ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර යෝජිත නව ආර්ථික සහ තාක්ෂණික ගිවිසුම කඩිනමින් සකස් කිරීමට අපේක්ෂා කරන බව අගමැති පවසයි
- Details
- Published on 25 November 2017
- Written by slbc news
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ක්රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික සහ තාක්ෂණීක ගිවිසුම පිලිබඳව සිය ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. රටේ ආර්ථික සබඳතාවල මුලික රාමුවට අනුකුලව එම ගිවිසුම සකස් කිරීමට තීරණය කර තිබේ. කඩිනමින් එය අවසන් කර ඉදිරියට යාම අපේක්ෂාව බව අග්රාමාත්යවරයා අවධාරණය කළේය. තම ඉන්දීය සංචාරයේදී එරට විදේශ කටයුතු ඇමතිනිය හා ඉන්දීය කොංග්රස් පක්ෂයේ සභාපතිනිය. හමුවි සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණු බවද ඔහු කීය.