Sri Lanka Brodcasting Corporation

Wed06282017

Last updateTue, 27 Jun 2017 12pm

  • Slider 01.jpg
  • Slider 02.jpg
  • Slider 03.jpg
  • Slider 04.jpg

VIDULA English Pro 04 

 

Latest Posts

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා අද ඇරැඹේ

තිස් දෙවැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය අද සිට අදියර 3ක් යටතේ ආරම්භ වෙයි. රටපුරා ක්‍රීඩාංගණ 37කදී පැවැත්වෙන මේ තරගාවලියට පළාත් 9ක් නියෝජනය කරමින් පාසල් 521ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18089ක් සහභාගී වෙති.

පළමු අදියර යටතේ පිහිනුම්, ටෙනිස්, මල්ලවපොර, ජූඩෝ, බර එසවීම හා ටයිකොන්ඩෝ තරග පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රිඩිකවෝ 3264ක් සහභාගී වෙති. දෙවැනි අදියර මේ මස 9දා ආරම්භවන අතර එයට බැඩ්මින්ටන්, කබඩි, එල්ලේ, හොකී, බොක්සිං, ජිම්නාස්ටික්, කරාටේ, නෙට්බෝල්, පාපන්දු, බාස්කට් බෝල්, පාපැදි හා අයෝමය ශිෂ්‍යා තේරීමේ තරග ඇතුළත් වේ.

එම අදියරේදී ක්‍රීඩක ක්‍රීඩිකවෝ 8240ක් සහභාගී වෙති. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6585ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තෙවැනි අදියර මේ මස 17 වැනිදා ආරම්භවන අතර ත්‍රෝබෝල්, ටේබල් ටෙනිස්, වොලිබෝල්. චෙස්, කැරම්, සැහැල්ලු පන්දු, ඇරොබික් ජිම්නාස්ටික් හා ශාරීරික අභ්‍යාස ඇතුළත් වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වසර 1984දී අධ්‍යාපන ඇමැතිවරයාව සිටියදී ආරම්භ කරන ලද සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මෙවර වඩාත් විචිත්‍රවත්ව හා ඉහළ සංවිධාන ශක්තියකින් පැවැත්වෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

“පාසල් දරුවන් විශාල ප්‍රමාණයක් විවිධ බෝ නොවන රෝගවලින් පෙලෙනවා. මේ තත්ත්වය මත අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රීඩාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශක සුනිල් ජයවීර මහතා ඇතුළු වෙනම නිලධාරී පිරිසකගෙන් සමන්විත ඒකකයක් මේ වෙනුවෙන්ම ක්‍රියාත්මකයි. දරුවන් ආරක්ෂා කිරීම අපේ එකම අරමුණ බැවින් ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී වැඩසටහන් රැසක් සම්පාදනය කිරීමට සැලසුම් කොට තිබෙනවා. ගමෙන් බිහිවන පාසල් දරුවන්ට ජාතික තලයේ දස්කම් දැක්වීමට ඇති හොඳම අවස්ථාව මෙය බැවින් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අති සාර්ථකව පැවැත්වීම අපේ අරමුණයි” කාරියවසම් මහතා පැවැසීය.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පළමු අදියරේ තරග මෙසේය:

සැප්: 2 සිට 4 දක්වා

පිහිනුම් - සුගතදාස පිහිනුම් තටාකයේදී

මල්ලවපොර - ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාගාරයේදී

ජූඩෝ - ගම්පොල වික්‍රමබාහූ ජාතික පාසලේදී

බර එසවීම - පිළිමතලාව ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේදී

ටයිකොන්ඩෝ - පානදුර ශ්‍රී සුමංගල විදුහලේදී 

සැප්: 3 සිට 5 දක්වා

ටෙනිස් - කොළඹ ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේදී