Sri Lanka Brodcasting Corporation

Mon05012017

Last updateSun, 30 Apr 2017 2pm

about Education Service

අධ්‍යාපන සේවය

ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් ආරම්භය සිිිදුවූයේ 1928 මාර්තු මස 08 වනදාය. 1931 මාර්තු වන විට පාසල් ගුවන්විදුලි සේවය ආරම්භ විය. පසු කාලයේදී 1987 මැයි වන විට අධ්‍යාපන සේවා වැඩසටහන් ප:ව: 2.30 සිට ප:ව: 4.00 දක්වා ප‍්‍රචාරය ආරම්භ කරන ලදී. එම වැඩසටහන් නැවත ප‍්‍රචාරය ස`දහා ප:ව: 6.00 සිට ප:ව: 8.35 දක්වා යොදවන ලදී. විවිධ වෙනස්කම් වලට ලක්වෙමින් පැමිණි අධ්‍යාපන වැඩසටහන් ගුවන් කාලය ,වෙනම විකාශයක් ලෙස 1994.06.22 දින සිට නව අධ්‍යාපන සේවය ආරම්භ විය. ප‍්‍රතිසංශෝධිත නව අධ්‍යාපන සේවය ගුවන් තක්ෂලාව නමින් විකාශය කරන ලදී.

වර්තමානයේදී අධ්‍යාපන සේවය සිංහල ස්වදේශීය සේවය ඔස්සේ සතියේ සෑම දිනකම ප:ව: 3.00 සිට ප:ව: 4.00 තෙක් විකාශය වේ. එසේම දෙමළ ස්වදේශීය සේවය ප:ව: 5.30 සිට ප:ව: 6.00 දක්වා සතියේ දින 05 ඇතුලත දෙමළ අධ්‍යාපන සේවයේ වැඩසටහන් විකාශය වේ. මීට අමතරව දහම් තක්ෂලාව නම් වැඩසටහන සිංහල ස්වදේශීය සේවය ඔස්සේ පෙ:ව: 9.00සිට පෙ:ව: 9.30 දක්වා විකාශනය වේ.අධ්‍යාපන වැඩසටහන් විධිමත් හා නොවිධිමත් අධ්‍යාපන වැඩසටහන් ලෙස විකාශනය කෙරේ.

සිංහල ස්වදේශීය සේවයෙන් ප‍්‍රචාරය වන අධ්‍යාපන වැඩසටහන් වන්නේ උ/පෙළ ඉංග‍්‍රීසි උ/පෙළ සන්්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යාපනය උ/පෙළ සිංහල, ජීව විද්‍යාව,සා.පෙළ සිංහල,ඉතිහාසය, විද්‍යාව සහ ගණිතය, ශිෂ්‍යත්ව ජය හුරුව, ඛැ්රබ * ඛැ්ා අසඑය ෑබටකසියල දෙමළන් කථා කරමු හා දහම් තක්සලාව යන වැඩ සටහන්ය.

දෙමළ සේවයෙන් ප‍්‍රචාරය වන වැඩසටහන් වන්නේ සාමාන්‍ය ඉංග‍්‍රීසි, දෙමළ උසස් පෙළ හෝ භූගෝල විද්‍යාව, දෙමළ සා.පෙළ, ගණීතය සා.පෙළ, විද්‍යාව සා.පෙළ හා ජීව විද්‍යාව, ඉංග‍්‍රීසි සා.පෙළ.

ප‍්‍රසිද්ධ පාසල් විභාග වන සා.පෙළ, උ.පෙළ හා ශිෂ්‍යත්ව විභාග අභියසදී දෙමසක කාලයක් නියමිත අධ්‍යාපන වැඩසටහන් රටාවෙන් බැහැර වී පුනරීක්ෂණ හා විභාග උපකාරක වැඩසටහන් ඉදිරිපත් කෙරේ. සම්මන්ත‍්‍රණ පවත්වා එම වැඩසටහන් විකාශනය කරයි. එසේම සෑම විභාගයකටම සතියක් පමණ පෙර දිනක විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්වරුන් කැඳවා අපේක්ෂකයින්ගේ පොදු විභාග ගැටලූ පිළිබඳ දුරකථන සංවාදයක් සජිවීව ඉදිරිපත් කෙරේ. මෙය දෙමළ සහ සිංහල සේවා 2 ඔස්සේම සිදු වේ.

SLBC SLOT EDUCATION01

SLBC SLOT EDUCATION02

SLBC SLOT EDUCATION03

SLBC SLOT EDUCATION04