Sri Lanka Brodcasting Corporation

Mon02272017

Last updateMon, 27 Feb 2017 7am

Regional Services

Wayamba Radio

 

ඉතිහාසය :-

ජාතික ගුවන්විදුලියේ ප‍්‍රාදේශීය සේවාවක් ලෙස 2009 පෙබරවාරි 07 වන දින කුරුණෑගල, නිශ්ශංක මාවතේ ගොඩනැගිල්ලක ‘‘වයඹ හ`ඩ’’ ආරම්භ කරන ලදී.

වයඹ පළාතේ ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමත්, රාජධානි 4 කින් සැදුම්ලත් ඓතිහාසික වයඹ පුරවරයේ අභිමානය මෙන්ම ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වන වයඹ පළාතේ ජන හ`ඩ ජාතික සන්නිවේදනයට එක් කිරීමත් මෙය ආරම්භ කිරීමේ අරමුණු වේ.

එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි අනුර පි‍්‍රයදර්ශන යාපා, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිව සිටි හඞ්සන් සමරසිංහ, අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි සමන්ත වැලිවේරිය යන මහත්වරු ‘‘වයඹ හ`ඩ’’ ආරම්භ කිරීමෙහිලා පුරෝගාමී විය.

ප‍්‍රථම අධ්‍යක්‍ෂවරයා ලෙස නීතිඥ ගාමිණී විජේවර්ධන මහතා සේවය කළ අතර හෙළජීව රන්දෙණිය මහතා පාලක ලෙස ද සෑම් විමලධර්ම මහතා වැඩසටහන් නිෂ්පාදක ලෙස ද ජනක අලූත්වත්ත මහතා කාර්මික නිලධාරී ලෙස ද ආරම්භයේ දී වෙසෙස් මෙහෙවරක් ඉටු කළෝය.

නව මාධ්‍ය රටාවන් ජාතික මාධ්‍ය සම්ප‍්‍රදායයට උචිත වන අයුරින් යොදා ගනිමින්, ගුණාත්මක වැඩසටහන් මුල සිටම ඉදිරිපත් කළ අතර, ශ‍්‍රවණ කලාපය තුළ අති විශාල ශ‍්‍රාවක ප‍්‍රසාදයක් දිනා ගැනීමට ආරම්භයේ සිටම ‘‘වයඹ හ`ඩ’’ ට හැකිවිය.
වයඹ ගුවන්විදුලියේ ප‍්‍රථම නිවේදක ලෙස ප‍්‍රසන්න චන්දන බණ්ඩාර ද ප‍්‍රථම නිවේදිකාව ලෙස කුමාරි ගුණරත්න ද සේවය ලබාදුනි. සහන නිවේදිකා නයෝමි බෝපෙගෙදර ද වයඹ හ`ඩට සාර්ථක ආරම්භයක් ලබා දීමෙහිලා කැපවී කටයුතු කළාය. පසුව වයඹ පළාතෙන් තෝරා ගැනුණු දක්‍ෂ සන්නිවේදන සංචිතයක් මගින් වැඩසටහන් ඉදිරිපත් කිරීම සිදු කෙරිණ.

සජීවී වැඩසටහන් ඉදිරිපත් කිරීමෙහිලා ෘන්‍ මැදිරියක් භාවිත කළ අතර 2009 සිට 2011 දක්වා 99.6 ත්‍ඵ තරංග මාලාව ඔස්සේ කරගහතැන්න විකාශනාගාරය හරහා විකාශන කටයුතු සිදුකෙරිණ. උතුර, උතුරුමැද ආදී ප‍්‍රදේශ ද වයඹට අමතරව එමගින් ආවරණය කෙරිණ.

2011 සැප්තැම්බර් 12 වන දින සිට 99.6 ත්‍ඵ තරංග මාලාවට අමතරව 107.6 ත්‍ඵ ඔස්සේ යටියන්තොට විකාශනාගාරය හරහා ද වයඹ ගුවන්විදුලි වැඩසටහන් ශ‍්‍රවණය කිරීමේ අවස්ථාව ශ‍්‍රාවකයාට ලැබිණි. ඒ සමග ‘‘වයඹ හ`ඩ’’ ලෙස හැඳින්වූ වයඹ ගුවන් ගුවන්විදුලිය ‘‘වයඹ රේඩියෝ’’ නමින් හැඳින්වීම ආරම්භ කළ අතර, දිවයිනේ ප‍්‍රදේශ රැුසක්ම ආවරණය කරමින් ඉහළ ශ‍්‍රාවක ආකර්ෂණයක් සහ ආදායම් තත්වයන් ද වාර්තා කරමින් ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලැබිණි.

වැඩසටහන් සඳහා සම්පත්දායකයන් ලෙස ප‍්‍රදේශයෙන්ම තෝරා ගැනුණු ගෞරවනීය පූජ්‍ය පක්‍ෂය, විවිධ විද්වතුන්, වෘත්තිකයන්, කලාකරුවන් සහභාගි කර ගැනේ.

වැඩසටහන් සහ ප‍්‍රචාරය වන ගීත පිළිබඳව ඉතා යහපත් ප‍්‍රතිචාර ආරම්භයේ සිට අද දක්වාම ශ‍්‍රාවකයන්ගෙන් හිමිවීම විශේෂත්වයකි. ස්වර්ණ ගුණවර්ධන, වීරසිංහ කරුණානායක, ෆවුසුල් හසන් වැනි ප‍්‍රවීණ මාධ්‍යවේදීන්ගේ සේවය ද වයඹ ගුවන්විදුලියට ලැබුණු අතර, වැඩසටහන්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කර ශ‍්‍රාවකයාට වඩාත් ඵලදායී සේවාවක් සැපයීමෙහිලා එය වඩාත් ප‍්‍රයෝජනවත් විය.

