරුවන්, නාට්‍යකරුවන් සහ විවිධ ක්ෂේත්‍රවල හැකියාවන් දක්වන අයට ඔවුන්ගේ දක්ෂතා ප්‍රාදේශිය ගුවන්විදුලිය මඟින් හඳුන්වා දී ඔවුන්ගේ හැකියාවන් ජාතික තලයට ගෙන ඒමට කටයුතු කිරීම.
03. ප්‍රාදේශීය වශයෙන් ආර්ථික, සාමාජික හා සංස්කෘතික කටයුතු සඳහා ගුවන්විදුලිය මඟින් අවස්ථාව ලබා දීම.
04. ජන විඥානය සහ ජනශ්‍රැති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේවැඩසටහන් ප්‍රචාරය මෙන්ම ඒ මඟින් වටිනා වැඩසටහන් සංරක්ෂණය කිරීම.
05. ප්‍රාදේශිය සේවාවන්හීප්‍රචාරය වන වැඩසටහන් සඳහා එම ශ්‍රවණ කලාපවල පවතින සම්පත් උපරිම මට්ටමෙන් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරිපත් කිරීම හා ශ්‍රාවක පිරිස්වල අවශ්‍යතා අනුව වැඩසටහන් සැලසුම්කොට ඉදිරිපත් කිරීම.
06. දුෂ්කර පළාත්වල සිටින ශ්‍රාවකයන්ට හොඳ ශ්‍රවණ තත්ත්වයක් ලබා දීම.
07. ජනතාව වඩවඩාත් ගුවන්විදුලියට සමීප කර ගැනීම.
08. අධ්‍යාපනික වැඩසටහන් ප්‍රචාරය මඟින් ප්‍රදේශයේ ජනතාවගේ දැනුම වර්ධනයට කටයුතු කිරීම.
09. ප්‍රදේශයේ වෙළෙඳ කටයුතුවල යෙදීසිටින ව්‍යාපාරකයන්ට නව නිෂ්පාදන හා සේවා වෙළෙඳපොලට හඳුන්වාදීමේදී සාධාරණ මිලකට වෙළෙඳ ප්‍රචාරණයක් ලබා දීම.

1979.10.01
ස්වදේශීය සේවයේ “තුන්පත්රටා” වැඩසටහන ආරම්භ කිරීම. ශ්‍රී ලංකාවේ ජනශ්‍රැතියේ එන ජනප්‍රවාද, ජනකවි සහ ජනවහර යොදා ගනිමින් ඉදිරිපත් කළ ගුවන්විදුලි විචිත්‍රාංගයකි. 1982 ඔක්තෝබර් 27වන දින සිට ප්‍රචාරය නතර කරන ලදී.

1980.02.03
දෙවන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය “රුහුණු සේවය” ආරම්භ කිරීම. මාතර නූපේ ප්‍රදේශයේදී පිහිටුවන ලදී.

1981.01.20
සංස්ථා සාමාජික පූජ්‍ය හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි හිමිගේ සභාපතිත්වයෙන් සිංහල සේවා ප්‍රතිසංවිධාන කමිටුවක් පත් කිරීම. අදාළ වාර්තාව 1981 දෙසැම්බර් 31 නිකුත් කරන ලදී.

1981
1981 වසර ගුවන්විදුලි වර්ෂය වශයෙන් ගරු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කිරීම.

1981
ගීත රචනා බැංකුව පිහිටුවීම.

1981
තැටි තෝරා ගැනීමට වෙනම අනු මණ්ඩලයක් පත් කිරීම. මේ සමඟ නුසුදුසු තැටි ඉවත් කිරීමටත් අළුත් තැටි සුපරික්ෂාකාරීව තෝරා ගැනීමටත් හැකි වීම.

1981
පෙබරවාරි 4 නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ඉංග්‍රීසි සේවය මගින් The Resplendent Island (දීප්තිමත් දිවයින) යනුවෙන් විශේෂ වැඩසටහනක් සකස්කොට ශ්‍රී ලංකාවට අයත් විදේශීය තානාපති කාර්යාලවලට බෙදාදීම. එම වැඩසටහන විදේශ රටවල ගුවන්විදුලි සේවා ඔස්සේ නිදහස් දිනය දවසේ ප්‍රචාරය කිරීම සඳහා සකස් කරන ලද්දකි.

1981
ගුවන්විදුලි වැඩසටහන් පිළිබඳව නිතිපතා ප්‍රතිචාර ලබා ගැනීමට දීප ව්‍යාප්ත ශ්‍රාවක මණ්ඩලයක් ශ්‍රවණ පර්යේෂණ අංශයේ මූලිකත්වයෙන් පිහිටුවීම. මේ සඳහා ලැබුණු අයඳුම්පත් වලින් දෙදහසක් තෝරා ගෙන ඇත. මුල් කාලයේ සිංහල වැඩසටහන් පමණක් අධ්‍යයනයට යොමු කර ඇති අතර ප්‍රශ්නමාලා ඇසුරින් තොරතුරු ලබා ගෙන ඇත.

1981 සැප්තැම්බර්
අත්හදා බැලීමේ විකාශනයක් ලෙස එෆ්. එම්. ස්ටීරියෝ (සංඛ්‍යාත අනුකුලන) සේවයක් ආරම්භ කිරීම.
(ස්ටුඩියෝ එස්. ටී. එක්ස්.)

1981
සම්ප්‍රේෂණාගාර ඉදිකර අවසන් කිරීම. ඒ අනුව,
අඹේවෙල - කි.වො 20 සම්ප්‍රේෂණ 4යි.
කන්තලේ - කි.වො 20 සම්ප්‍රේෂණ 2යි.
රත්නපුර - කි.වො 10 සම්ප්‍රේෂණ 2යි.
මහියංගනය - කි.වො 1 සම්ප්‍රේෂණ 1යි

1981.10.01
ශ්‍රී ලංකාවේ පළමු ප්‍රජා ගුවන්විදුලි සේවය “මහවැලි ප්‍රජා ගුවන්විදුලිය” නමින් ආරම්භ කිරීම. යුනෙස්කෝවෙන් සහ ඩෙන්මාර්ක රජයේ මුදල් ආධාර මත ආරම්භ කෙරිණි. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මහවැලි ප්‍රදේශයේ නව පදිංචිකරුවන්ගේ සමාජ ආර්ථික සංවර්ධනය කඩිනම් කිරීමේ අරමුණින් ආරම්භ විය. මහවැලි ප්‍රජා ගුවන්විදුලියේ උපදේශක ලෙස නූඩ් එබර්සන් මහතා 1984 වසර දක්වා කටයුතු කළේය. පසුව ඕලේ අබානුස් මහතා ඒ සඳහා පත් වූයේය.

1982.07.17
මහියංගනය මධ්‍යම තරංග (MW) විකාශනාගාරය විවෘත කිරීම.

1983.01.24
මතකයේ රැඳුණු ගී වැඩසටහන ආරම්භ කිරීම.
පැරණි ගීත ඇතුළත් වැඩසටහනකි. වෙළෙඳ සේවය ඔස්සේ ප්‍රචාරය වූ අතර ජයන්ත පීරිස් මහතා නිවේදක ලෙස කටයුතු කළේය.

1983.04.13
තෙවන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය මහනුවර දී “කඳුරට සේවය” නමින් ආරම්භ කිරීම.

1983.04.16
අඹේවෙල මධ්‍යම තරංග (MW) සම්ප්‍රේෂණාගාරය විවෘත කිරීම.

1983.09.01
සිංහල පළමුවන සේවයේ පෙරවරු විකාශන කටයුතු ඉන්ධන වියදම් අධිකවීම නිසා තාවකාලිකව නතර කිරීම.

1983.09.10
සිංහල පළමුවන සේවයේ පෙරවරු විකාශන කටයුතු නැවත ආරම්භ කිරීම.

1983.09.17
රත්නපුර මධ්‍යම තරංග (MW) සම්ප්‍රේෂණාගාරය විවෘත කිරීම.

1984.02.01
පළමු සේවය හා දෙවන සේවය වශයෙන් හැඳින් වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවාවන් නැවත පළමු සේවය සිංහල ස්වදේශීය සේවය යනුවෙනුත් දෙවන සේවය සිංහල වෙළඳ සේවය යනුවෙනුත් නම් කිරීම. 1972 වර්ෂයේදී පළමු සේවය සහ දෙවන සේවය ලෙස මෙම සේවා හැඳින්වීම ආරම්භ කර තිබුණි.

1984 දෙසැම්බර්
දෙමළ ස්වදේශීය සේවය සහ දෙමළ වෙළඳ සේවය ඒකාබද්ධ කිරීම.

