Sri Lanka Brodcasting Corporation

Sat11182017

Last updateFri, 17 Nov 2017 9pm

President's Speech

අරලියගහ මන්දිරයේ ඉෆ්තාර් උත්සවයට ජනපති එක් වෙයි

ඉස්ලාමීය බැතිමතුන් වෙනුවෙන් අද (30) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති ඉෆ්තාර් උත්සවය සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද සහභාගී විය.

ඉස්ලාමීය ආගමික නායකයින් ඇතුථ බැතිමතුන් විශාල පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම උත්සවයට එක්ව සිටියහ.

මෙහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රටේ ජාතික සමගිය සහ ජාතික සංහිදියාව ශක්තිමත් කිරීමට නම් සෑම ආගමිකයෙකුටම නිදහසේ තම ආගම ඇදහීමට ඇති අයිතිය තහවුරු කරමින් නිදහස් සමාජයක දොරටු විවෘත කළයුතු බවයි.

එම වැඩපිළිවෙළේදී සියලූ දෙනා එක්ව මෙවැනි ආගමික උත්සව සංවිධානය කිරිම ඉතා වැදගත් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජාතික සංහිදියාව වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඉස්ලාමීය ආගමික නායකයින්ගේ ඇගයීමට ලක් වූ අතර ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුථ මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.