Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateSat, 16 Dec 2017 8am

President's Speech

රාජකීය විශිෂ්ටයින්ට ත්‍යාග ප්‍රදානය ජනපති අතින්


කොළඹ රාජකීය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (23) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

විශිෂ්ට කුසලතා දැක්වූ සිසුන් 35 දෙනෙකු වෙත තිළිණ ප්‍රදානයද කාර්යක්ෂම ගුරු භවතුන් ද ඇගයීමට ලක් කරමින් ගුරු භවතුන් 18 දෙනෙකුට සම්මාන සහතික පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, මලික් සමරවික්‍රම, ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, රවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න යන මහත්වරුන් ඇතුථ ආරාධිත පිරිසක් ද විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ඇතුථ ආචාර්ය මණ්ඩලය ද, ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් අතුල මුණසිංහ මහතා ඇතුථ ආදි සිසුන්, දෙමාපියන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.