1985.07.18
ගුවන්විදුලි සිංහල වැඩසටහන්වල තත්ත්වය නඟා සිටුවීම සඳහා කමිටුවක් පත් කිරීම. එහි වාර්තාව 1985 නොවැම්බර් මාසයේ දී නිකුත් කරන ලදී.

1985.10.03
“සුගන්ධිකා” ඵෙතිහාසික ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය. මහවංසය ඇසුරින් නිර්මාණය වූ මෙම නාට්‍යයට පොළොන්නරු යුගය පසුබිම් වී ඇත. 1988 ඔක්තෝබර් 18 වන දින අවසාන කොටස ප්‍රචාරය විය.

1986 මාර්තු
සංගීත අංශය පිහිටුවීම.

1986
ඉංග්‍රීසි ස්වදේශීය සේවය සහ වෙළඳ සේවය එකාබද්ධ කිරීම.

1986
මොනෝ තාක්ෂණය යටතේ පැවති සිංහල සහ දෙමළ සංගීත වැඩසටහන් ස්ටීරියෝ තාක්ෂණයට පරිවර්තනය කිරීම.

1986
දියගම මධ්‍යම තරංග (MW) විකාශනාගාරයේ වී. එච්. එෆ්. (V.H.F.) ග්‍රාහක 06ක් සවි කිරීම සඳහා අඩි 125ක කුළුණක් ඉදි කිරීම.

1986
වසර 35ක් පමණ පැරණි මාකෝනි උපකරණ ඉවත් කර ට්‍රාන්සිස්ටර් මගින් ක්‍රියා කරන නවීන පාලක පුවරු ගුවන්විදුලි සංස්ථාවේ සවි කිරීම.

1986
විදේශ සම්බන්ධතා සහ කාලීන පුවත් සම්බන්ධ අධිකාරියක් ඇති කිරීම

1986
උතුරේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා යාපනය මැදිරි සංකීර්ණය අතහැර දැමීම.

1986.04.11
“ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලි සේවය” ආරම්භ කිරීම. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් විවෘත කරන ලදී. මෙම මධ්‍යස්ථානය මහියංගනයේ පිහිටුවන ලද අතර කිලෝවොට් 01ක සම්ප්‍රේෂණයක් මඟින් මධ්‍යම තරංග ඔස්සේ සතියේ දිනවල සවස 7.00 සිට 8.00 දක්වා පුරා පැයක් වැඩසටහන් ප්‍රචාරය කර ඇත. 2010 පෙබරවාරි මස 22 දින සිට දඹාන එෆ්. එම්. සේවයට සංඛ්‍යාත යොදා ගත්තේය.

1987
ක්‍රීඩා අංශය, ප්‍රවෘත්ති අංශය යටතට පත් කිරීම.

1987 මැයි
අධ්‍යාපන සේවා වැඩසටහන් පස්වරු 2.30 සිට පස්වරු 4.00 දක්වා ප්‍රචාරය ආරම්භ කිරීම. නැවත ප්‍රචාරයක් ලෙස එම වැඩසටහන් පස්වරු 6.00 සිට පස්වරු 8.35 දක්වා ප්‍රචාරය විය.

1987
සිව්වන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය යාපනය දිස්ත්‍රික්කයේ “යාපාපටුන සේවය” නමින් ආරම්භ කිරීම.

1987

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ ඉදි කර තිබූ මහවැලි ප්‍රජා ගුවන්විදුලි මැදිරි ඉන් ඉවත්කර මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ලකට ගෙන යාම.


1987.07.29
රාජ්‍ය විරෝධී පිරිස් රුහුණු සේවයේ ගොඩනැගිලි, යන්ත්‍ර සහ මෙවලම් මෙන්ම වාහන දෙකක් සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කිරීම. 1993.12.12 දින රුහුණු සේවා මැදිරි සංකීර්ණය නැවත සාදා විවෘත කළේය.


1987.10.01
“මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලි සේවය” ආරම්භ කිරීම.

1988
ශ්‍රී ලංකා ගුවන්විදුලි පනතට සංශෝධනයන් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ අතර ඒ අනුව ගුවන්විදුලි බලපත්‍ර ලබා දීමේ අධිකාරිය ගුවන්විදුලි සංස්ථාවට හිමි වීම.

1988.01.19
ප්‍රවෘත්ති අමාත්‍යංශය පිහිටුවීම. මේ සමඟ රාජ්‍ය අමාත්‍යංශය යටතේ පැවති ගුවන්විදුලිය නව අමාත්‍යංශය යටතට පත් විය.


1988.02.24
ගුවන්විදුලි සංස්ථාවේ පස්වන මැදිරිය ඩී. එම්. කොළඹගේ මැදිරිය ලෙස නම් කිරීම.


1989 අප්‍රේල්
තෙරුවන් නමදිමු වැඩසටහන ආරම්භ කිරීම.


1989.06.11
සාර සංග්‍රහය වැඩසටහන ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය ආරම්භ කිරීම.


1989.10.10
එදා අප දුටු චිත්‍රපටයකින් වැඩසටහන වෙළෙඳ සේවයෙන් ප්‍රථම වරට ප්‍රචාරය කිරීම.


1989.11.03
පළමුවරට එෆ්. එම්. තරංගමාලා (කිලෝහර්ට්ස් KHz) භාවිත කරමින් ගුවන්විදුලි සේවයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව “සිටි එෆ්.එම්. ” (City fm) නමින් ආරම්භ කිරීම.

1989
ජපන් ආධාර යටතේ කිලෝවොට් 300ක ධාරිතාවයකින් යුත් කෙටි තරංග ව්‍යාපෘතිය ඒකළ ආරම්භ කිරීම.


1990
විදේශීය සේවාවක් වූ කොළඹ ජාත්‍යන්තර ගුවන්විදුලි සේවය (COLOMBO INTERNATIONAL RADIO)
ආරම්භ කිරීම.


1990
ගුවන්විදුලි බලපත්‍ර අංශය පිහිටු වීම.

1991
“ආරාධිත අමුත්තා” වැඩසටහන ආරම්භ කිරීම.


1991
“සුනිල් ගී” මැයෙන් කැසට් පටයක් නිකුත් කිරීම.


1991
පළමුවරට සුසංහිත තැටි (සී. ඩී. තැටි) මාර්ගයෙන් ගීත නිකුත් කිරීම.


1991
සංවර්ධන තොරතුරු ගමට ගෙන යාමේ අරමුණින් ග්‍රාමීය සේවය ආරම්භ කිරීම.


1991.01.05
යාපාපටුන සේවය “පලාලි සේවය” නමින් හැඳින්වීම.


1991.02.27
“කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි සේවය” නිල වශයෙන් ආරම්භ කිරීම. 1989 පෙබරවාරි 12 වන දින අත්හදා බැලීමේ විකාශනය ආරම්භ විය. දකුණු කොරියානු රජය අවශ්‍ය උපකරණ මේ සඳහා පරිත්‍යාග කළේය.


1992.06.10
පළමුවරට ශුද්ධ වූ මක්කමේ සිට චන්ද්‍රිකා මාර්ගයෙන් ලබා ගත් හජ්ජි වන්දනා පැයක ගුවන් කාලයක් සජීවීව ප්‍රචාරය කිරීම.


1993
කාලීන තොරතුරු ඇතුළත්ව නව අධ්‍යාපන සේවය ඔස්සේ ප්‍රචාරය වූ සුභාරතී වැඩසටහන සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය ආරම්භ කිරීම.


1993.02.04
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව “වන්නි ප්‍රාදේශීය සේවය ” ආරම්භ කිරීම. එල්. ටී. ටී. තස්ත්‍රවාදී ක්‍රියා නිසා 2002 මාර්තු 30 ‍වෙනි දින සිට විකාශන කටයුතු නතර කරනු ලැබිණ.


1993.08.26
ස්ටීරියෝ පහසුකම් සහිත නව බහුකාර්ය මැදිරිය (NEW MULTI STUDIO COMPLEX) විවෘත කිරීම.
ජපන් ආධාර යටතේ නව සම්බන්ධතා මැදිරි සංකීර්ණයක්, පාලක මැදිරියක් සහ පටිගත කිරීමේ මැදිරියක් මෙම බහුකාර්ය මැදිරියට අයත් ය. ජනාධිපති ඩී. බී. විජේතුංග මැතිතුමා, ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍ය ටිරෝන් ප්‍රනාන්දු මැතිතුමා, ලංකාවේ ජපන් තානාපති මසාකි කුනියාසු මහතා, ජයිකා ආයතනයේ නේවාසික නියෝජිත වයි. සකාමාකි මහතා, ප්‍රවෘත්ති හා ගුවන්විදුලි රාජ්‍ය අමාත්‍ය ඒ. ජේ. රණසිංහ මැතිතුමා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ සංස්කෘතික ඇමති ටිරෝන් ප්‍රනාන්දු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති කුමාර් අබේසිංහ සහ ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී කාරියවසම් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


1993.08.26
බාහිර ප්‍රචාරක රථයක් ජපන් රජයෙන් ලැබීම.


