Sri Lanka Brodcasting Corporation

Fri12152017

Last updateThu, 14 Dec 2017 9pm

Regional Services

Dambana Radio

වන්නියලැත්තංගේ කතාදමන යමකේ ‘‘රේඩියෝ දඹාන’’

විකාශන තරංග මාලාව - 95.4

විකාශන දිනයන් - සතියේ සඳුදා බදාදා සිකුරාදා
විකාශන වේලාව - 08.35 සිට සවස 4.00 දක්වා
වැදි ගෝති‍්‍රක වැඩසටහන් සඳහා වෙන්වූ දිනය - සිකුරාදා
ශ‍්‍රවන කලාපය - මහවැලි ‘සී’ දෙවන උපකලාපය,
මහියංගනය, දඹාන, හෙනානිගල, සොරබොර වැදි ගම්මාන


සිකුරාදා විකාශනය ‘‘බැද්දේ හද්දේ’’ (වනයේ හඩ)

08.35 - ආරම්භතැන මංදොවෙන කාල මැච්ච (විකාශනය ආරම්භය)
09.00-10.00 - ඉර පොජ්ජ පටෑරෙන කාල මැච්ච (සූරිය අරණ)
10.00-11.00 - හිත්ලාන කවිතැනවල් (ගීත ඉල්ලීම්)
11.00-12.00 - වරිගේ විච්චි (වැදි ගෝත‍්‍රයේ තොරතුරු)
12.00-12.45 - ඉර පොජ්ජ උඩතැනට මංදොවෙන කාල මැච්ච (දිවා දැහැන)
12.45 - රට පොජ්ජෙ වංහු - කංරුකුලට මංදො කරමු. (දිවා ප‍්‍රවෘත්ති අහමු)
1.00-3.00 - වන්නියලැත්තං මුලිච්චිවෙන කාල මැච්ච (වැදි නායකයා හමුවෙන වෙලාව)
3.00-4.00 - ලා කැකුලෝ කැකුලියෝ කතා දමන කාල මැච්ච (ළමා ගුවන්විදුලිය)
4.00 - හමාර තැනයි (විකාශයේ නිමාව*

‘‘රේඩියෝ දඹාන’’ ආරම්භය

ශී‍්‍ර ලංකාව නිදහස ලැබීමෙන් පසුව සංවර්ධනය කරා යන ගමනේදී, ආරම්භ කරන්නට යෙදුන දඹාන සංවර්ධන යෝජනා ක‍්‍රමය වන්නේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. ලංකාවේ විවිධ පළාත්වලින් තෝරාගත් පවුල් මහවැලි ව්‍යාපාරය යටතේ ඇති කළ ගොවි ජනපදවල පදිංචි කරන්නට යෙදුනි. එහිදී ගිරාඳුරුකෝට්ටේ, මහියංගනය හා දෙහිඅත්තකණ්ඩිය නගර කේන්ද්‍ර කරගනිමින් මහවැලි ‘සී’ කලාපය ස්ථාපනය කෙරිණ. මෙම ජනපදිකයන්ගේ සන්නිවේදන අවශ්‍යතා සපිරීමේ අරමුනෙන් 1986 අපේ‍්‍රල් 11 දා ගිරාඳුරුකෝට්ටේ සංවර්ධන මධ්‍යස්ථානයේ දී ගිරාඳුරුකෝට්ටේ ප‍්‍රජා ගුවන්විදුලිය ආරම්භ විය.

ප‍්‍රජා ගුවන්විදුලි සංකල්පය ‘‘මහජන සේවා’’ සන්නිවේදන ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කරවීමට හොඳම මෙවලමකි. කෙසේ වෙතත් තරගකාරී මාධ්‍ය ආයතන බිහිවීම හා ආදායම් ඉපයීමේ ගැටලූවක් නිසා ගිරාඳුරුකෝට්ටේ ප‍්‍රජා ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලය 2 කට සීමා වී වැසීයාමේ තර්ජනයකට ලක් වී තිබුණි.

