Sri Lanka Brodcasting Corporation

Tue04242018

Last updateTue, 24 Apr 2018 8pm

President's Speech

ධර්මසිරි සේනානායක 16 වන ගුණ සමරුව ජනපති ප්‍රධානත්වයෙන්...

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයකු සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු වන කෘතහස්ථ දේශපාලනඥ දිවංගත ධර්මසිරි සේනානායක මැතිතුමාගේ 16 වන ගුණ සමරු උත්සවය අද (24) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රධානත්වයෙන් වරකාපොල නගර ශාලාවේදී පැවැත්විණි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වන හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා වෙත විශේෂ සමරු තිලිණයක් පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර, ධර්මසිරි සේනානායක සමරු දේශනය ද ධර්මසිරි සේනානායක ගුණ සමරු කමිටුවේ සභාපති අතාවුද සෙනෙවිරත්න මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.