1993.08.26
ගුවන්විදුලි සඟරාව “ශ්‍රව්‍යවාහිනී” නමින් නිකුත් කිරීම.


1993.08.26
ජනසවිය ගී පද මාලා තරඟය පැවැත්වීම.


ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංවර්ධන අංශය සංවිධානය කළ මෙම තරඟයෙන් ඵලදායී ලෙස රටේ සංවර්ධන ක්ෂේත්‍රයට ජනසවිය වැඩ පිලිවෙල ශක්තිමත්ව යොදා ගැනීමේ අවශ්‍යතාව ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කර තිබුණි. දීපව්‍යාප්ත තරඟයක් ලෙස මෙම වැඩසටහන ගුවන්විදුලියේ විසුරුවා හැර ඇත. තරඟය සඳහා ගී පද මාලා හත්දහසකට වැඩි ප්‍රමාණයක් එවා ඇත. මේ සඳහා වැඩි වශයෙන් තරුණ කලා කරුවන් ඉදිරිපත්වී තිබුණි. හොඳම ගී පද මාලා හතකට ත්‍යාග මෙදින ජනාධිපති ඩී. බී. විජේතුංග මැතිතුමා අතින් පිරි නැමූහ. පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී හඩ්සන් සමරසිංහ මහතාගේ උපදේශකත්වය සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ඒරානන්ද හෙට්ටිආරච්චි මහතාගේ මඟ පෙන්වීම යටතේ වැඩසටහන නිර්මාණය කර තිබේ. මහජන බැංකුව, ජාතික නිවාස අධිකාරිය සහ ජනසවිය කොමසාරිස් දෙපාර්තමේන්තුව මේ සඳහා දායක වී ඇත.


1994
දෙනියාය විකාශනාගාරයේ එෆ්. එම්. (FM) පද්ධතිය දියුණු කිරීම.


1994
ප්‍රචාරය වන ගීත සඳහා පද රචකයාට, සංගීතඥයාට සහ ගායකයාට කර්‍තෘභාග ගෙවීමට කටයුතු කිරීම.


1994
ප්‍රවෘත්ති ලුහුඬින් ප්‍රචාරය නැවත ආරම්භ කිරීම.


1994.06.22
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනම විකාශයක් ලෙස “නව අධ්‍යාපන සේවය” ආරම්භ කිරීම. ප්‍රතිසංශෝධිත නව අධ්‍යාපන සේවය “ගුවන් තක්සලාව” නමින් විකාශන කටයුතු සිදු කරන ලදී.


1994.12.16
ගුවන්විදුලි සඟරාව ඇසිදිසි නමින් නිකුත් කිරීම.


1994.12.16
ශ්‍රාවක ප්‍රතිචාර සම්මාන උළෙල පැවැත්වීම.


1995.01.01
මුළු දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එෆ්. එම්. (කිලෝහර්ට්ස් KHz) තාක්ෂණය යොදා ගැනීම.


1995පෙබරවාරි
ජපන් රජයේ ආධාර යටතේ ලැබුණ බහුකාර්ය මැදිරිය මෙදින සිට ආනන්ඳ සමරකෝන් බහුකාර්ය මැදිරිය ලෙස නම් කිරීම.


1995.10.21
ශ්‍රී ලංකා එෆ්. එම්. සේවයේ ගුවන් කාලය පැය 24 දක්වා දීර්ඝ කිරීම.


1995.12.16
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව “විශ්වශ්‍රවණී සේවය” ආරම්භ කිරීම.


1995.12.19
ගුවන්විදුලි සංස්ථාව පළමුවරට ජනාධිපති සම්මාන උළෙලක් පැවැත්වීම. අසන්නන්ට, හොඳම නිෂ්පාදනයට සහ සේවාදායක ආයතන සඳහා ද මෙහිදී සම්මාන පිරි නමන ලදී.


1995
පළමුවරට දකුණු ඉන්දියාවේ සිට එහි පැවති ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනය පිළිබඳ වැඩසටහන් 09ක් ප්‍රචාරය කිරීම. බලය බෙදාහැරීම මාතෘකාව යටතේ වැඩසටහන් කීපයක් මෙහිදී නිෂ්පාදනය කොට තිබුණි.


1996.01.09
“දෙමළ වෙළඳ සේවය” වෙනම සේවාවක් ලෙස ආරම්භ කිරීම.


1996.05.28
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අතිරේක ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් ආරම්භ කිරීම.
සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දිනවල පෙරවරු 08.00ට සහ සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 07.50ට මෙම විකාශනය සිදු කළේය. දෙමළ ස්වදේශීය සේවය ඔස්සේ පෙරවරු 08.00ට දිනපතා අතිරේක ප්‍රවෘත්ති ප්‍රකාශයක් සිදු කර ඇත.


1996.11.01
“ශ්‍රී ලංකා එෆ්. එම්. සේවය” සිංහල වෙළෙඳ සේවය හා ඒකාබද්ධ වීම. පසුව එම සේවය සිටි එෆ්. එම්. ලෙස නම් කරන ලදී.


1996.11.15
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව “ලක්හඬ සේවය” ආරම්භ කිරීම. මෙම සේවය බත්තරමුල්ල ස්වාධීන රූපවාහිනී සේවය සමඟ පසුකාළීනව ඒකාබද්ධ විය.


1996 දෙසැම්බර්
මුවන්පැළැස්ස නාට්‍යය ප්‍රචාරය නතර කිරීම.


1997
මධ්‍යම තරංග භාවිත කරමින් විසුරුවා හරින ලද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දේශීය සේවාවන් හී ප්‍රචාරණයන් සම්පූර්ණයෙන් නතර කිරීම.


1997.01.02
“පලාලි /යාපාපටුන සේවය” නැවත “යාපනය සේවය” ලෙස නම් කිරීම.

 

1997.01.06 

“විශ්වශ්‍රවණී සේවය” සිංහල ස්වදේශීය සේවය හා ඒකාබද්ධ වීම.


1997.01.24
විවිධ සේවාවල පවත්වා ගෙන ගිය තරඟ විස්තර ප්‍රචාරය වෙනම සේවාවක් ලෙස “ ක්‍රීඩා විකාශනය” නමින් ආරම්භ කිරීම. මෙය ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා විකාශන සේවයයි.


1997.02.17
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව බී.බී.සී. ආයතනය සමඟ ඒකාබද්ධ වී නැවත වැඩසටහන් ප්‍රචාරය කිරීම. ඒ අනුව සිංහල ස්වදේශීය සේවයෙන් රාත්‍රී 9.15 සිට රාත්‍රී 9.45 දක්වා සංදේශය වැඩසටහන ප්‍රචාරය විය. ඉංග්‍රීසි සේවයෙන් සවස 3.00ට වැඩසටහන ප්‍රචාරය කරන ලදී.


1997.04.01
“ලක්හඬ සේවය” ගුවන්විදුලි සංස්ථාවෙන් වෙන්වී ස්වාධීන රූපවාහිනී සේවය සමඟ අනුබද්ධ විම.


1997.07.17
කරගහතැන්න නව එෆ්. එම්. විකාශනාගාරය විවෘත කිරීම. නව එෆ්. එම්. ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙය සිදු විය.


1997.08.16
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව බී.බී.සී. (BBC) ආයතනය සමඟ ඒකාබද්ධ වී දෙමළ ස්වදේශීය සේවය ඔස්සේ වැඩසටහන් ප්‍රචාරය සිදු කිරීම.


1997.08.23
වව්නියා විකාශනාගාරය විවෘත කිරීම.


1997
හුන්නස්ගිරිය, යටියන්තොට, හපුතලේ ප්‍රතිවිකාශන මධ්‍යස්ථාන ඇති කිරීම.


1998
ශුද්ධ තරංග ව්‍යාපෘතිය ( MICROWAVE PROJECT) ආරම්භ කිරීම.


1998
කන්තලේ මධ්‍යම තරංග (MW) විකාශනාගාරය වසා දැමීම.


1998.04.12
පස්වන ප්‍රජා ගුවන්විදුලිය වශයෙන් “පුලතිසිරාවය ප්‍රජා ගුවන්විදුලි සේවය” ආරම්භ කිරීම.


