Sri Lanka Brodcasting Corporation

Tue12122017

Last updateTue, 12 Dec 2017 12pm

President's Speech

අලුත් ආණ්ඩුවත් එක්ක රට ගොඩනගන්න සහෝදරත්වයෙන් ඒකරාශි වෙමු.

මා ඉතාමත් සතුටු වෙනවා අපේ යහපාලන රජයේ දෙවර්ෂ පූර්ණය වගේම තුන්වැනි වසරට පා තබන අවස්ථාවේ එක් පැත්තකින් එය සමරමින් තවත් පැත්තකින් රජයේ ඉදිරි ගමන පිළිබද  පැහැදිළි කරමින් මේ පවත්වන වැදගත් උත්සව සභාවේදී ඔබ සියලූදෙනා ඇමතීමට ලැබීම ගැන. අද 2017 නව වසරේ ජනවාරි මාසයේ 08 වෙනිදා. 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා පැවැත්වq ජනාධිපතිවරණයේදී මේ රටේ ජනාධිපතිවරයා ලෙස මා පත් කර ගැනීමට කටයුතු කළ දේශපාලන පක්ෂ අතර නායකයත්වය ගත් එක්සත් ජාතික පක්ෂයත් ඊට සම්බන්ධ වූ අනෙකුත් සහෝදර පක්ෂත්, විවිධ සංවිධාන, රාජ්‍ය නොවන ආයතන, සිවිල් සංවිධාන, ස්වේච්ඡා ආයතන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ඒ සියලු පක්ෂ නායකයින් කි‍්‍රයාකාරින් සංවිධාන ඇතුළු මට සහයෝගය දුන් සෑම කෙනෙකුටමත් මට ඡන්දය පාවිච්චි කළ හැට දෙලක්ෂ පනස්දහසකට ආසන්න ජනතාවටත් මුලින්ම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

ඒ වගේම ඔබට මතක ඇති පළමු වසර සැමරීමේ මෙවැනි උත්සවයකදී අපි එදා ප‍්‍රධාන දේශයනට ආරාධනා කර තිබුනේ ඉන්දියාවේ ප‍්‍රාන්තයක හිටපු ආණ්ඩුකාරවරයෙකු වු ගාන්ධි මැතිතුමාට. එදා ගාන්ධි මැතිතුමාගේ දේශනය ඔබට, රටට මතක තිබෙනවා. අද ආන්ද්‍රා ප‍්‍රදේශයේ මහාමාත්‍ය චන්ද්‍රබාබු නයිදු මැතිතුමාගේ දේශනයට ඔබ සවන් දුන්නා. කෙනෙක් අහන්න පුලුවන් පසුගිය වසරේත් ඉන්දියාවේ නායකයෙක්, මේ වසරෙත් ඉන්දියාවේ නායකයෙක් නේද කියලා. ඉන්දීය ශී‍්‍ර ලංකා සබදතාවලට වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙන්නේ. භෞතික වශයෙන් වඩා පුද්ගලයින්, සම්මුතින්, එකගතාවයන්ට වඩා දෙරටේ තිබෙන්නේ ආධ්‍යාත්මික සම්බන්ධතාවයක්. මා එසේ කියන්නේ බෞද්ධ දර්ශනය, හින්දු දර්ශනය තුළ ඒ භාවිතාවෙන් ගොඩනැගුණු සමාජ දේශපාලන, ආර්ථික, සංස්කෘතික පසුබිමි තුළින් තමයි දෙරටේ දීර්ඝකාලීන මිත‍්‍රත්වය, සම්බන්ධතාවය ඇතිවී තිබෙන්නේ. ඒ නිසා මා එය දකින්නේ ගිවිසුම්වලට වඩා එකගතාවයන්ට වඩා, සම්මූතින්ට වඩා  ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැගුණු බැදීමක් ලෙසයි.

 ඒ නිසා අපේ අසල්වැසී මිත‍්‍රයෙක් විදියට ඉන්දීය මිත‍්‍රත්වය තව තවත් වර්ධනය වනවා වගේම  ප‍්‍රධාන වශයෙන් අපේ විදේශ ප‍්‍රතිපත්තිය තුළ ලෝකයේ සියලූම රාජ්‍යයන්,  ඒ වගේම ආසියාතික සියලූ රටවල්, ඒ වගේම නව දැනුම තිබෙන යුරෝපය, බටහිර ඒ වගේම සෑමවිටම අපත් සමග කටයුතු කරන අරාබි රටවල් ඒ සියලු රාජ්‍යයන් සමග අපි අලුත් ආණ්ඩුව විදියට අපේ මිත‍්‍රත්වය ගොඩනගාගෙන තිබෙනවා. කෙනෙක් අහන්න පුළුවන් බොහෝ පහසු විදියට මේ අවුරුදු  දෙක තුළ මොනවද කළේ කියලා. ඔබට අපට මතක ඉතිහාසයේ, සාහිත්‍යයේ හොද කථාවක් තිබෙනවා දුටුගැමුණු කුමාරයා පිලිබද. දුටුගැමුණු කුමාරයා අත් දෙකයි, කකුල් දෙකයි එක්කරගෙන වකුටු වෙලා නිදාගෙන ඉන්නකොට මව ඇහුවා ඇයි ඔය විදියට වකුටු වෙලා ඉන්නේ කියලා. එතකොට දුටුගැමුණු කුමාරයා කිව්වේ මේ රටේ උතුරෙත්, දකුණෙත් තිබෙන තත්ත්වය නිසා මම මේ විදියට ඉන්නවා. මගේ දෑත් දෙපා දිග හරින දවසක් ගැන මම හිතනවා කියලා.