2009 වසරේ සෞඛ්‍ය සන්නිවේදනයෙහි ලා විශිෂ්ටතම මාධ්‍ය සම්මානය දිනා ගැනීමට සමස්ත ගුවන්විදුලි සේවා අතරින් වයඹ ගුවන්විදුලියට හැකි වූ අතර ඒ කුමාරි ගුණරත්න විසින් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ ‘‘මේ අපි ගැන’’ වැඩසටහන වෙනුවෙනි.

වයඹ රේඩියෝ ධර්ම දේශනා හා ළමා වැඩසටහන් පිළිබඳව ද ඉහළ ශ‍්‍රාවක ප‍්‍රතිචාර ලැබෙන අතර වයඹ පළාතේ දක්‍ෂ ධර්ම දේශකයාණන් වහන්සේලාට, වයඹ පළාතේ දක්‍ෂ දරු දැරියන්ට ඉතා වටිනා අවස්ථා වයඹ රේඩියෝ මගින් නිර්මාණය වේ. වැඩසටහන් 200 කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත් කළ ‘‘ඇතුගල’’ වැඩසටහන මගින් වයඹ පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳව වඩාත් පුළුල්ව සාකච්ඡුා කෙරිණ. ‘‘දසන්තයට වසන්තයක්’’ - ‘‘විචිත‍්‍ර චින්තන’’ - ‘‘සිහිලැල් මියුරස’’ - ‘‘ඈත මතකයේ ගීත’’ -
‘‘මං පොඩි කාලේ’’ ආදිය ඉහළ ශ‍්‍රාවක ප‍්‍රතිචාර දිනාගත් වැඩසටහන් අතරින් කිහිපයකි.

කෙසේ වුවද 2013 වසරේ ලංකාවේ සියලූම ගුවන්විදුලි නාලිකාවල සිදු වූ තරංග මාලා සංශෝධනයත් සමග 90.1 ත්‍ඵ (යටියන්තොට* තරංග මාලාව පමණක් වයඹ රේඩියෝ වෙත හිමි වූ අතර එහිදී විකාශන පරාසය සීමා විය. ඒ අනුව දැනට කුරුණෑගල, කෑගල්ල, කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලට වයඹ රේඩියෝ ශ‍්‍රවණය වේ. 2012 තෙක් දවස පුරා කි‍්‍රයාත්මක වූ සේවාව 2012 අවසානයේ සිට විකාශන කාලය ද සීමා කෙරිණ. ඒ අනුව දැනට යම් තරමක දුර්වල ශ‍්‍රවණ තත්වයක් යටතේ පෙ.ව. 5.30 සිට 9.30 දක්වා සහ ප.ව. 4.30 සිට රාතී‍්‍ර 8.00 දක්වා විකාශනය කි‍්‍රයාත්මක වේ.

 

වයඹ රේඩියෝ වැඩසටහන්

සුභ උදෑසන - පෙ.ව. 6.30 -7.00 (දිනපතා)

සදහම් අසපුව - ධර්ම දේශනා - රාතී‍්‍ර 7.00-8.00 (දිනපතා)

පාරමිතා - ධර්ම දේශනා-පෙ.ව. 08.30-09.30

ළමා උයන - ප.ව. 4.30-5.00 (ඉරිදා)

ඉලන්දාරි හැන්දෑව - ප.ව. 4.30-5.00 (සතියේ දිනවල)

පාර දිගේ - ප.ව. 5.00-6.00 (සතියේ දිනවල)

අන්දර ආතා - ප.ව. 6.30-7.00 (බ‍්‍රහස්පතින්දා)

හේලංකඩ - ප.ව. 6.30-7.00 (සඳුදා)

සොඳුරු සිතිවිලි - ප.ව. 6.30-7.00 (බදාදා)

ප‍්‍රවෘත්ති :* - පෙ.ව. 6.00 / ප.ව. 6.00 (දිනපතා)

පහන් කණුව - ප.ව. 6.30-7.00 (සිකුරාදා)

සොඳුරු සිතිවිලි - ප.ව. 6.30-7.00 (බදාදා)
දසන්තයට වසන්තයක් - ප.ව. 6.30-7.00 (ඉරිදා)

වයඹ ගෙවත්ත - පෙ.ව. 8.00-8.30 (බ‍්‍රහස්පතින්දා)

බොරදිය මංකඩ - පෙ.ව. 8.15--8.30 (ඉරිදා)

දන්නවානම් උගන්වන්න
දන්නැත්නම් ඉගෙනගන්න - ප.ව. 6.30-7.00 (සෙනසුරාදා)

පැහැසර මාවත - පෙ.ව. 6.30-6.35 (සති අන්තයේ)

අකුරට යන්නට කලියෙන් - පෙ.ව. 6.30-6.35 (සතියේ දිනවල)

වයඹ රේඩියෝ - 90.1 (යටියන්තොටින්)

ලිපිනය - වයඹ රේඩියෝ
නිශ්ශංක මාවත,
කුරුණෑගල.

දුරකථන :- 037 22 28 583 (කාර්යාලය*
037 22 23 456 (මැදිරිය*

විද්යුත් තැපෑල :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ශ‍්‍රවණ කලාපය :- කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කොළඹ දිස්ති‍්‍රක්ක.

ගුවන් කාලය :- පෙ.ව. 5.30 සිට 09.30
ප.ව. 4.30 සිට රාතී‍්‍ර 8.00