Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateSat, 16 Dec 2017 8am

President's Speech

කොළඹ විශාඛා විද්‍යාලයේ සිගිති රැගුම් 2016 ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනපති එක් වෙයි

කොළඹ විශාඛා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු දැරියන්ගේ සිගිති රැගුම් 2016 ප්‍රසංගය අද (01) පස්වරුවේ විද්‍යාලයේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී විය.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්හ.

සිසු දැරියන්ගේ දක්ෂතා නැරඹූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථාබහක ද නිරත විය.

විදුහල්පතිනි සදමාලි අවිරුප්පොල මහත්මිය ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුථ පිරිසක් මීට එක්ව සිටියහ.