2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මැතිවරණ අවස්ථාව වනවිට මේ රටේ රාජ්‍ය පාලනයේ නායකයින්ට වගේම ජනතාවට එදා දුටුගැමුණු කුමාරයා හිටපු විදිහටයි ඉන්න වෙලා තිබුණේ. ඒකට හේතුව මේ රටේ උතුරට, දකුණට වඩා ජාත්‍යන්තර වශයෙන් කලාපීය වශයෙන් තිබූ තත්ත්වයන් තුළ  ඒ වගේම ජාතික වශයෙන් තිබු තත්ත්වයන් තුළ අතපය දිග හරින්න පුළුවන්කමත් තිබුණේ නැහැ. සැබෑ ලෙසම මේ රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ප‍්‍රශ්ණයක් තිබුණා. මේ රටේ මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස පිළිබද ප‍්‍රශ්නයක් තිබ්බා. මේ දෙවසර තුළ අපේ හාමුදුරුවනේ මාධ්‍යවේදීන් කිසිවෙක් මහ පාරේ මැරිලා හිටියේ නැහැ. මේ දෙවසර තුළ මේ රටේ කිසිම මාධ්‍යවේදියෙක් රට හැර දාලා ගියේ නැහැ. මේ රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සතුට භුක්ති විදින ආකාරය බලපුවහම මිත‍්‍රවරුනි, මාධ්‍ය නිදහසට මහෝඝයක්. මාධ්‍ය නිදහස දෝරේ යාමක්. හරියට අවුරුදු 15-16 තරුණ දරුවෙක් දගලනවා වගේ මාධ්‍ය කටයුතු කරන්නේ. මම විශ්වාස කරනවා දී ඇති නිදහස පරිණත වු විට ඒ පරිණත බවත් සමග මාධ්‍යයේ යහපත් විනයක් ඇතිවෙයි කියලා.

අපි ආණ්ඩුවක් විදියට තුවක්කුව පාවිච්චි කරලා නැහැ. මාධ්‍යවේදින් ඝාතනය කරලා නැහැ. මාධ්‍යවේදින්ගේ ලේ හොලවලා නැහැ. මට මතකයි පසුගිය දවසක කෙනෙක් කිව්වා 19 ගැන දැන් කථාවුණා ඇති කියලා. මම ඒ අයට කියනවා 18 මතක් කරන්න කියලා. 19 ගැන කථා කරනවට වැඩිය 18 මතක් කරන එක හොදයි කියලා මම කියනවා. 19 සම්මත කළාට වඩා 18 අහෝසි වූ එක තමයි මේ රටේ ජනතාවගේ මහා ජයග‍්‍රහණය කියලා මම රටටම කියනවා. ඒ තුළ තිබු භයානක තත්ත්වය ඔබ දන්නවා. එය අහෝසි කළේ හැට දෙලක්ෂ පනස්දහසක ප‍්‍රාර්ථනා ඉෂ්ට කිරීමටයි. අපට අද තිබෙන අභියෝගවලදි අන්ද්‍රා ප‍්‍රදේශ් මහ ඇමතිතුමා ඉතා වැදගත් ක්ෂේත‍්‍ර ගණනාවක් පිළිබද පැහැදිළි කිරීම් කළා. එතුමා ජල කළමනාකරණය ගැන කථා කළා. විදුලි කළමනාකරණය ගැන කථා කළා. සම්පත් කළමණාකරනය ගැන කථා කළා. මම ඊයේ සන්ධ්‍යාවේ එතුමා සමග කථා කරපු වෙලාවේ ඔය සියලු දේවල් කථා කරමින් මම එතුමගෙන් ඇහුවා තාක්ෂණය අපිට අවශ්‍යයි වගේම මේ තාක්ෂණයත් එක්ක අන්තර්ජාලයෙන්, වෙබි අඩවිවලින්, ෆේස්බුක්වලින් විනාශ වන නව පරපුර පිළිබද තිබෙන අභියෝගවලට ආන්ද්‍රා ප‍්‍රදේශ්වල මොනවද කරලා තියෙන්නේ කියලා. එතුමා මට ලබදුන් පිළිතුර තමයි අපි ළග තිබෙන පිළිතුර තාක්ෂණය ඉතා අවශ්‍යයි, තාක්ෂණය දියුණුවට අවශ්‍යයි, දරුවන්ට අවශ්‍යයි. එහෙත් තාක්ෂණය විසින් තාක්ෂණය යහපත් දේ සදහා කළමනාකරණය කළයුතුයි කියලා. 

ආන්ද්‍රා ප‍්‍රදේශ්වල ජල කළමණාකරනය සහ විදුලි කළමණාකරනය පිළිබදව එතුමා කියන විට මට මතක් වුණේ අපට ඉදිරියට මහා නියගයක් තිබෙනවා.  අපි තවමත් තිබෙන වතුර ටික පරිස්සම් කරගන්න කළමනාකරනය කරනවද, අපේ හාමුදුරුවනේ කොළඹ නගරයට ලැබෙන පානීය ජලය වලින් සියයට 35 ක් අපතේ යනවා. විශේෂයෙන් පානීය ජලය සියයට 20 ක පමණ ප‍්‍රමාණයක් අපතේ යවනවා. අපි විදුලිය අරපරිස්සම් කරන්න මේ නියගයත් එක්ක තවමත් සූදානම් වෙලා තිබෙනවද, විදුලිය, ජලය ඉතාම අත්‍යාවශ්‍යයි මේ වසරේ. ආර්ථික සමෘද්ධියක් ඇතිකර ගැනීමට විශේෂයෙන්ම දුගී භාවයෙන් නිදහස් වීමට, නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තිබෙන ඒ මහා ශක්තිය එක්ක අපි සියලුදෙනාම නව වසරේ කැප වෙන්න ඕන. ඔබ දන්නවා මේ වසර 2017 දුගී භාවයෙන් නිදහස් වීමේ වසර. මේ මාසයේ දෙවැනිදා මම ප‍්‍රකාශයට පත් කළා රටට තිරසර සංවර්ධන ජාතික ප‍්‍රතිපත්තිය සහ ජාතික සැළැස්ම කි‍්‍රයාත්මක කිරීමේදී ඒ සදහා අවශ්‍ය සහයෝගය, එකගතාවයන්, සැළසුම් පිළිබද තිරසර සංවර්ධන ජාතික ප‍්‍රතිපත්තිය හා සැළැස්මට අනුව දුගී භාවයෙන් නිදහස් වීමේ ජාතික ව්‍යාපාරය අපි මේ මාසයේ සිට ආරම්භ කරමු කියලා. අමාත්‍ය මණ්ඩල අනු කමිටු පත් කරලා විශේෂඥ කමිටු පත් කරලා ඒ වැඩපිළිවෙල අපි ප‍්‍රකාශයට පත් කළා. මූලික වශයෙන්ම ආහාර ඇදුම්, පැළදුම් සෞඛ්‍ය, අධ්‍යාපනය කියන මේ කාරණා දුගී භාවයෙන් නිදහස් වීමේ අපේ ජාතික වැඩසටහනේ මූලිකම අංශ බව ඔබ අපි කවුරුත් දන්නවා. 

එය අපට පමණක් නොව මුළු ලෝකයේ සියලු රාජ්‍යයන්ට, මානවයාට  අත්‍යාවශ වූ දෙයක්. අපේ රටේ දුගී භාවය පිළිබද කථා කරන විට අද තිබෙන තත්ත්වය පිළිබද පැහැදිළි අධ්‍යයනයක් අවශ්‍යයි. අන්ද්‍රා ප‍්‍රදේශ් මහ ඇමතිතුමාගේ දේශනයේ දී එතුමා පෙන්නුම් කළා ලංකාවේ දුගී බව සියයට හතක් පමණ කියලා. මා ඊට තවත් අංශ කිහිපයක් එකතු කරනවා. අපේ රටේ අද අඩු ආදායම්ලාභින් විදියට, සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල් හැර සමෘද්ධි ප‍්‍රතිලාභීන්වීමට සුදුසුකම් තිබෙන විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. ඒත් එක්කම පුද්ගලික අංශයේ සුළු සේවකයින් ඒ අයට සමෘද්ධිය හම්බ වෙන්නේ නැහැ. ඒ අය අඩු ආදියම්ලාභින් ගණයට ඇතුලත් වෙලා නැහැ. ඒ වගේම රාජ්‍ය අංශයේ සුළු සේවකයින්. ඒ සියල්ල ගත්විට පැහැදිළි ලෙසම නව සංඛ්‍යා ලේඛන වෙනස් වෙනවා. විරැකියාව ඇතුළු මම පෙර සදහන් කළ අංශ ගත්විට අපේ රටේ වර්තමානයේ දුගී භාවය සියයට 25-27 ක් පමණ වන බව වාර්තා වෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. එහෙමනම් දුගී භාවයෙන් අපි නිදහස් වෙන්න ඕන. අපි අධිෂ්ඨානශීලි වෙන්න  ඕන.

 එක් පැත්තකින් වෙළදපළ ආර්ථිකය තුළ අපි කි‍්‍රයාත්මකකරන වැඩසටහන්, ඒ වගේම සමාජ ආර්ථිකය තුළ අපි ඒ වැඩපිළිවෙළත් කි‍්‍රයාශිලි වෙන්න ඕන. වෙළදපළ ආර්ථිකයත්, සමාජ ආර්ථිකයත් මේ දෙකෙන්ම ගත යුතු දේ අප ගත යුතුයි. අද ලෝකයේ ආර්ථික විශේෂඥයින්, මේ පිළිබද ප‍්‍රවීනයින් මේ දෙකේම යහපත් අයපහත් තත්ත්වයන් සාර්ථික, අසාර්ථකතාවයන් පෙන්නලා දෙනවා. මේ අංශ දෙකෙන්ම සාර්ථක අංශ පිළිබද ප‍්‍රමුඛත්වය දීම ඉතා අවශ්‍යයි කියන එකයි මම පැහැදිළි කරන්නේ. දුගී භාවයෙන් නිදහස්වීමේ කාර්යේදී මූලිකව අපේ රටේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගත්විට නව පරපුරට අවශ්‍ය මගපෙන්වීම සමග අධ්‍යාපනයේ වැඩිදියුණුව, ඒ වගේම නව ලෝකයට අවශ්‍ය නවෝත්පාදන ආර්ථිකය කරා අපි යනවා. මේ වන විට ඒ සදහා තව තවත් විධිමත්ව ශක්තිමත්ව ආයතනයික වශයෙන් වගේම  සාමුහිකව සූදානම්වීම ඉතා අත්‍යාවශ්‍ය දෙයක් විදියට මම දකිනවා. ඒ සියල්ල අපි ජයග‍්‍රහණය කළයුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ තිබෙන ජයග‍්‍රහණ කරා යන්න ඔබ සියලූදෙනාම කැපවිය යුතු වෙනවා.

දුගිභාවයෙන් නිදහස් වීමේ ජාතික වැඩසටහන් ලෝකයේ දුගී භාවය තිබෙන්නා වු රටවල්වල කි‍්‍රයාත්මක කිරීමේදී සාර්ථක වී තිබෙන්නේ කාන්තාවන්  ප‍්‍රමුඛ ග‍්‍රාමීය මට්ටමේ ජනතාව එක්වී මේ සදහා අවශ්‍ය මගපෙන්වීම්, සම්පත් ලබාදිම සහ අවශ්‍ය නිසි කළමණාකාරිත්වයකින් කටයුතු කිරීම නිසා. ඒ නිසා අපි දුගී භාවයෙන් නිදහස් වීමේ ජාතික වැඩසටහෙන් ප‍්‍රධාන ව්‍යාපෘතිය ලෙස ශ‍්‍රම ශක්ති ජාතික ව්‍යාපාරය මේ මාසයේ සිට කි‍්‍රයාත්මක කරනවා. එය අමාත්‍ය අනු කමිටුවේ ආර්ථික විශේෂඥයින්, ජාතික සංවර්ධනයේ සැළසුම් ශිල්පීන් අනුමත කළ වැඩසටහනක් ග‍්‍රාමීය පිටිසර කාන්තාවන් එක්කරගනිමින් මේ සදහා අවශ්‍ය මගපෙන්වීම සහ කළමනාකරණය සදහා රජය කි‍්‍රයාශිලි වෙනවා. මේ රට කෘෂිකාර්මික රටක් විදියට රටේ මුලූ ඉතිහාසයේ රට ගොඩනැගිලා තිබෙන්නේ කෘෂිකර්මාන්තය පදනම් කර ගනිමින් නව තාක්ෂණය සමග ලෝකය වේගයෙන් ඉදිරියට යනවා. නව තාක්ෂණය අපට අවශ්‍යයි. වෙළෙදපළ ආර්ථිකය, සමාජ ආර්ථිකය අපට අවශ්‍යයි. ග‍්‍රාමීය මට්ටමේ ජනතාව සමග මේ රටේ මුලු ඉතිහාසය පුරා ජාතික ආර්ථිකය ශක්තිමත් කර ජාතික කෘෂිකර්මාන්තය ගොඩනැගීම ඉතා අවශ්‍යයි.  ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ වාර්මාර්ග හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ පුළුල් පෙරළියක් කරන්න. කුඩා, මධ්‍යම ප‍්‍රමාණයේ වැවි ප‍්‍රතිසංස්කරණය කරන්න. ගොවි ජනතාව ප‍්‍රමුඛ අපේ රටේ පිටිසර ජනතාවට තමන්ගේ ආර්ථිකය සකස් කර ගන්න ඒ අවශ්‍ය සම්පත් ලබාදෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරනවා. කෘෂිකර්මාන්තයේ, අධ්‍යාපනයේ දියුණුව දරිද්‍රතාවයෙන් නිදහස් වීම මේ කරුණු සදහා අපි ප‍්‍රමුඛත්වය දෙනවා. 

ඇතැම් අය පසුගිය රජයේ සහ මේ රජයේ සංවර්ධනයේ වෙනස්කම් පිළිබද කථා කරන විට අපිට ඇගිල්ල දිගු කරනවා කෝ යෝධ සංවර්ධන ව්‍යාපෘති. අපි ඒ දැකපු සුන්දර මහා සංවර්ධනයේ ප‍්‍රතිඵලය තමයි අද අත් විදින්නේ රුපියල් කෝටි නව ලක්ෂයක මහා ණය බර සමග ඒ සුන්දර සංවර්ධනයේ පිටුපස තිබු මහා විදේශ ණය කන්දරාව ණයගැති භාවය පිළිබද මේ රටේ පොදු මහජනතාවට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් අපි අලුත් රජයක් පත්වෙලා පැහැදිළි ලෙසම මේ රටේ ආර්ථිකයේ තත්ත්වය රටට පැහැදිළි කළා, විවෘත කළා. මමත් අගමැත්තුමා අපි රජයක් විදියට ඇත්ත කථා කළා. ඇත්ත කිව්වා. ඒ කළින් දැකපු සුන්දර කෘතිම ලෝකය ඒ සැලෝලයිඩ් ලෝකය අපිට නැවත අවශ්‍යයද, ජාතික ආර්ථිකයේ යථාර්තවාදී බව සත්‍ය තත්ත්වය තේරම් අරගෙන ජාතියක් විදියට ගොඩනැගෙන්න සියලූදෙනා සහෝදරත්වයෙන්, මිත‍්‍රශිලි භාවයෙන් ඒ අභියෝගයට මුහුණදීලා රට ගොඩනගනවද කියන කාරණාව මම ජනතාව හමුවේ තබනවා.

මම සියලු දෙනාට ආරාධනා කරනවා ඉතා ගෞරවයෙන් අපි සියලුදෙනා රට වෙනුවෙන් කැපවෙමු. අපිට ගොඩ එන්න පුළුවන්. අපිට නැගිටින්න පුලුවන්. අපිට ඉදිරියට යන්න පුළුවන්. ලෝකයේ ප‍්‍රබල ජාතියක් ලෙස සමෘද්ධිමත් ආර්ථියක් සමග විශිෂ්ට ජාතියක් ලෙස ඉදිරියට යන්න පුළුවන්. ආත්ම විශ්වාසය, ආත්ම ධෛර්ය අධිෂ්ඨානශීලි භාවය, ඉලක්ක සහගතබව අපිට ඉතා අවශ්‍ය වෙනවා.  ඒ නිසා ඒ පසුගාමී තත්ත්වයන් අපි සම්පූර්ණයෙන්ම අමතක කළ යුතුයි. අපි තවම එකගතාවයක්, සම්මුතියක් නිත්‍යානුකුලව ඇතිකරගෙන නොමැති හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය පිළිබද මහා උද්ඝෝෂණ කරනවා. සමහර අය කැරළි ගහන්න එනවා. අගමැතිතුමනි, හම්බන්තොටට ඒ කර්මාන්ත එපානම් ඒ ටික පොළොන්නරුවට දෙන්න මම ලෑස්තිය පොළොන්නරුවට ගන්න. මේ කිසි තැනක භූමිය පාවා දීලා නැහැ. ඉතා අසත්‍ය ප‍්‍රචාර එක්ක අපිට ඇගිල්ල දිගු කරනවා. අපි 2015 මැතිවරණයේදී ජයග‍්‍රහණය කරලා ආණ්ඩුව ගත්තා ඒ ජයග‍්‍රහණය ලබා ගත්තා වගේම මම අද කියනවා මේ ආර්ථික අර්බුදයට සහ ජාත්‍යන්තරයෙන් ආපු විරෝධයට මුහුණ දෙන්න බැරුව හිටපු අය මේක දාලා පැනලා ගියා කියලා මම කියනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. 

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනා සහ චෝදනා නව රජයක් විදියට අපි කොච්චර අවම කරගත්තද, අපි ඒවා කොච්චර දුර්වල කරගත්තද, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ ඉදලා ලෝකයේ සෑම රටකම නායකයින් මට හමුවුණු හැම වෙලාවෙම කිව්වේ කුමක්ද, ඔබ අලූත් ආණ්ඩුවක් විදියට අලුත් ගමනක් යන විදිය පේනවා. ඔබ අලුත් රටක් විදියට ගොඩනැගෙන විදිය පේනවා. 19 වන සංශෝධනයෙන් රටේ කරලා තිබෙන වෙනස්කම් පේනවා. ඔබ ආර්ථිකයේ නියම තත්ත්වය විවෘත කරලා පෙන්නුම් කරලා තිබෙනවා. ඒ නිසා අපි සෑමවිටම ඔබේ රටට, ඔබට අවශ්‍ය සහයෝගය දෙනවා කියලා. ඒ නිසා අද අපිට ගැමුණු කුමාරයා වගේ වකුටු වෙලා ඉන්න  ඕනකමක් නැහැ. මේ ආණ්ඩුව එන්න කළින් වකුටු වෙලා හිටියා. අත පය දිග හරින්න බැහැ. ජාත්‍යන්තරයේ සහයෝගය නැහැ. විරෝධය. ඒ අය පැහැදිළිවම දැක්කා ආර්ථික අර්බුදය. ඒ සදහා තමයි වසර දෙකකට කළින් මැතිවරණයක් තිබ්බේ. ලෝකයේ මොන රාජ්‍ය නායකයා ද තමන්ට බලයේ ඉන්න තව අවුරුදු දෙකක් තියෙද්දි මැතිවරණයට යන්නේ. මේ ආර්ථික අර්බුදයට මුහුණදීමේ නොහැකියාව, ජාත්‍යන්තරයෙන් ආපු ප‍්‍රශ්නවලට මුහුණදිමේ නොහැකියාව, රට තුළ සංහිදියාව ගොඩනැගීමට තිබෙන නොහැකියාව මේක තමයි ඇත්ත තත්වය.

නමුත් ඒ සියල්ලටම අපිට හැකියාව තිබෙනවා, ශක්තිය තිබෙනවා අපි රටක් විදියට ජයග‍්‍රහණය කරනවා ස්ථීර වශයෙන්ම සමස්ථ ජනතාව සමග. ඒ නිසා අපිට කිසියම් හෝ පසුගාමීත්වයක් උකටලී බවක් අවශ්‍ය වන්නේ නැහැ. අපේ තිබෙන යැපුම් මානසිකත්වය ඉවත් කරගත යුතුයි. අන්ද්‍රා ප‍්‍රදේශ මහ ඇමතිතුමාගේ වැඩපිලිවෙළ තුළ ජනතාව යැපුම් මානසිකත්වයෙන් එතුමා නිදහස් කරගෙන තිබෙනවා. අපි ජනතාව යැපුම් මානසිකත්වයෙන් නිදහස් කරගන්න ආණ්ඩුවක් විදියට තීන්දු තීරණ ගන්නා විට ඒක දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත්වෙනවා. ආණ්ඩු පෙරළන්න එනවා. ඒ විදියට අපි හැඩ ගැහිලා තිබෙනවා. නමුත් බොහෝ පැහැදිළිව කියන්න  ඕන අපි යහපත සදහා තීන්දු ගන්නවා වගේම කවුරුවත් හිතන විදිහට කවුරුවත් සිහින මවාගෙන ඉන්න විදියට ආණ්ඩුව පෙරළන්න බැහැ. අපි ආණ්ඩුවක් විදියට ශක්තිමත්ව ඉදිරියට යනවා. ඒ නිසා අපි මූලික වශයෙන්ම ග‍්‍රාම ශක්ති ජාතික වැඩසටහන ස්ව ශක්තිය කෙරෙහි විශ්වාසය තබලා ඒ කරන කාර්යයන් වගේම ග‍්‍රාම ශක්ති ප‍්‍රතිපත්තිමය කි‍්‍රයාදාමය මගින් නිර්මාණය වන ඒ වේදිකාව ගොඩනගන්න මේ රටේ සියලුදෙනාට අපි ආරාධනා කරනවා දුප්පත්කමින් රට නිදහස් කර ගැනීම සදහා.

 රජය, රාජ්‍ය නොවන අංශය ඒ සියල්ලේ එකමුතුකම ඒ සියල්ලෙහි බැදීම ඒ වගේම වගවීම, විශ්වාසය නිවැරදි දැක්ම, අරපිරිමැස්ම, විනිවිදභාවය, සාමානාත්මතාවය, එකගතාවය සහ නිහතමානී බව තුළ ඒ සියල්ල ගොඩනගමු කියලා මෙම සියලුදෙනාට ආරාධනා කරනවා. අපිට දිළිදුකමින් නිදහස් වී රටක් විදියට ඉස්සරහට යන්න පුළුවන්. තිරසර සංවර්ධන ප‍්‍රවේශය අපි ආරම්භ කරලා තිබෙන්නේ. ඒ තුළ දිළිදුකමින් රට නිදහස් කර ගනිමින් අපි සියලුදෙනාගේම වගකීම් සහ යුතුකම් අපි සියල්ල එක්ව ඉටුකරමු කියලා සියලූදෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි පළමු වසරේම රාජ්‍ය සේවයේ පළමු වතාවට රුපියල් 10,000 කින් වැටුප් වැඩිකිරීමක් කළා. කිසිම ආණ්ඩුවක් එකවර රුපියල් 10,000 ක් රාජ්‍ය සේවයට වැඩිකරලා නැහැ. ඒ වගේම තමයි 2500 ක් මූලික වැටුපට එකතු කළා. දැන් සමහර අයට අමතකයි. විශ‍්‍රාමිකයින්ට අපි අග‍්‍රහාර රක්ෂණ ක‍්‍රමය හදුන්වලා දුන්නා. පාසල් සිසුන්ට රක්ෂණ ක‍්‍රමය හදුන්වලා දුන්නා. 

ඒ වගේම ඔබ දන්නවා අපේ රජය යටතේ නිවාස වැඩසටහන පසුගිය රජයට වඩා ඉතා සාර්ථකව කරනවා. කලාකරුවන් සදහා විශ‍්‍රාම වැටුපක් ආරම්භ කිරිමේ කටයුතු මූලික වශයෙන් ආරම්භ කළා. කලාකරුවන් සුබසාධනය සදහා ඒ අවශ්‍ය වැඩපිළිවෙළ කළා. ඒක නිසා මේ සියල්ල ගත්විට අපි රටක් විදියට ඉදිරියට යන්න අපේ තිබෙන හැකියාවන්, නිර්මාණශිලිභාවයන් බුද්ධිමත්භාවයන් ඒ සියල්ල සමග ඉතිහාසයේ මහා විශිෂ්ටත්වයක් ගොඩනැගී තිබෙන අපේ රට අද දවසේ එක්වෙලා හෙට දවස වෙනුවෙන් ගොඩනගන්න පුළුවන්. අපි ආසියානු කේන්ද්‍රිය බැදීමක් නොමැති විදේශ ප‍්‍රතිපත්තියක කි‍්‍රයා කරන නිසා අපිට ලෝකයේ සෑම රටකින්ම මම කළින් කිව්වා වගේ මිත‍්‍රශිලිභාවය තුළ අපට සහයෝගය ගන්න පුළුවන්. අද ලෝකයේ සෑම රාජ්‍යයක්ම එක්සත් ජාතින්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජපන් ජයිකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සියල්ල ඉතාමත් ධනාත්මකව අපේ රට දිහා බලන්නේ. ඒ සෑම කෙනෙක්ම අපිට උදව් කිරීමේ පවිත‍්‍ර චේතනාවෙන් කටයුතු කරන්නේ. ඒ නිසා අපි ගොඩනගාගෙන තිබෙන  ජාත්‍යන්තර මිත‍්‍රභාවය පිළිබද අපිට ඇගිල්ල දික් කළාට, චෝදනා කළාට ඒ අවංක මිත‍්‍රශිලිභාවය තුළ අපේ රට ගොඩනගාගෙන ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා. 

ඒ නිසා ඒ සියල්ලෙදීම මුලික වශයෙන් බලාපොරොත්තු වෙන සංහිදියා වැඩපිළිවෙළ සියලු ජනකොටස්වල සමගිය ශක්තිමත් කරමින් මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වළක්වලා රට ගොඩනැගීමේ කාර්යයේදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබද කාර්යය අපි මේ වන විට කරගෙන යන බව ඔබ දන්නවා. අපේ අවංක වූ පවිත‍්‍ර වු බලාපොරොත්තුව මේ රටේ ඒකීයභාවය ආරක්ෂාකරගෙන අපිට කරන විවේචන අපි ප‍්‍රතික්ෂේප කරනවා. බුද්ධාගමට හිමි තැන නැති කරනවා කියනවා. රට කඩනවා කියනවා, බෙදනවා කියනවා. මේ රටේ සංහිදියාව ශක්තිමත් කරමින් සමබර සංවර්ධනයක් සදහා යුක්තිගරුක සමාජයක් ගොඩනැගීම සදහා සාධාරණත්වය සැමට ඉෂ්ට කිරීම සදහා අපි බලාපොරොත්තු වෙන්නේ සංහිදියාව ශක්තිමත් කරමින් මේ රට ඉදිරියට ගෙන යන්න නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි. ඒ නිසා අපිට මේ සියලූ කටයුතුවලදි මේ සෑම කෙනෙක්ම ලබාදෙන සහයෝගය පිළිබදව සතුටු වෙනවා, ස්තූති කරනවා වගේම රටක් විදියට මේ තිබෙන ප‍්‍රශ්න අපිට පමණක් තිබෙන ප‍්‍රශ්න නොවේ. ඔබ දන්නවා තොරතුරු තාක්ෂණය තුළ මාධ්‍ය තුළ ලෝකය තුළ දවසේ පැය 24 ම ගත කරන නිසා අද ලෝකය තුළ තිබෙන තත්ත්වයන්. ආර්ථිකයන් තුළ තිබෙන තත්ත්වයන්. අන්තර්ජාතික වශයෙන් තිබෙන තත්ත්වයන්. ඒ අවුල් වියවුල් සෑම දෙයක්ම පිළිබද ඔබටත්, මටත් අවබෝධයක් තිබෙනවා. ඒ නිසා අපේ රටේ අද තිබෙන ප‍්‍රශ්න ලෝකයේ වෙනත් රටවල නැති ප‍්‍රශ්න නොවේ. අපේ රටේ මේ තිබෙන ප‍්‍රශ්ණ අලුතින් නිර්මාණය වු දේවල් නොවේ. 

ඒ නිසා අපි සෑම කෙනෙක්ම අපේ අත්දැකීම් සමග මේ රට ගොඩනගාගෙන ඉදිරියට යන්න පුළුවන්. අපිට හොද උගතුන් ඉන්නවා. අපිට හොද බුද්ධිමතුන් ඉන්නවා. අපිට හොද ආර්ථික විශේෂඥයින් ඉන්නවා. අපිට වැඩකරන්න පුළුවන් මහා ජවයක් තිබෙන උගත් පරපුරක් ඉන්නවා. මහා ශ‍්‍රම බලකායක් සමග. මේ සියල්ල සමග අපි අලුත් රටක් විදියට මේ රට ගොඩනගමු. ඒ නිසා අපි සෑම කෙනෙක්ම තුළම ඒ බැදීම තව තවත් ශක්තිමත් කරගෙන, වර්ධනය කරගෙන ඉදිරියට යමු.  ස්ථීර වශයෙන්ම අපිට ජයග‍්‍රහණය කරා යන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ ගෞරවනීය අවස්ථාවට සහභාගී වු සියලූදෙනා මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා වගේම අපේ රට ලෝකයේ උතුම් රටක් බවට පත් කිරීමට සමගියෙන්, සහජීවනයෙන් ජීවත්වන යහපත් රටක් බවට පත්කිරීමට සියලූදෙනාගේ බැදීම් තුළ අපි කටයුතු කරමු. හිස්, පුහු ඝෝෂවලට අපි සවන් දෙන්න අවශ්‍ය නැහැ. ආණ්ඩු පෙරළන, ආණ්ඩු වට්ටන හිස් බස් පස්සේ අපේ සවන යොමු කරන්න වුවමනාවක් නැහැ. අපි අපිට ජනතාව භාරදී තිබෙන වගකීම ඉෂ්ට කරමු. අපේ යුගයේ කාර්ය භාරය සහ වගකීම එයයි. ඒ නිසා අපිට ඔබ සියලුදෙනා කෙරෙහි තබා ඇති විශ්වාසය සමග රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා. එදා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශයේ තිබු කරුණු මත බොහොම පැහැදිළිව සදහන් කරලා තිබුනා අපි හදන ආණ්ඩුව සම්මුතිවාදී ආණ්ඩුවක් කියලා. 

