Sri Lanka Brodcasting Corporation

Thu05252017

Last updateThu, 25 May 2017 10am

Regional Services

Kandurata Sevaya

කදුරට සේවය

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තුන්වන ප‍්‍රාදේශීය සේවාව කªරට සේවයයි. (ආරම්භයේ මහනුවර සේවය)

එය 1983 අපේ‍්‍රල් මස 13 වනදා මහනුවර පුෂ්පාදාන මාවතේ පිහිටි වත්මන් ගොඩනැගිල්ල තුල ස්ථාපිත කරන ලදි.

විවෘත කිරීමේ උළෙළට රාජ්‍ය සහ ගුවන් විදුලි අමාත්‍ය ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා ප‍්‍රධාන ආරාධිතයා වු අතර නියෝජ්‍ය ඇමති චන්ද්‍රා කරුණාරත්න, කථානායක ඊ, එල් සේනානායක, මහනුවර පුරපති තිලක් රත්නායක, මහනුවර මහ දිසාපති දමුණුපොල, මහනුවර දිස්ත‍්‍රික් සංවර්ධන මන්ත‍්‍රි අන්නමලේ වැනි ප‍්‍රභූන් සහභාගී වුහ.

එවකට ගුවන් විදුලි සභාපති ඒමන් කාරියකරවන මහතායි තේවිස් ගුරුගේ මහතා අධ්‍යක්ෂ ජනරාල් වරයායි. ප‍්‍රාදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වුයේ ඊ.එස්.ටි ප්‍රනාන්දු මහතායි.

1983 අපේ‍්‍රල් 13 වනදා, සිංහල අලූත් අවුරුදු උදාවේ පුණ්‍ය කාලයේදී පස්වරු 4.32ට යෙදුනු සුභ නැකතින් සෙංකඩගලින් මධ්‍යම තරංග 567 සහ අඹෙිවලින් මධ්‍යම තරංග 531 ඔස්සේ එවකට සිංහල සේවා අධ්‍යක්ෂව සිටි චිත‍්‍රානන්ද අබේසේකර මහතාගේ හඬින් මුල්ම නිවේදනය කªරට ගුවනේ මුලින්ම පැතිරිනි.

කªරට සේවය ආරම්භයේදී භාෂා තුනෙන්ම වැඩසටහන් විකාශනය කරන ලදි. පස්වරු 6.00 සිට 7.00 දක්වා මුල්ම ඉංග‍්‍රිසි වැඩසටහන හිල්ටන් පෙරේරා මහතා විසින් සිදු කරන ලදි.

ආරම්භයේදී දෙමළ වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබුවේ සෑම දිනකම පසවරු 5.00 සිට 6.00 දක්වා යාපනය සරසවියෙන් බිහිවු අති දක්ෂ නිවේදකයෙකු වු කමලනාදන් මහතා විසිනි.

දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් මල්වතු/අස්ගිරි උභය විහාර හා කන්ද උඩරට සෙසු ආගමික සිද්ධාස්ථාන ඇසුරු කරගත් සංස්කෘතිමය උරුමය විදහා දැක්වෙන හරවත් වැඩසටහන් මෙන්ම කදුකරයේ වෙසෙන දෙමළ, මුස්ලිම් ජනතාවගේ ද සංස්කාතික, ආර්ථිකමය සහ සමාජීය ලක්ෂන ඉදිරිපත් කිරීමත් කන්ද උඩරට එළවළු හා තේ වගාවට අවශ්‍ය තොරතුරු යනාදිය බෙදා දීමත් වැනි අරමුණු රැසක් කªරට සේවය ඇරඹීමට ඉවහල් කර ගෙන ඇත.

ප‍්‍රාදේශිය අවශ්‍යතාව ඉස්මතු කර ගනිමින් විකාශනය වු ආරම්භක වැඩසටහන් අතර වාහල්කඩ, කවිකාර මඩුව, උඩවැඩියා මල්, යොවුන් සඳැල්ල, ඉතා ජනප‍්‍රිය විය.

උඩවැඩියා මල්, නවක මඩල, සංගීතිකා වැනි සංගිත වැඩසටහන් තුලින් සමන් ජයනාත් ජිනදාස, ලාල් අමරසිරි, බණ්ඩාර සෙනවිරත්න, ජයන්තලාල් සොමරත්න, සුගතමාලී රත්නායක, විනී පෙරේරා වැන්නවුන් කලා ලොවට බිහි වුහ.