1999
යුද බිමේ සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් අතර සබඳතා ඇති කරමින් “රණබිමෙන් නිවහනට හා නිවහනින් රණබිමට” වැඩසටහන ආරම්භ කිරීම.


1999.04.30
කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි සේවයට අන්තර්ජාල පහසුකම් ලබා දීම.
යුනෙස්කෝ ආයතනය මේ සඳහා මූලිකත්වය ගන්නා ලදී. දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ අවධානයට කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය ලක් වූ අතර අන්තර්ජාලය සම්බන්ධ පුහුණු වැඩසටහන්ද මෙහි ආරම්භ කර ඇත.


1999.05.14
මැදපෙරදිග සේවය නැවත ආරම්භ කිරීම.
මේ අනුව පළමුවරට ශ්‍රී ලංකාවේ අසන්නන්ට රාත්‍රී 10.15 සිට 11.15 දක්වා මැදපෙරදිග සේවය ශ්‍රවණයට හැකි වේ.


2000.02.14
ගුවන්විදුලි සහ රූපවාහිනී බලපත්‍ර අහෝසි කිරීම.


2000.03.20
විසිර ගුවන්විදුලි සේවය ආරම්භ කිරීම. ක්‍රීඩා විකාශනයේ තරංගමාලා (සංඛ්‍යාත) මේ සඳහා යොදා ගන්නා ලදී.


2001.02.20
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව 75 වන සංවත්සරය සැමරීම.
මෙරට ගුවන්විදුලිය නිල වශයෙන් ආරම්භ කර 2000 දෙසැම්බර් 16වන දිනට වසර 75ක් සම්පූර්ණ විය. ඒ වෙනුවෙන් ගුවන්විදුලි සංස්ථාවේ සේවකයන් 20ට හා ගුවන්විදුලියට විශිෂ්ට සේවාවක් කළ ප්‍රවීන විශ්‍රාමික ශිල්පීන් 20ට සමරු තිළිණ ප්‍රධානයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත් වන ලදී. මේ අවස්ථාවට එවකට අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 

2001.03.22 

වෙළෙඳ සේවය “පවන - Radio Sri Lanka” වශයෙන් නම වෙනස් කිරීම.


2001.04.05
“ලක්හඬ” ගුවන්විදුලි සේවය ස්වාධීන රූපවාහිනී සේවා ගොඩනැගිල්ලට ගෙන යාම.


2001.04.05
“විසිර ගුවන්විදුලි සේවය” පෙරවරු 6.00 සිට 9.00 දක්වාත් “ක්‍රීඩා සේවය” පස්වරු 5.00 සිට රාත්‍රී 9.15 දක්වාත් ප්‍රචාරය කිරීම.


2001.04.14
දෙමළ වෙළඳ සේවය “තෙන්ඩ්‍රල්” නමින් හැඳින්වීම.


2001.08.15
“අග්නිදිග ආසියානු ගුවන්විදුලි සේවයේ” (SOUTH - EAST ASIA SERVICE) විකාශන කටයුතු නතර කිරීම.


2001.09.12
අමර ස්වර බැති පුද නමින් ආචාර්ය පණ්ඩිත් අමරදේව මහතාට උපහාර දැක්වීම. මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලැබීම සහ අඩසිය වසක පමණ කාලයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමග එක්ව සුභාවිත සංගීතය වෙනුවෙන් කළ මෙහෙවර ඇගයීම සදහා මෙම උපහාර දැක්වීම ආනන්ද සමරකෝන් මැදිරියේදී සිදු කරන ලදී. මෙහිදී ගුවන්විදුලි සංස්ථාවේ පළමු මැදිරිය “ආචාර්ය අමරදේව මැදිරිය” ලෙස නම් කිරීම.


2001.10.25
ළමා පරපුර වෙනුවෙන් “සුරතල් නංගියේ” ගීත කැසට් පටය වෙළඳපොළට නිකුත් කිරීම.


2002.01.01
“වානම්පාඩි සේව‍යේ” විකාශන කටයුතු නතර කිරීම.


2002.02.01
ක්‍රීඩා විකාශයේ වැඩසටහන් පවන ගුවන්විදුලි සේවය හා සම්බන්ධ කිරීම.


2002.02.04
සිටි එෆ්.එම්. සේවයේ වැඩසටහන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් නැවත ප්‍රචාරය කිරීම. රජයේ ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය ජනතාව අතරට ගෙනයාමේ අරමුණින් මෙසේ සිදු කරන ලදී.


2002.02.28
විසිර ගුවන්විදුලි විකාශය නතර කිරීම.


2002.03.30
වන්නි සේවයේ විකාශන කටයුතු නතර කිරීම.


2002.06.03
ගුවන්විදුලි සංස්ථාවේ පස්වන මැදිරිය කරුණාරත්න අබේසේකර මැදිරිය ලෙස නම් කිරීම.


2002.07.01
රජරට, රුහුණ, කඳුරට යන ප්‍රාදේශීය සේවා රජරට එෆ්. එම්., රුහුණ එෆ්. එම්., කඳුරට එෆ්. එම්. වශයෙන් නම් කිරීම.


2002 සැප්තැම්බර් 21
ගුවන්විදුලි සංස්ථාව පළමුවරට බාහිර පුද්ගලයන් සඳහා ගුවන්විදුලි නිෂ්පාදක සහ සන්නිවේදන සහතික පත්‍ර පාඨමාලාව හඳුන්වා දීම. ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනය විසින් පාඨමාලාව මෙහෙය විය. පාඨමාලාව අවසන් කළ අභ්‍යාසලාභී සන්නිවේදන විද්‍යාර්ථීන්ට 2003 පෙබරවාරි 18 වන දින සහතික පත්‍ර ප්‍රදානය කළේය.

2002 සැප්තැම්බර්
යටියන්තොට, කරගහතැන්න, හපුතලේ විකාශනාගාර එෆ්.එම්. (FM) තරංග විකාශනාගාර බවට පත් කිරීම හා වැඩසටහන් ප්‍රචාරය කිරීම.


2002.10.15
“පවන - Radio Sri Lanka” වශයෙන් හැඳින්වීම නතර කිරීම.
පසුව මෙම සේවය මහජන ගුවන්විදුලිය සහ Peoples Radio වශයෙන් හඳුන්වා ඇත. පසු කාළීනව Info @ Radio යනුවෙන් 2003 ජූලි 31වන දින දක්වා හඳුන්වා දී තිබුණි. අනතුරුව නිලනාමය වෙනුවට සංඛ්‍යාතයෙන් එනම් 87.6 / 91.2 කොළඹින් අපි හැමෝටම.... යනුවෙන් සේවය හඳුන්වනු ලැබිණ.

2003.03.02
“ඌව ප්‍රජා ගුවන්විදුලි සේවය” ආරම්භ කිරීම.


2003.07.27
ප්‍රවෘත්ති අංශය නූතන තාක්ෂණ ක්‍රමවේද අනුව ජාලගත කිරීම සහ ප්‍රවෘත්ති සඳහා මාර්ග දර්ශකයක් එළි දැක්වීම.


2003.10.01
සිටි එෆ්. එම්. සේවය නැවත ආරම්භ කිරීම. (මේ දක්වා Info @ Radio යනුවෙන් මෙන්ම නිලනාමය වෙනුවට 87.6 / 91.2 කොළඹින් අපි හැමෝටම.... යනුවෙන් සංඛ්‍යාතයෙන් සේවය හඳුන්වා දී තිබුණි.)


2004.01.15
වෙළෙඳ සේවය නැවත ආරම්භ කිරීම.


2004.01.16
හජ්ජි වන්දනාව ඇතුළත් පළමු මුස්ලිම් කැසට් පටය නිකුත් කිරීම.


2004.01.31
මතකයේ රැදුණු ගී වැඩසටහන නැවත වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය කිරීම. වැඩසටහනේ නිවේදක ජයන්ත පීරිස් මහතා ය.


2004.03.18
සිටි එෆ්. එම්. (City fm) සේවයේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රචාරය පෙරවරු 7.00ට ආරම්භ කිරීම.


2004.03.26
යාපනය විකාශනය නැවත ආරම්භ කිරීම.


2004.07.01
ඉංග්‍රීසි සේවයේ ප්‍රචාරය වන බී. බී. සී. (BBC) වැඩසටහන් වෙනුවෙන් පැය 04ක ගුවන් කාලයක් විකාශන කටයුතු සඳහා ලබා දීම.