කෙසේ වෙතත් 2010 පෙබරවාරි 22 දින ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව පාලන අධිකාරිය ගිරාඳුරුකෝට්ටේ ප‍්‍රජා ගුවන්විදුලිය ‘‘රේඩියෝ දඹාන’’ නමින් ප‍්‍රතිසංවිධාන කරන්නට යෙදුනි. එහිදී සතියේ සිකුරාදා දිනයේ සම්පූර්ණයෙන්ම වැදි භාෂාවෙන් වැඩසටහන් විසුරුවා හැරීමට යොදා ගැනිණ.

‘රේඩියෝ දඹාන’ වැඩසටහන් නිෂ්පාදනයේ දී, ඔවුන්ගේම ගෝත‍්‍රයට ඥාති සබඳතා ඇති අයෙකු වැඩසටහන් නිෂ්පාදනය සඳහා බඳවාගන්නට යෙදුනි. සිකුරාදා විකාශනය වන වැඩසටහන් වැදි ගෝති‍්‍රක අවශ්‍යතා මත ප‍්‍රධාන වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තං සහ දඹාන ගුරුකුඹුර මහා විද්‍යාලයේ ආචාර්ය දඹානේ ගුණවර්ධන මහතාගේ උපදෙස් මත සැලසුම් වී ඇත. එම වැඩසටහන් සියල්ල වැදි ගෝත‍්‍රය සංස්කෘතිය, භාෂාව තහවුරු කොට අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණෙන් සැලසුම් කොට ඇත.

මේ වනවිට දඹාන ගම්මානයේ ගුවන්විදුලි වැඩසටහන් ප‍්‍රචාරයේ දී පාවිච්චියට ගැනීමට වැදි සංස්කෘතියට අනුව සැකසූ ගුවන්විදුලි මැදිරියක් ද ඉදිකොට ඇත.

‘‘රේඩියෝ දඹාන’’ වැදි භාෂාව වටිනා භාෂාවක් බවට පත්කරලීමට හේතු වූ බව පවසන වැදි නායකතුමා අනෙකුත් ගුවන්විදුලි නාලිකා අතර දඹාන ගුවන්විදුලිය යහපත් මට්ටමක තිබෙන බවත් මේ ගුවන්විදුලිය තිබීමෙන් පලක් නොවන බව කිසිවෙකුටත් පැවසිය නොහැකි බව සඳහන් කරයි.

‘‘රේඩියෝ දඹාන’’ අනෙකුත් විකාශන දිනයන් වන්නේ, ‘‘සඳුදා හා බදාදා’’ ය. එම දිනවලදී මහවැලි ගොවි ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සහ සම්බුදු පහස ලත් මහියංගනය පුදබිම කේන්ද්‍ර කොටගත් දහම් අවබෝධය ලබාදීමට වෙන් කොට ඇත. මෙහිදී ‘‘මහජන සේවා’’ සන්නිවේදන ක‍්‍රමවේදයන් උපරිම ලෙසට ප‍්‍රායෝගික කිරීමට උත්සාහ දරා ඇත. ප‍්‍රදේශයේ අති දුෂ්කර ගම්මානයට මාර්ගයක් ඉදිකිරීමට ගුවන්විදුලිය මෙවලමක් බවට ශ‍්‍රාවකයන් යෙදාගත් අවස්ථා උදාහරණ ලෙසට පවතී. (‘‘තිසාහාමි මාවත’’* ශ‍්‍රාවකයන් විසින්, ශ‍්‍රාවකයන් සමග වැඩසටහන් නිෂ්පාදනය කොට ප‍්‍රචාරය කිරීමට හැකි සෑම විටම ‘‘රේඩියෝ දඹාන’’ උත්සාහ දරමින් පවතී.

ශී‍්‍ර ලංකාවේ ඉපැරණි ජන කොටසක් වන වැදි ජනතාවගේ විශ්වාසය දිනාගත් ගුවන්විදුලියක් බවට ‘‘රේඩියෝ දඹාන’ පත්වීම ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාව ලැබූ ජයග‍්‍රහණයකි. මෙම නාලිකාව දිවයින පුරාම ශ‍්‍රවණයට අවස්ථාවක් ලබාදීම මගින් විශාල ජන ප‍්‍රසායක් ලබාගත හැකි බව සඳහන් කරමි.