Sri Lanka Brodcasting Corporation

Fri09222017

Last updateFri, 22 Sep 2017 1pm

President's Speech

වාද්දූව ශ්‍රි මායාරට ඓතිහාසික පොසොන් පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්තියා මත තැන්පත් කිරීම ජනාධිපති අතින්

ශ්‍රි මායාරට ඓතිහාසික පොසොන් මහා පෙරහැර 35 වන වරටත් ඊයේ (02) රාත්‍රි වාද්දූව සමුද්‍රාරාම විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සමුද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පෙරහැර පැවැත්විණි.

පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් සධාතුක කරඩුව මංගල හස්තියා මත තැන්පත් කිරීම ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් රාත්‍රි 7.02 යෙදුන සුබ මොහොතින් තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර විදී සංචාරය ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුළු, ප්‍රදේශය නියෝජනය කරමින් පළාත් සභ ප්‍රාදේශීය මන්ත්‍රිවරුන්, සැදැහැවත්හූ විශාල පිරිසක් එක්ව සිටියහ.