2004.09.17
පළමුවරට සිටි එෆ්. එම්. සහ තෙන්ඩ්‍රල් යන සේවා දෙක සඳහා අන්තර්ජාල සම්බන්ධතාව ඇති කිරීම.


2005.01.16
දෙමළ වෙළෙඳ සේවය නැවත ආරම්භ කිරීම.


2005.03.11
ආර්. එන්. එන්. සේවය ආරම්භ කිරීම.


2005.05.09
ක්‍රීඩා සේවය නැවත ආරම්භ කිරීම.


2005.06.06
යුරෝපා සේවය ( EUROPEAN SERVICE) නතර කිරීම.


2005.10.24
ආර්. එන්. එන්. (RNN) සේවය ඔස්සේ සමස්ත ආසියා හිංදි සේවය නැවත ආරම්භ කිරීම.


2005.11.04
පිරෛයි ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය ආරම්භ කිරීම. මේ යටතේ නැගෙනහිර පළාත ආවරණය කරන ලදී.


2005.12.03
සමස්ත ආසියා හිංදි සේවය (ALL ASIA HINDI SERVICE) තාවකාලිකව නතර කිරීම.


2005.12.16
සිංහල ස්වදේශීය සේවයට අන්තර්ජාල සබඳතාව ඇති කිරීම.


2005.12.16
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුමකට එළඹීම.
ඒ අනුව සංස්ථාවේ තෝරාගත් තැටි සහ පටි ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ දී සංරක්ෂණ කිරීම.


2005.12.16
සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරි අංක 10 සුනිල් සාන්ත මැදිරිය ලෙස නම් කිරීම.


2006.03.10
ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ ඇති රෝපිත ඓතිහාසික බෝධීන් වහන්සේ වටා ඉදිකළ බෝධි ප්‍රාකාරය, අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ බෝධිය අසල ස්ථාපිත කරන ලද සමාධි පිළිම වහන්සේ නිරාවරණය කිරීම.


2006.03.27
ආර්. එන්. එන් (RNN) සේවය නතර කිරීම.


2006.03.28
විදුල ළමා ගුවන්විදුලි සේවය ආරම්භ කිරීම.


2006.04.30
කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය සඳහා සැරිසර මැදිරිය (ඊ ටුක් ටුක් - ජංගම ත්‍රීරෝද රථ මැදිරිය) ආරම්භ කිරීම. ත්‍රීරෝද රථයක මැදිරිය නිර්මාණය කර තිබුණි.


2006.07.01
සිංහල ස්වදේශීය සේවයේ වැඩසටහන් පෙරවරු 4.45ට ආරම්භ කිරීම.


2006.07.01
සිටි එෆ්. එම්. (City fm) සේවයේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රචාරය පෙරවරු 6.00ට ආරම්භ කිරීම.


2006.12.09
භාෂා විද්‍යගාරයක් කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි සේවයේ ආරම්භ කිරීම.


2006.12.16
ගුවන්විදුලි සංස්ථාවේ අංක 7,8 සහ 9 යන පටිගත කිරීමේ මැදිරි සංකීර්ණය ඩී. එම්. කොළඹගේ යනුවෙන් නම් කිරීම.


2006.12.18
මුවන්පැළැස්ස නාට්‍යය නැවත වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය කිරීම.


2006
තරංගා යනුවෙන් ගුවන් විදුලි සඟරාවක් නිකුත් කිරීම. හරවත් ලිපි සහ මාධ්‍ය පුවත් රැසකින් සමන්විත වූවකි. එක් කලාපයකට පමණක් සීමා විය.


2007.01.04.
සුනිල් සාන්ත මහතාගේ ගීත ඇතුළත් ඕලු පිපිලා කැසට් පටය හා සංයුක්ත තැටිය එළි දැක්වීම.


2007.01.05
ගුවන්විදුලි ‍කෞතුකාගාරය නැවත විවෘත කිරීම. ඒ අනුව පැරණි පාලක මැදිරිය අසල කෞතුකාගාරය ස්ථාපනය කරන ලදී.


2007.01.05
ගුවන්විදුලි භාෂා විද්‍යාගාරය සහ ආපදා සන්නිවේදන මැදිරිය විවෘත කිරීම.


2007.01.05
ගුවන්විදුලි සඟරාව නැවත “තරංගා” නමින් ආරම්භ කිරීම.


2007.11.11
පිරෛයි එෆ්. එම්. ප්‍රාදේශීය සේවයට අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් නව ගොඩනැගිල්ලක් ලැබීම.


2007.11.12
ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය නැවත විකාශන කටයුතු ආරම්භ කිරීම.


2008.01.01
සිංහල ස්වදේශීය සේවයේ වැඩසටහන් පෙරවරු 4.30ට ආරම්භ කිරීම.


2008.03.11
සිංහල වෙළඳ සේවයේ ශ්‍රවණ තත්ත්වය වැඩි දියුණු කිරීම. ඒ අනුව කොළඹ 93.3 සංඛ්‍යාතයේ ධාරිතාව කිලෝවොට් (KW) 300 සිට 1500 දක්වා වැඩි කිරීම.


2008.04.01
ගුවන්විදුලි ධර්මදේශනා දිනපතා පෙරවරු 8.00 සිට 9.00 දක්වා සහ රාත්‍රී 8.00 සිට 9.00 දක්වා ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය ආරම්භ කිරීම. මීට පෙර බදාදා සහ ඉරිදා දිනවල පමණක් ධර්මදේශනා ප්‍රචාරය කළේය.


2008.06.04
විදුල ළමා ගුවන්විදුලියේ ගුවන් කාලය සංශෝධනය කිරීම. ඒ අනුව සතියේ දිනවල පෙරවරු 6.00 සිට පෙරවරු 8.00 දක්වාත් පස්වරු 2.00 සිට 6.00 දක්වාත් සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි පෙරවරු 6.00 සිට පෙරවරු 10.00 දක්වාත් පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වාත් වූ ගුවන් කාලය ළමා ගුවන්විදුලි වැඩසටහන් සඳහා වෙන් කරන ලදී.


2008.07.01
කොළඹ ජාත්‍යන්තර රේඩියෝව (COLOMBO INTERNATIONAL RADIO) නතර කිරීම.


2008.09.01
විදුල ළමා ගුවන්විදුලි සේවය සිංහල ස්වදේශීය සේවය සමඟ ඒකාබද්ධ කිරීම. මේ සමඟ විදුල සේවයේ වැඩසටහන් පස්වරු 3.00 සිට පස්වරු 6.00 දක්වා ප්‍රචාරය සිදු විය. විදුල ප්‍රචාරය වූ සංඛ්‍යාතය ඔස්සේ ද ස්වදේශීය සේවා වැඩසටහන් ප්‍රචාරය විය.


2008.09.07
ස්වදේශීය සේවය සමඟ ඒකාබද්ධ වූ විදුල ළමා ගුවන්විදුලියේ ගුවන් කාලය සංශෝධනය කිරීම. ඒ අනුව සතියේ දිනවල පෙරවරු 6.00 සිට පෙරවරු 8.00 දක්වාත් පස්වරු 2.00 සිට 6.00 දක්වාත් සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි පෙරවරු 6.00 සිට පෙරවරු 10.00 දක්වාත් පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වාත් වූ ගුවන් කාලය ළමා ගුවන්විදුලි වැඩසටහන් සඳහා වෙන් කරන ලදී.


2008.10.09
සන්ධ්‍යා සේවය “ගොවි ගෙදරින් මහ ගෙදරට” යන නමින් නැවත ආරම්භ කිරීම.


2008.10.22
සමස්ත ඉන්දීය සේවය (ALL INDIAN SERVICE) හෙවත් කොළඹ ජාත්‍යන්තර ගුවන්විදුලි සේවය COLOMBO INTERNATIONAL RADIO)ආරම්භ කිරීම.


2008.11.01
රුහුණු සේවයේ ගුවන් කාලය සංශෝධනය කිරීම. ඒ අනුව පෙරවරු 5.30ට ආරම්භ විය.


2009.01.01
තරංඟා ගුවන්විදුලි සඟරාව හඬ සඟරාව නමින් නිකුත් කිරීම.


2009.01.23
කොළඹ ප්‍රදේශයේ ශ්‍රවණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා කිලෝවොට් 1.5 ධාරිතාවයෙන් යුත් ට්‍රාන්ස්මීටර් 03ක් බල ගැන්වීම. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි සේවා සඳහා මෙම ට්‍රාන්ස්මීටර් යොදා ගන්නා ලදී.