 

ආරම්භයේ සිට මේ දක්වා පාලකවරු

01. හිල්ටන් පෙරේරා

02. ශ‍්‍රීපාලි වයමන්

03. සුමනා ජයතිලක

04. කුමාර රත්නායක

05. සුමන බණ්ඩාර බැද්දේවෙල

06. උපාලී ඉලූක්කුඹුර

07. ඩි.එස්. දයාරත්න

08. සිසිල් ජිනදාස

09. පි. ජි. කරුණාතිලක

10. නුරානියා හසන්

11. ආර්.එම්.පි.එන්. රත්නායක

12. සරත් ඉලංගන්තිලක

 

ඉංජිනේරු අංශයේ මේ දක්වා ප‍්‍රධානීන්

01. උපාලි ඉලූක්කුඹුර

02. ටි.සි. සේනානායක

03. චිත‍්‍රා වන්නිනායක

04. උදය රණසිංහ

05. හෙන්රි ධනපාල

06. නාරද වික‍්‍රමසිංහ

07. සිරාජ් ලූතූෆි


එවකට ජනප‍්‍රියත්වයට පත් සන්නිවේදකයන්

01. එස්. ලියනගේ

02. බිසෝ මැණිකේ ගේ‍්‍රරෝ

03. සිසිල් ජිනදාස

04. සුගත් වීරසිංහ,

05. පේ‍්‍රමලාල් විජේසිංහ

06. චුලාභය ශාන්ත කුමාර හේරත්

07. කපිල එම්. ගමගේ

08. නන්දා රඹුක්වැල්ල

09. මල්ලිකා හේම කුමාරි පෙරේරා

10. බර්ට‍්‍රම් පෙරේරා

11. සරත් ඉලංගන්තිලක


ශ‍්‍රවණ කලාපය : මධ්‍යම, ඌව, සබරගමුව පළාත්, ප‍්‍රධාන ආවරණ කලාපයි.

වැඩසටහන් විසුරුවා හරින තරංග මාලා

රදැල්ල 107.3 FM
හුන්නනස්ගිරිය 107.5 ත්‍ඵ
හපුතලේ 107.3 ත්‍ඵ
හන්තාන 90.1 ත්‍ඵ


විකාශන කාලය : පෙරවරු 5.30 සිට රාත‍්‍රි 9.30 දක්වා (පස්වරු 5,00 සිට 6.00 දක්වා මුස්ලිම් වැඩසටහන්, පස්වරු 6.00 සිට 7.30 දක්වා දමිල වැඩසටහන් – වැඩසටහන් පත‍්‍රීකාවට අදාළව)


ප‍්‍රධාන සම්පත්දායක ආයතන


01. ශ‍්‍රී දළදා මාලිගාව, මල්වතු අස්ගිරි විහාර සහ සෙසු ඓතිහාසික ස්ථාන

02. පේරාදෙණිය විශ්ව විද්‍යාලය

03. ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

04. මහනුවර/පේරාදෙණිය මහ රෝහල්

05. පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන පීඨය

06. බෙල්වුඞ් සෞන්දර්යය නිකේතනය

07. ගිරාගම සෞන්දර්යය විද්‍යාලය

08. පල්ලේකැලේ සිබා සරසවිය

09. ශ‍්‍රී ලංකා මහ බැංකුව

10. පොල්ගොල්ල ජාතික සමුපකාර විද්‍යාලය

11. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

12. හන්තාන රත්නසිරි වික‍්‍රමනායක තේ පර්යේෂණායතනය

13. දිගන ආයෝජන ප‍්‍රවර්ධන කලාපය

14. ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය

 

විධිමත් ලෙස පාඨමාලාවන් හැදෑරිය හැකි SLBC මාධ්‍ය ඇකඩමිය ක‍්‍රියාත්මක වන්නේ කªරට සේවයට අනුබද්ධවය.

ලිපිිනය : කදු රට සේවය, පූෂ්පදාන මාවත, මහනුවර.

දුරකථන :

පොදු 081-2234312
සජීව මැදිරිය 081-228844
පාලක 081-2205553
ඉංජිනේරු අංශය 081-2224587
අලෙවි අංශය 081-2234871

ෆැක්ස් : 081-2234871

විද්‍යුත් තෑපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.