අපි හදන ආණ්ඩුව ජාතික ආණ්ඩු සංකල්පයෙන් හදන ආණ්ඩුවක් කියලා. මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා දුන්නේ තිබෙන ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කළේ ඒ මැතිවරණ ප‍්‍රකාශයේ තිබු කරුණු අනුමත කරලා. සම්මුතිවාදී ආණ්ඩුවක් හදනවා කියන මැතිවරණ ප‍්‍රතිඥාව එහි සදහන් වෙලා තිබුණා. ඒ මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාවගෙන් කිසිම හඩක් ඇතිවුණේ නැහැ දිණුවට පස්සේ ප‍්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා සම්මුතිවාදි ආණ්ඩුවක් හදන්න එපා කියලා. ඒ නිසා අපි ආණ්ඩවුක් විදියට එකට වැඩකරගෙන යනකොට අවුරුදු 65 කට වැඩි කාලයක් අසමගියෙන් හිටපු ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් මරාගත්ත, ගහගහත්ත, ගෙවල් ගිනි තියපු, රැකියාවලින් දොට්ට දාපු දේශපාලන පක්ෂ දෙකක්, ප‍්‍රතිවාදින්ට හොදට හිරිහැර කරපු පක්ෂ දෙකක් ඒවා අමතක කරන්න බැහැ. එසේ හැටපස් වසරක ඒ දේශපාලන සංස්කෘතිය කණ පිට හරවලා, අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරලා ගහ මරාගත් ඒවා නැති කරලා වෛරය, ක්‍රෝධය, ද්වේෂය නැති කරලා සහෝදරත්වයෙන් රට ගොඩනගන්න එකතුවෙලා ආණ්ඩුවක් කරනකොට ඒකට කවුරුහරි ඇගිල්ල දිගු කරනවානම් ඒක බරපතල වැරුද්දක් කියලා මම කියනවා.

 මේ රටට ආදරය කරන හෑම කෙනෙක්ම අද බලය නොවේ ඉලක්ක කළයුත්තේ මම ඉතා පැහැදිළිව කියනවා මේ හුගක් අය ආණ්ඩු බලය නැති අයයි. මේ ඔක්කොම පසුගිය දශක කිහිපයේ නැති හඩක් නගන්න අරගෙන තිබෙනවා. තව අවුරුදු හතරකින් එහා තිබෙන මැතිවරණයක් ගැන කථා කරන්න වෙලා තිබෙනවා. තව අවුරුදු හතරකින් එහා ජනතාවට ලැබෙන අවස්ථාවක් ගැන කථා කරන්න පටන් අරගෙන තිබෙනවා. මම හිතන්නේ එය රටට, ජනතාවට සහ ජාතියට හොද දෙයක් නොවේ. අද ඉන්න හැම කෙනෙකුගේම වගකීම මේ බලයට පත්වෙලා තිබෙන අලුත් ආණ්ඩුවත් එක්ක රට ගොඩනගන්න සහෝදරත්වයෙන් ඒකරාශි වීමයි. ඒ නිසා අනාගත බලය පිලිබද පුහු ඝෝෂා මම දකින්නේ සමාජ විරෝධි ලෙසයි. රටේ අනාගතයට කෙරෙන විරෝධතා ලෙසයි. රටේ තිබෙන සැබෑ ප‍්‍රශ්න තේරුම් අරගෙන රටේ තිබෙන සැබෑ ප‍්‍රශ්න විසදීම සදහා සියලුදෙනාගේ එකමුතුව අවශ්‍ය වෙනවා. ඒ නිසා මාත් එක්ක කවුරුවත් අලුත් ආණ්ඩු හදන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ සියලුදෙනාටම මම කියනවා මේ තිබෙන ආණ්ඩුවත් සමග එකට එකතුවෙලා රට ගොඩනගන්න ඉදිරියට යමු කියලා. ඒ නිසා අද දවසේ මේ වැදගත් අවස්ථාවට සහභාගී වු ගෞරවනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකතුමන්ලාට සියලූ ආරාධිත් අමුත්තන් ඇතුලූ සියලූදෙනාටත් විශේෂයෙන් ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ් මහ ඇමතිතුමාට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. 

තිරසර යුගයක-තෙවසර ඇරඹුම ප‍්‍රධාන උත්සවය අමතමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කථාව