2009.01.30
බොලිවුඩ් ස්ටාර් හිංදි වැඩසටහනේ අවසන් මහා තරඟය පැවැත්වීම. වෙළෙඳ සේවයේ ඔස්සේ පැවැත් වූ හිංදි ගායන කුසලතා තරඟයෙන් අවසන් වටයට තේරී පත් වූ අය මේ සඳහා සහභාගි වූහ.


2009.02.07
වයඹ හඬ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය ආරම්භ කිරීම.


2009.05.04
පළමුවරට දෙමළ භාෂාවෙන් සජීවී ක්‍රිකට් විස්තර ප්‍රචාරය ආරම්භ කිරීම. මෙදින ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනනයේ පැවති ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයේ විස්තර දෙමළ භාෂාවෙන් දෙමළ ස්වදේශීය සේවය ඔස්සේ සජීවීව ප්‍රචාරය කරන ලදී. මීට පෙර ගුවන්විදුලි සංස්ථාව තරඟ විස්තර ප්‍රචාරවලදී කඩින්කඩ දෙමළ භාෂාව යොදා ගෙන ඇත.

 

2009.05.18
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙබ් අඩවිය මෙදින පරිශීලනය කළ ප්‍රමාණය ලක්ෂ දහනවයකි.

2009.06.01
සිංහල ස්වදේශීය, සිංහල වෙළෙඳ සහ සිටි එෆ්. එම්. යන සේවා පෙරවරු 4.55ට විකාශන කටයුතු ආරම්භ කිරීම.


2009.06.01
වෙළෙඳ සේවය උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 06.00ට ආරම්භ කිරීම.
මීට පෙර ප්‍රචාරය වූයේ පෙරවරු 06.30ට ය.

2009.06.01
හඩ්සන් සමග පුවත්පත් සිරස්තල වැඩසටහන ආරම්භ කිරීම.
සෑම දිනකම උදෑසන 06.30ට වැඩසටහන ප්‍රචාරය විය. සිටි එෆ්.එම්.සේවය, වෙළෙඳ සේවය, සියලුම ප්‍රාදේශීය සේවා සහ ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කළේය. පුවත්පත්, වෙබ් අඩෙවි, රූපවාහිනී නාලිකා, සඟරාවල තොරතුරු සංසන්දනය කරමින් විග්‍රහාත්මකව ගෙනඒම අරමුණයි.


2009.07.29
සංඛ්‍යාංක සංරක්ෂණ ඒකකය පිහිටුවීම. ඒ අනුව පැරණි තැටි සහ පටිවල අඩංගු ගීත හා කතා කොටස් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සංරක්ෂණය කෙරේ.


2009.08.15
දෙණියාය විකාශනාගාරයේ ධාරිතාව කිලෝවොට් (KW) 05 දක්වා වැඩි කිරීම.


2009.08.17
රජරට, රුහුණ යන ප්‍රාදේශීය සේවාවන්හි ගුවන් කාලය පෙරවරු 5.30 සිට පස්වරු 7.30 දක්වා වෙනස් කිරීම.


2009.08.27
සමස්ත ඉන්දීය සේවය හෙවත් කොළඹ ජාත්‍යන්තර ගුවන්විදුලි සේවය නතර කිරීම.


2009.09.30
ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතාට උපහාර පිදීම.
පාලිත පෙරේරා මහතා දසක 4ට අධික කාලයක් තුළ සිදු කළ ගුවන්විදුලි මෙහෙවර වෙනුවෙන් උපහාර පිරි නැමීමක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී මෙදින සවස පහට පවත් වන ලදී.


2009.10.01
සිටි එෆ්. එම්., තෙන්ඩ්‍රල් සහ ඉංග්‍රීසි යන සේවා අන්තර්ජාලය ඔස්සේ විසුරුවා හැරීම.


2009.10.01
සිටි එෆ්. එම්. සේවයට ඔටෝමේෂන් (Automation) ක්‍රමය හඳුන්වා දීම.


2009.10.01
ඉරට්ටපෙරියකුලමේ ඉදිකළ මැදිරිය විවෘත කිරීම.


2009.10.01
පුලතිසිරාවය ප්‍රජා ගුවන්විදුලි සේවය නැවත ආරම්භ කිරීම.


2009.12.12
රුහුණු ප්‍රාදේශීය සේවයේ ගුවන් කාලය රාත්‍රී 8.00 දක්වා දීර්ඝ කිරීම.


2009.12. 23
නැවත ආරම්භ කරන ලද පිපිදෙන ගායක පරපුර වැඩසටහනේ, 2009 වසර සඳහා වූ අවසන් මහා තරඟය ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වීම.


2010.01.06
පලාලි සම්ප්‍රේෂණාගාරය විවෘත කිරීම සහ ‍මෙම ස්ථානයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සියලුම දෙමළ සේවා විසුරුවා හැරීම.


2010.02.22
දඹාන රේඩියෝ ගුවන්විදුලි සේවය ආරම්භ කිරීම. ගිරාඳුරුකෝට්ටේ ගුවන්විදුලි සේවයේ සංඛ්‍යාතය මේ සඳහා යොදා ගැණින.


2010.03.28
ශ්‍රී ලංකාවෙන් කොරියාවට වැඩසටහන ආරම්භ කිරීම.
දිනපතා සිටි එෆ්. එම්. සේවයේ පස්වරු 4.00 සිට පස්වරු 5.00 දක්වා ගුවන් කාලය මේ සඳහා වෙන් කළේය. දකුණු කොරියානු රාජ්‍යයේ සේවය නිරත ශ්‍රී ලාංකිකයන් උදෙසා මෙම වැඩසටහන් විසුරුවා හැරියේය. දැනට ප්‍රචාරය නතර කර ඇත.


2010.04.14
සිංහල, දෙමළ අළුත් අවුරුදු වැඩසටහන් පූනරින් සිට විසුරුවා හැරීම.


2010.04.15
සිංහල ස්වදේශීය සහ දෙමළ සේවා ඔස්සේ බී. බී. සී. සංදේශය වැඩසටහන නැවත ප්‍රචාරය කිරීම.


2010.05.01
යාපනය ප්‍රාදේශීය සේවය නැවත ආරම්භ කිරීම.


2010.07.15
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව වාදක මණ්ඩලයේ කල එළි මංගල්‍යය පැවැත්වීම.
පෙර අපර දෙදිග සංගීත සම්ප්‍රදායන් ගේ සංකලනයක් ලෙස වාදක මණ්ඩලය නිර්මාණය කර ඇත.


2011.01.01
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තම සේවාවන්ගෙන් ප්‍රචාරය කරන ගීත සඳහා කර්‍තෘභාගය ගෙවීම නැවත ආරම්භ කිරීම.


2011.01.13
ආනන්ද සමරකෝන් මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ඳ සමරකෝන් බහු කාර්ය මැදිරියේදී විවෘත කිරීම. එතුමාගේ ජන්ම ශත සංවත්සරය හේතුකොට ගෙන එය සිදු විය.


2011.03.26
සයුර රේඩියෝ සේවයේ ප්‍රචාරය ආරම්භ කිරීම. සිටි එෆ්.එම්. සේවය ඔස්සේ රාත්‍රී 12.00 සිට අළුයම 4.00 දක්වා ගුවන් කාලය මේ සඳහා යොදා ගත්තේය. 2015 මාර්තු 01 දින සයුර රේඩියෝ සේවයේ ප්‍රචාරය නතර කරන ලදී.


2011.07.04
සම්බුද්ධ ජයන්තිය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ සිත නිවන බුදු බණ වැඩසටහන ආරම්භ කිරීම. අපවත් වී වදාළ සංඝපීතෘන් වහන්සේලාගේ දේශනා උදෑසන 5.00 සිට 5.45 දක්වා මේ යටතේ විසුරුවා හරිනු ලැබේ.


2011.07.04
සිංහල ස්වදේශීය සේවයේ වැඩසටහන් විසුරුවා හැරීම අළුයම 4.30ට ආරම්භ කිරීම.


2011.11.04
ප්‍රවීණ ගුවන්විදුලි, වේදිකා, සිනමා සහ රූපවාහිනී විකට රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතාට උපහාර උළෙලක් පැවැත්වීම.


2011.12.16
පළමුවරට මොබිටෙල් ආයතනය හා එක්ව ජංගම දූරකථන ඔස්සේ ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ශ්‍රවණයට අවස්ථාව ලබා දීම.


2011.12.29
තරු අතරට තරුවක් වැඩසටහනේ අවසන් මහා තරඟය ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත් වීම. විද්වත් වෘත්තිකයන්ගේ ගායන කුසලතා එළි දැක්වීම වෙනුවෙන් සිටි එෆ්. එම්. සේවය මෙම වැඩසටහන නිර්මාණය කළේය.

2012.02.04
සිටි එෆ්.එම්. සේවයේ වැඩසටහන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් නැවත ප්‍රචාරය කිරීම. රජයේ ත්‍රෛයි භාෂා ප්‍රතිපත්තිය ජනතාව අතර ප්‍රචලිත කිරීම අරමුණ විය. පසු කලක සිංහල භාෂාවෙන් වැඩසටහන් ප්‍රචාරය සිදු වූයේය.


2012.03.15
ටයිම් රේඩියෝ (Time Radio) ආරම්භ කිරීම. දෙස්විදෙස් කෙළිබිමේ නැවුම් තොරතුරු, කලා පුවත් සහ ගීත ශ්‍රාවකයාට ගෙන ඒමේ අරමුණින් මෙම සේවය ආරම්භ විය. 2014 මාර්තු 11 දින සිට විකාශන කටයුතු නතර කළේය..


2012.07.19
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය සෙරන්ඩිබ් යනුවෙන් අන්තර්ජාල ගුවන්විදුලි සේවයක් ආරම්භ කිරීම. පැය විසිහතර පුරා ක්‍රියාත්මක විය.


2013.03.27
බී.බී.සී. (BBC) සංදේශය ප්‍රචාරය නැවත නතර කිරීම.


2013.06.19
සිටි එෆ්.එම්. සේවය ත්‍රීවිල් ස්ටාර් වැඩසටහන ආරම්භ කිරීම.


2013.06.28
ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති, අමරපුර මහා සංඝ සභාවේ සභාපති, අමරපුර නිකායේ අනුනායක, ධර්මපාල වංශාලංකාර සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද විනයාචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්වහන්සේට ගුවන්විදුලි සංස්ථාව මගින් උපහාර පිදීම.


දශක හයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශකයානන් වහන්සේ නමක් ලෙස කටයුතු කරමින් සමාජීය වශයෙන් සිදුකළ සේවය ඇගයීම සඳහාත් උන්වහන්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික වැඩසටහන් සඳහා උපදෙස් සහ අනුශාසනා ලබා දෙමින් සිදුකළ මෙහෙවර අගය කිරීමත් වෙනුවෙන් මෙම උපහාර පිදීම සිදු කරන ලදී.


2013.07.23
තරුණ ගොවි සමාජ ග්‍රවන්විදුලි පැණ විසදුම් තරඟය නැවත ආරම්භ කිරීම.
ගොවිබිමයි ජයටැබයි යන නමින් වැඩසටහන නම් කර ඇත. තරුණ පරපුර නූතන තාක්ෂණය යටතේ කෘෂිකර්මයට සම්බන්ධ කර ගැනීම සහ පාසල් සිසුන්ට කෘෂිකර්මය පිළිබඳ දැනුම ලබා දීම අරමුණයි.


2013.12.16
පළමුවරට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් සාම්ප්‍රදායික යුගාසන ධර්මදේශනාවක් ආනන්ද සමරකොන් මැදිරියේදී ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් පැවැත් වීම.


2014.01.18
තෙන්ඩ්‍රල් සේවය ආරම්භ කළ සිගින් ස්ටාර් වැඩසටහනේ අවසන් තරඟය සහ ජයග්‍රහකයන්ට ත්‍යාග පිරිනැමීම.
අවසන් මහා තරඟයට තරඟකරුවෝ දහ දෙනෙක් තේරී පත් වූහ. තරඟය මෙදින සවස 6.00ට ආනන්ද සමරකෝන් බහුකාර්ය මැදිරියේ දී පවත්වා තිබේ.


2014.01.30
රජරට නිවාඩු නිකේතනය නැවත විවෘත කිරීම.


2014.01.31
සිටි එෆ්.එම්. සේවය ආරම්භ කළ එස්. එල්. බී. සී. ත්‍රීවිල් ස්ටාර් වැඩසටහනේ ජයග්‍රහකයනට ත්‍යාග ප්‍රදානය කිරීම හා ත්‍රීවිල් ස්ටාර් සංයුක්ත තැටිය එළි දැක්වීම.


2014.03.11
ටයිම් රේඩියෝව නතර කිරීම.


2014.03.12
විදුල ළමා ගුවන්විදුලියේ උදෑසන ප්‍රචාරණ කටයුතු නතර කිරීම.


2014.03.28
පළමුවරට අපදානාත්මක හඬනළුව නම් වූ වැඩසටහන සජීවීව ප්‍රචාරය කිරීම. මෙය ශ්‍රී ලාංකික ගුවන්විදුලි මාධ්‍ය වැඩසටහන් සඳහා එක් වූ නව ආකෘතියකි. දකුණු අප්‍රිකානු රාජ්‍යයේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ ජීවන තොරතුරු ඇතුළත්ව සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් ලියන ලද මැන්ඩෙලා ගීතය නම් වූ ග්‍රන්ථය ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.


2014.05.05
ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ බෞද්ධාලෝක මාවත ආසන්නයේ ඉදි කෙරෙන නව ගොඩනැගිල්ලට මෙදින පෙරවරු 9.58ට යෙදුන සුබ මොහොතින් මුල්ගල තැබීම.


2014.07.21
හින්දි සේවයේ ගුවන් කාලය පැයකින් අඩු කිරීම.


2014.09.16
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්වහන්සේ ගුවන්විදුලි සංස්ථාවට සම්ප්‍රාප්තවීම සහ ක්‍රිස්තු චරිතය සංගීත සංධ්වනිය ප්‍රචාරය කිරීම.


2014.12.01
ළමාපිටිය වැඩසටහන නැවත ආරම්භ කිරීම.


2015.02.13
ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන ගීත සඳහා කර්‍තෘභාග ගෙවීම නැවත ආරම්භ කිරීම.


2015.03.21
ධර්මදේශනාව අනුග්‍රාහකයාගේ නිවසේ සිට පළමුවරට සජීවීව ප්‍රචාරය කිරීම. රුහුණු ප්‍රාදේශීය සේවය මෙම වැඩසටහන විකාශනය කළේය.


2015.05.09
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා වෙබ් අඩවිය නව මුහුණුවරකින් එළි දැක්වීම.


2015.07.08
ඉලෙක්ෂන් (Election) එෆ්.එම්. සේවය ආරම්භ කිරීම. පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ප්‍රචාරණ කටයුතු සිදු කරන ලදී. 107.3 සහ 107.5 සංඛ්‍යාත මේ සඳහා යොදා ගෙන ඇත.


2016.01.06
ජනාධිපතිවරයෙක් ප්‍රථමවරට ගුවන්විදුලි සංස්ථා පරිශුයේදී සජීවීව වැඩසටහනකට සම්බන්ධවිම. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙදින ස්වදේශීය සේවය ඔස්සේ සුභාරතී වැඩසටහනට එක් වූහ.


2016.04.29
වෙළඳ සේවය 65 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් රසාංජලී සංගීතමය වැඩසටහන ගුවන්විදුලි සංස්ථා පරිශයේදී පැවැත් වීම. 1951 අප්‍රේල් 09 වන දින වෙළඳ සේවය අරම්භ කරන ලදී.

(තොරතුරු සැකසීම - ශ්‍රවණ පර්යේෂණ අංශය)
මූලාශ්‍ර
පාලන වාර්තා -
1979, 1981, 1986, 1987, 1988, 1991, 1992, 1994, 1997, 1998, 1999, 2000,
2001, 2002, 2003, 2004, 2006, 2007, 2008
ග්‍රන්ථ -
ආචාර්ය කරුණානායක, නන්දන - ශ්‍රී ලංකා ගුවන්විදුලිය - වැදගත් සිදුවීම් 1921- 1989
ආචාර්ය කරුණානායක, නන්දන - 66 වසරක ගුවන්විදුලිය
කොළඹගේ, ඩී. එම්. - ගුවන්විදුලි වංශය
කොළඹගේ, ඩී. එම්. - ගුවන්විදුලියයි මමයි
ජයවීර, කොල්වින් - ප්‍රජා ගුවන්විදුලි සන්නිවේදනය
ආචාර්ය රණතුංග, දයාරත්න - ජීවන අනුභූති
ගුණවර්ධන, සී. එල්. පූජිත - This is Colombo Calling
සඟරා -
හඬ කලාප 01 සිට 15
ශ්‍රව්‍ය වාහිණී

 

පුවත්පත් -


දිනමිණ - 1924 ජූනි 30
The Ceylon Independent – 08th August 1926
The Ceylon Independent – 09th October 1926
The Ceylon Independent – 14th October 1926
The Ceylon Independent – 03rd November 1926
The Ceylon Independent – 05th November 1926
The Ceylon Independent – 27th November 1926
The Ceylon Independent – 29th March 1927
The Ceylon Independent – 16th May 1927
The Ceylon Independent – 11th June 1927
The Ceylon Independent – 12th August 1927
The Ceylon Independent – 15th August 1927
The Ceylon Independent – 24th December 1927

ගුවන්විදුලි සංස්ථාවේ පටි -

ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය ආරම්භයේ සිට පාලන අධිකාරියට පත් වූ නිලධාරින් සහ සේවා කාලය
නම තනතුර පත් වූ දිනය අවසන් වූ දිනය


01 එම්. එස්. ශ්‍රේෂ්ඨා තැපැල්පති 1924 ජූනි 27
02 ෂර්ලි ඩා සිල්වා ගුවන්විදුලි අධිකාරි 1937 අගෝස්තු 02
03 සී. එල්. පී. ගුණවර්ධන ගුවන්විදුලි අධිකාරි සහයක 1937 අගෝස්තු 28
04 ජෝන් එන්. ලැම්ප්සන් ගුවන්විදුලි අධ්‍යක්ෂ පසුව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් විය 1949 ඔක්තෝබර් 05 1952 අගෝස්තු 05
05 එම්. ජේ. පෙරේරා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් 1952 අගෝස්තු 05
06 අධ්‍යක්ෂ ජනරාල් 1952 දෙසැම්බර් 19 1956 සැප්තැම්බර් 17
07 ජී. ජේ. ද සේරසිංහ අධ්‍යක්ෂ ජනරාල් 1956 ඔක්තෝබර් 15 1958 ජූනි 06
08 තිලක් ඊ. ගුණරත්න වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් 1958 ජූනි 06
09 අධ්‍යක්ෂ ජනරාල් 1958 නොවැම්බර් 01 1959 අප්‍රේල් 01
10 එස්. බී. සේනානායක වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් 1959 අප්‍රේල් 01
11 රොනී ද මැල් අධ්‍යක්ෂ ජනරාල් 1960 නොවැම්බර් 25 1962 අගෝස්තු 03
12 එස්. බී. සේනානායක අධ්‍යක්ෂ ජනරාල් 1962 අගෝස්තු 03 1965 පෙබරවාරි 14
1962 අගෝස්තු මාසයේ සිට ගුවන්විදුලි දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධ වීම.
13 වින්සන්ට් පණ්ඩිත සහකාර අධ්‍යක්ෂ ජනරාල් 1962 සැප්තැම්බර් 10
14 ආචාර්ය නිශ්ශංක විජේරත්න අධ්‍යක්ෂ ජනරාල් 1965 පෙබරවාරි 17 1965 මැයි 14
15 වින්සන්ට් පණ්ඩිත අධ්‍යක්ෂ ජනරාල් 1965 මැයි 14 1966 ජනවාරි 08
16 ඩී. ආර්. අලුවිහාරේ අධ්‍යක්ෂ ජනරාල් 1966 ජනවාරි 18
17 නෙවිල් ඩී. ජයවීර අධ්‍යක්ෂ ජනරාල් 1966 ජූනි 23
1967 ජනවාරි 05 ගුවන්විදුලි සේවය ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෙස නම් කිරීම.
18 නෙවිල් ඩී. ජයවීර සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1967 ජනවාරි 05 1970 මැයි 30
19 සුසිල් කුමාර මුණසිංහ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1970 ජූනි 01 1972 අගෝස්තු 02
20 ඔස්වල්ඩ් තිලකරත්න සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1972 අගෝස්තු 02
21 රිජ්වේ තිලකරත්න සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1973 සැප්තැම්බර් 01 1977 ජූලි 23
22 එම්. ඩී. ඩී. පීරිස් සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1977 ජූලි 23 1977 අගෝස්තු 04
23 ආචාර්ය සරත් අමුණුගම සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1977 අගෝස්තු 05 1978 පෙබරවාරි 08
24 ඒමන් කාරියකරවන සභාපති 1978 පෙබරවාරි 09 1984 ජනවාරි 30
25 තේවිස් ගුරුගේ අධ්‍යක්ෂ ජනරාල් 1978 පෙබරවාරි 09 1983 මාර්තු 23
26 ටී. ජී. ගුණසේකර අධ්‍යක්ෂ ජනරාල් 1983 ජූනි 01 1985 ජූනි 11
27 ලිවී ආර්. විජේමාන්න සභාපති 1984 පෙබරවාරි 01 1989 මාර්තු
28 කරුණාරත්න වීරමන් අධ්‍යක්ෂ ජනරාල් 1985 ජූලි 12 1989 මාර්තු 13
29 ආචාර්ය නන්දන කරුණානායක අධ්‍යක්ෂ ජනරාල් 1989 මාර්තු 13 1989 මැයි 18
30 හඩ්සන් සමරසිංහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 1989 මාර්තු 13
31 ඊලියන් ද සිල්වා සභාපති 1989 මාර්තු 23 1989 මැයි 18
32 තේවිස් ගුරුගේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1989 මැයි 19 1989 ජූලි 23
33 ස. ජ. සුමනසේකර බණ්ඩා වැඩ බලන සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1989 ජූලි 23
34 හඩ්සන් සමරසිංහ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1989 දෙසැම්බර් 12
35 ලලිත් එස්. මෛත්‍රීපාල සභාපති 1991 දෙසැම්බර් 11
36 විජය කොරයා අධ්‍යක්ෂ ජනරාල් 1991 දෙසැම්බර් 11
37 කුමාර් අබේසිංහ සභාපති 1993 ජූනි 01 1994 සැප්තැම්බර් 04
38 ගාමිණී කාරියවසම් අධ්‍යක්ෂ ජනරාල් 1993 අගෝස්තු 03
39 ජනදාස පීරිස් අධ්‍යක්ෂ ජනරාල් 1994 සැප්තැම්බර් 01
40 ඩබ්ලියූ. පී. එස්. ජයවර්ධන සභාපති 1994 සැප්තැම්බර් 01 1996 මාර්තු 01
41 එන්. යූ. යසපාල සභාපති 1996 මාර්තු 06 1996 අගෝස්තු 31
42 ජනදාස පීරිස් සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1996 සැප්තැම්බර් 01 2001 දෙසැම්බර් 05
43 එරික් ප්‍රනාන්දු අධ්‍යක්ෂ ජනරාල් 1998 මාර්තු 02
44 නිව්ටන් ගුණරත්න අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 1996 සැප්තැම්බර් 10
45 විජය වික්‍රමරත්න අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 2001 පෙබරවාරි 06 2002 ජනවාරි 31
46 වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් 2002 මාර්තු 05
47 කරුණාරත්න පරණවිතාන අධ්‍යක්ෂ ජනරාල් 2001 අප්‍රේල් 16 2001 දෙසැම්බර් 12
48 කුමාර් අබේසිංහ වැඩ බලන සභාපති 2001 දෙසැම්බර් 24
49 මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක සභාපති 2002 ජනවාරි 16 2003 නොවැම්බර් 04
50 ඒරානන්ද හෙට්ටිආරච්චි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 2002 පෙබරවාරි 01
51 නිමල් ලක්ෂපතිආරච්චි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් 2002 පෙබරවාරි 22 2003 නොවැම්බර් 05
52 හඩ්සන් සමරසිංහ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 2003 නොවැම්බර් 05 2005 නොවැම්බර් 24
53 සුනිල් සරත් පෙරේරා සභාපති 2005 නොවැම්බර් 25 2008 පෙබරවාරි 28
54 නීතීඥ සමන්ත වැලිවේරිය අධ්‍යක්ෂ ජනරාල් 2005 දෙසැම්බර් 01 2014 නොවැම්බර් 19
55 අනූෂ පැල්පිට වැඩ බලන සභාපති 2008 මාර්තු 03 2010 මැයි 01
56 හඩ්සන් සමරසිංහ සභාපති 2008 ජූනි 19 2010 මැයි 01
57 2010 මැයි 04 2015 ජනවාරි 09
58 ටී. ඩී. කේ. ජයන්ත අධ්‍යක්ෂ ජනරාල් 2014 නොවැම්බර් 20 2015 ජනවාරි
59 ඒරානන්ද හෙට්ටිආරච්චි අධ්‍යක්ෂ ජනරාල් 2015 ජනවාරි 19 අද දක්වා
60 අධිනීතිඥ නන්ද මුරුත්තෙට්ටුවෙගම සභාපති 2015 ජනවාරි 21 අද දක්වා

(තොරතුරු සැකසීම - ශ්‍රවණ පර්යේෂණ අංශය)